
‘කර්මාන්ත ක්ෂේත්‍රයට අය වැයෙන් බදු සහන නැහැ ‘ - කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය
ඉදිරිපත් කිරීමට නියමිත අයවැය දී කර්මාන්ත ක්ෂේත්‍රයේ සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා හෝමාගම දී පැවසීය.
හෝමාගම පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්ත පුරයෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු අනාවරණය කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේ කීය.
ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැමිණ ඇති එකඟතා අනුව 15.1 % දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීම සඳහා පියවර ගතයුතුයි.
විශේෂයෙන් තියෙන වක්‍ර බදුවල අඩුවීමක් කාලයක් එක්ක තමා කරන්න වෙන්නේ. මොකද මේ අවුරුද්ද ඇතුළත බදු අඩුකිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව සියයට 15.1ක දළ දේශීය නිෂ්පාදිතයෙන් යම් බදු ප්‍රමාණයක් එකතු කරගත යුතුයි.
නමුත් මෙම ක්‍රියාවලියෙන් අපි එළියට එද්දි ආදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාවය වැඩිවෙද්දි ඒ සහන නැවත එම කාර්මාන්තවල නිෂ්පාදනවලට දෙන්න හැකියාවක් තියෙනවා.
එතැනින් එහාට ගියාම විශේෂයෙන් බැංකු කේෂ්ත්‍රයේ සහ කර්මාන්තවල තාක්ෂණික ආයෝජනවලට බදු සහන ලබාදීමට නව රජය බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියල්ල 17 අයවැයෙන් අපිට බලන්න පුළුවන්. අයවැය හරහා විශේෂයෙන් කර්මාන්තවලට අවශ්‍ය පහසුකම් හා සහාය ලබාදෙන්න තමා රජය බලාපොරොත්තු වෙන්නේ. අනාගතයේ වසර කිහිපයක් තුළ කර්මාන්තවලට සුදුසු පරිසරයක් බිහිකිරීම තමා රජයේ අරමුණයි.
කර්මාන්ත සඳහා භාණ්ඩ ආනයනය කිරීමේ දී නව බදු ප්‍රතිපත්තියක් හඳුවාදීමට පියවර ගන්නවා. බදු ප්‍රතිපත්තියක් අපි අලුතින් ගේනවා ටැරිෆ් පොලිසි කියලා, ඒකෙදි නිෂ්පාදන යෙදවුම්වලට තියෙන බදු අඩු හෝ ඉවත් කිරීමට සඳහා තමා ඒ ප්‍රතිපත්තිය ගේන්නේ. හැම කර්මාන්තකරුවෙකුම තමන්ගේ ආනයනික නිෂ්පාදන යෙදවුම් මොනවාද කියන එක අවබෝධයක් ලබාගෙන තියෙනවා.
ඊළඟට අපේ කර්මාන්තවලට තියෙන ඊළඟ ගැටලුව තමා විශේෂයෙන් අපි කොච්චර මහන්සියෙන් මේ රටේ කර්මාන්ත, නිෂ්පාදන කළත් ඉතාමත් අඩු මිලට බදු නොගෙවා සමහර වෙලාවට ඉන්වොයිස් වැලියුව් එක පහළට දාලා ආනයනයන් සිදුවෙනවා. මේ සඳහා අපි ආරක්ෂණයක් ගේනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
