සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ (20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4.3 ක් හෙවත් කෝටි 430 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලී චන්ග් මහත්මිය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල යන මහත්වරු බත්තරමුල්ල සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී හමුවී ඇත. ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම පිළිබඳව එහිදී සිදුවූ බව ඔවුන් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වනු දැකීම ඇමෙරිකාවේ අපේක්ෂාව බවත් රජයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබා දෙන බවත් ජුලී චන්ග් මහත්මිය මෙහිදී සඳහන් කර ඇත. මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා ද සහභාගීවී තිබේ.
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී ඊයේ (20) පැවසීය. ජනාධිපතිවරයා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි පාර්ශවයන්හි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. පසුව මාධ්‍යට අදහස් දක්වමින් මෙසේද පැවසීය. පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පැවැත්වීමට කටයුතු කරනවා. එම ඡන්දයට නාමයෝජනා බාරදුන් සන්ධාන අද නැහැ. ඒ සන්ධාන කැඩිලා. මේ නිසා ප්‍රශ්න නියෙනවා. නාම යෝජනා අවලංහු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ අනුව පනත සංශෝධනය කර ජනවාරි මාසයේදී පනත සම්මත කර ගන්නවා. ඊට පසු ඡන්දය පවත්වන්න පුළුවන්.
ප්‍රධාන පුවත්
අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි.. සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්..
සලේට දිනපතා නීතිඥ සහාය බෑ, පුළුවන් සතියකට වතාවයි.. - ශානිගේ තීරණයට සලේගේ බිරිඳගෙන් දැඩි විරෝධය
පළාත් සභාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව..
වත්මන් ආණ්ඩුව ලබා ගත් විදෙස් ණය ඩොලර් මිලියන 1,850 පනී..
භාණ්ඩාගාර මංකොල්ලය: වැරැද්ද කාගෙද?.. මහ බැංකුවයි-භාණ්ඩාගාරයයි මූණට මූණ ඇනකොටා ගනී!
විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර