LTTEය සතුව තිබී යුද හමුදා භාරයට ගත් රත්‍රං රජයට භාරදෙයි..
යුද හමුදාව විසින් පසුගිය කාලයේ විවිධ විමර්ශන කටයුතු සඳහා රදවාගෙන තිබූ භාණ්ඩ තොගයක් අදාළ විමර්ශන නිමවීමෙන් අනතුරුව රජය වෙත භාරදීම යුද හමුදා මූලස්ථානයේදී අද (2) සිදුවිය.
යුද්ධය අවසන්වීමෙන් අනතුරුව LTTE සංවිධානයේ බැංකුවල හා එම සංවිධානය සතුව තිබී යුද හමුදාව මගින් තම භාරයට ගෙන විමර්ශන සඳහා මෙතෙක් රඳවා තබාගෙන තිබූ රත්‍රං, රීදී හා මැණික් ඇතුළු ස්වර්ණාභරණ මෙලෙස භාරදුන් භාණ්ඩ අතර විය.
ඒ අනුව ස්වර්ණාභරණ සහිත පාර්සල් 120ක් අද දිනයේදී පොලීසිය වෙත භාරදී තිබේ.
නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම භාණ්ඩ පාර්සල් පොලිස් ආරක්‍ෂාව යටතේ ශ්‍රී ලංකා මැණික හා ස්වර්ණාභරණ අධිකාරියේ මගින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත භාරදීමට නියමිතව ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දීප්ත ආරියසිංහ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූර්යආරච්චි යන මහත්වරුන් සහභාගි වූහ.
මෙම රන් භාණ්ඩ ස්වර්ණාභරණ අධිකාරිය මගින් පරීක්ෂාවට ලක්කිරීම අනතුරුව එහි වටිනාකම හා බර ප්‍රමාණය ප්‍රකාශයට පත්කර මාධ්‍යයට දැනුවත් කිරීමට නියමිතව ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..