පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සමඟ තමාට කිසිදු ගැටලුවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. "හර්ෂ සමග මට ප්‍රශ්නයක් නැති බවත් කොළඹ දිස්ත්‍රික් නායකත්වය තබා ගැනීමට මා ගත් තීරණයට එයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තම පක්ෂ නායකත්වයට අමතරව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් නායකත්වය තමාටම තබා ගැනීමට ගත් තීරණය ගැන කතා කරමින්. ඔහු පැවසීය.
අර්බන් සිටිසන් සංවිධානයේ සභාපති ශර්ම්ලා ගෝනවෙල ගරු ජනාධිපති අනුර දිසානායක මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටින්නේ ඇමරිකානු ආධාර සංවිධානයේන් මුදල් ලබා ගත් සියලු ජනතා නියෝජිතයන්, මාධ්‍යවේදීන්, ආයතන, සංවිධාන නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන ලෙසටත්, අප රටේ හර පද්ධතියට හා සමාජ සම්මතයන්ට ගරු නොකරන ඊට එරෙහිව කටයුතු කරන අග්‍රාමාත්‍ය තුමිය තව දුරටත් එම තනතුරේ ක්‍රියා කිරීමට නුසුදුසු බවත්ය. එම සම්පූර්ණ ලිපිය පහතින්
සමරිසි ප්‍රවර්ධන වැඩසටහන් මගින් සිදුකරනු ලබන්නේ ලෝක බෞද්ධයන්ගේ බෝවී පාලනය කිරීම බව ජනසෙත පෙරමුණේ නායක, බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසයි. උන් වහන්සේ මේ අදහස් පළකළේ පසුගියදා රත්නපුර දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සීලරතන හිමියන් මෙසේද පැවසීය.
එරන්ද ගිනිගේ මහතා තම බ්ලොග් අඩවියට ලිපියක් යොමුකරමින් පවසන්නේ USAID සංවිධානය විසින් ලෝකයේ බොහෝ රටවලට මෙන්ම කෝටි 240ක් වියදම් කර ශ්‍රී ලංකාවේද ආණ්ඩු පෙරළියට මඟ පැදූ බවත් ඊට එරෙහිව විරෝධය දැක්වූයේ දේශපාලන පක්ෂ නොව රටේ සිටින දේශප්‍රේමීන් බවත්ය. එම විරෝධය හුදෙක් පොහොට්ටුවේ ක්‍රියාවක් බවට චුලී චංග් කල්පනා කළ නිසාදෝ පොහොට්ටු කාර්යාලයට ගොස් සමාව ඉල්ලා ඇති මුත් එම විරෝධය සංවිධානය කළේ පොහොට්ටුව නොවන බව ඔහු පවසයි. එමෙන්ම ඉදිරියේදී ද එවැනි විරෝධතා සංවිධානය කරනු ලබන්නේ පොහොට්ටුව නොවන බවද ඔහු පවසයි. එමගින් ඔහු අදහස් කරනු ලබන්නේ ඉදිරියේදී ඇමෙරිකානු මැදිහත්වීම්වලට එරෙහි විරෝධතා දැඩි වන බවත් එවැනි විරෝධතා සංවිධානය කරනු ලබන්නේ දේශපාලන පක්ෂ නොව රටේ දේශප්‍රේමීන් බවය.
යාපනයේ තිස්ස රජ මහා විහාරය කඩා බිඳ දමන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීදරන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත යුතු බව විශ්‍රාමික ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසයි. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් රජය මෙවැනි තත්වයන් නොසලකා හැරිය හොත් ප්‍රචණ්ඩත්වයට අනුබල දීමක් සිදුවන බවත් මෙවැනි තත්වයකදී ක්ෂණිකව හා තීරණාත්මක ලෙස ක්‍රියා කිරීමට අපොහොසත් වුවහොත් මෙවැනි ක්‍රියාමාර්ග වලට දිගින් දිගටම ආණ්ඩුවට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ජගත් ඩයස් මහතා වැඩිදුරටත් පැවසීය.
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..