News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික ජන බලවේග ආණ්ඩුව ඊයේ (පෙබ. 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැයෙහි දිගුවක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන පැවසීය.

ජාතික ජන බලවේගය පක්ෂ නායකයින් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතව තිබේ.

රුසියාවේ අභ්‍යන්තර නොසන්සුන්තාව වැනි ගැටළු පැවතියද එම හානිය පාලනය කරමින් ඔවුන් ආර්ථිකය කළමනාකරණය කර ඇති ආකාරය ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා හොඳ උදාහරණයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා X පණිබිඩයක් නිකුත් කරමින් පවසයි.

රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රු. 15,750කින් වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය කතාවේදී සඳහන් කළත් රාජ්‍ය සේවක අවම මූලික වැටුප ශුද්ධ වශයෙන් වැඩි වන්නේ රු. 8250 කින් පමණයි. මෙයට හේතුව දැනට ලබාදෙන රු. 7500ක දීමනා එම රු. 15750 ක මුදලි

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසට උපදෙස් දී ඇති බව ඇය පවසා ඇත. ඒ කෙසෙල්වත්තල ගිම්පත ප්‍රදේශයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් ඇයගෙන් ප්‍රශ්නයක් විමසූ විට ඇය ඒ බව ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරකරණ වැඩසටහනේ පරාමිතීන් අනුව කටයුතු කිරීම රජයේ වගකීමක් බවත් ඒ අනුව මෙවර අයවැය රටට හොඳ අයවැයක් බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

2025 අය වැය ගොවියාට කිසිදු සහනයක් පැණි නැති වදයක් බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) මාධ්‍ය හමුවකට එක්වෙමිනි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා මෙසේද පැවසීය මේ අයවැයේ ඉතාමත්ම සාධනීය යෝජනාව තමයි නව දේශපාලන සංස්කෘතියක් සඳහා වූ මහජන නියෝජිතයෝ වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට වාහන බලපත්‍රය අහෝසි කිරීම. ඒ වගේම අනිත් පාර්ශවයන් සඳහා සැලකිය යුතු මට්ටමේ අයවැය යෝජනාවලිය පිළිබඳව පරණ පුරුදු ආණ්ඩුවලින් ඉදිරිපත් කරපු අයවැයට අඩු වැඩි විදියට සමගාමී අයවැයක් විශේෂයෙන්ම මේ රටේ කෘෂි නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න මේ රටේ ගොවියාගේ ආර්ථිකය ගොඩනගන්න කෘෂි නිෂ්පාදන පිරිවැය අඩුනරන් අවශ්‍ය යෝජනාවක් තිස්සේත්ම සඳහන් වෙලා නෑ. අපි බලාපොරොත්තු උනේ කෘෂි නිෂ්පාදන ආර්ථිකයන් ගොඩනගන්න අවශ්‍යය ඉතාමත්ම සාධනීය යෝජනාවලියක් අයවැය තුළින් එයි කියලා. හැබැයි අපිට පේන විදියට මේ අයවැය ගොවියාට හිස්ටින් එකක් වගේ අයවැයක් ගොවියාට ආයෙත් හිඟා කන්න හිස් බෙළෙක්ක දුන්න අයවැයක්. කෂි නිෂ්පාදන පිරිවැය අඩු කරන්ඩ විශේෂයෙන් වී ඇතුළු අතිරේක ආහාර භෝගවල පිරිවැය අඩු කරන්න කෘෂි යෙදවුම් සඳහා බද්ද අඩු කරලා නෑ, කෘෂි මෙවලම් සඳහා බද්ද අඩු කරලා නෑ. ඊළඟට සහල් කර්මාන්තයේ යෙදෙන සහ සහල් කර්මාන්තයේ යෙදෙන සහල් කර්මාන්තකරුවන්ගේ යන්ත්‍ර සූත්‍ර සඳහා අමතර කොටස් සඳහා ගහලා තියෙන බද්ද අඩු අඩු කරලා නෑ. ඒ කියන්නේ මේ අයවැයත් බදු පිට බදු ගහපු රජයේ එකම ආදායම බදු බවට පත් කරපු විශේෂ ස්පාදන ආර්ථිකය ගොඩනගනවාවා වෙනුවට බදු පිට බඳු ගහපු ආණ්ඩුවක් අයිඑම්එෆ් යෝජනා අනුව ලෝක බැංකු යෝජනා අනුව ආසියානු සංවර්ධන බැංකිය යෝජනා අනුව ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙන් කරන්නේ නැතුව අයිඑම්එෆ් එකේ අයවැය යෝජනාවක් ලෝක බැංකුවේ අයවැය යෝජනාව ආසියානුු සංවර්ධන බැංකුවේ අයවැය යෝජනාවක් විදිහට තමයි අපිට පේන්නේ එනිසා අපි කියන්නේේ මේක මී මැස්සො පිටින් පේන්න හිටියට වදේ මී පැණි නැති අයවැයක් ගොවියාට හිඟා හිඟා නොකා හිඟා කන්නෙත් හිස් බෙළෙක්කයක් දුන්නා හිස්ටින් එකක් වාගේ අයවැයක්.."

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් යනු කවුරුන්දැයි පැහැදිලි කරන පොස්ටුවක් අන්තර්ජාලයේ සංසරණය වෙයි. එමගින් චන්ග්ගේ ඉතිහාසය සහ වර්තමානයේ ඇයගේ භූමිකාවකෙසේ එකක්දැයි පැහැදිලි කර ඇත. එම පෝස්ටුව පහතින්

පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය හමුවේ අද (18) දිනයේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔවුන් දෙදෙනාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.


ප්‍රධාන පුවත්

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.