
ආගමික ක්‍රියාදාමය දේශපාලන ආයුධ බවට පත් කරගන්න එපා! - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
රටේ සාමයට, සෞභාග්‍යයට සහ සුචරිතවාදයට ඉවහල් වන යෝජිත විශේෂ ආගමික ක්‍රියාදාමය දේශපාලන ආයුධ බවට පත් කර නොගෙන පළාත් පාලන මැතිවරණය අවසන් වූ පසු සිදු කිරීම වඩාත් සදාචාර සම්පන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) පැවසීය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අයවැය විවාදයට එක්වෙමින් හෙතෙම එහිදී මෙසේද කියා සිටියේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සමබිමක පැවැත්විය යුතුයි. එහෙත් රාජ්‍ය හස්තය උපයෝගි කරගෙන සංස්කෘතික සහ ආගමික ක්‍රියාදාමයන් මැතිවරණ කාලසටහන ඇතුළට දාලා. එසේ කටයුතු කිරීම සදාචාර සම්පන්නද?
මැතිවරණය පවත්වා දින කිහිපයක් ගිය පසුව ඒ විශේෂිත වූ සංස්කෘතික වශයෙන් වැදගත් මෑත කාලයේ සිදු නොවුණු ඓතිහාසික ක්‍රියාදාමයන් සිදු කිරීම සුදුසුයි නේද? එවැනි ක්‍රියාවලියක් මැතිවරණ කාලසටහනක් ඇතුළට ගෙනත් ක්‍රියාත්මක කිරීම අනිසි ලෙස ආගම දහම මැතිවරණ ක්‍රියාවලියට එක් කර ගැනීමේ වැඩපිළිවෙළක් දෝ කියලා බොහෝ දෙනාගේ සිත් තුළ සැකයක් ඇති වෙනවා. එම ආගමික ක්‍රියාවලිය රටේ සාමයට, සෞභාග්‍යයට, සුචරිතවාදයට ඉවහල් වනවා. ඒ ආගමික ක්‍රියාදාමයන් දේශපාලන ආයුධ බවට පත් කර ගන්න එපා. මැතිවරණ ක්‍රියාවලිය අවසන් වූ වහාම එම ආගමික කටයුත්ත සිදු කිරීම වඩාත් සදාචාරසම්පන්නයි කියා අපි යෝජනා කරනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
