News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කළ ගිවිසුම් පුර්ණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ නැවත විභාගයට ගන්නා ලෙස ඉල්ලා මහජන අත්සන් ව්‍යාපාරයක්..

Aug 11, 2025 at 11:09 AM
|

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් 07 ක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ඉකුත් දා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර, එම පෙත්සම් ගොනුකර තිබුනේ ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු තවත් ජාතික සංවිධාන නියෝජිතයන් පිරිසක් සහ විනිවිද පදනම විසිනි.

එම නියෝගය සම්බන්ධයෙන් කරුණු සඳහන් කරමින් විනිවිද පදනම අන්තර් ජාලයේ පළ කර ඇති වාර්තාවක දැක්වෙන්නේ එම නඩුකර මහජන අයිතිය බලගන්වමින් පවරන ලද ජාතික වැදගත් කමකින් යුත් නඩු දෙකක් වුවද අගවිනිසුරු පද්මන් සුරසේන මැතිතුමා විසින් එම නඩුකර දෙක විභාග කිරීමට පත්කරන ලද්දේ අවමය වූ විනිසුරුන් දෙදෙනෙකු පමණක් බවය.

මෙම තීන්දුවත් සමගම රටේ පවතින නීතියේ ස්වභාවය හා අධිකරණය පිළිබඳ මහත් ව්‍යාකූලත්වයක් හට ගෙන තිබෙන බව හැඟෙන බවද එම පදනම විසින් පෙන්වා දෙන අතර, රටට හා ජනතාවට මෙන්ම දේශයේ අනාගතයටත් බලපාන මෙම තීරණය ඉවත් කර මහජන අයිතිය බලගන්වමින් පවරන ලද එම නඩු දෙක පුර්ණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ නැවත විභාගයට ගන්නා ලෙස ගරු අග්‍ර විනිශ්චකාරතුමාගෙන් ඉල්ලා සිටින බවද එම පදනම ඉල්ලා සිටියි.

එසේම මෙම තීන්දුව සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගැනීමට අත්සන් ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක කර ඇති බවත් එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

අදාළ සවිස්තරාත්මක වාර්තාව පහළින්..

රට විකුණු අනුර මෝදි හොර ගිවිසුම් අවලංගු කරමු!

සියලුම පක්ෂ පාට පසෙක ලා මාතෘ භුමියේ ගෞරවය, ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට අපි ඇප කැප වෙමු !

නීතිපති වෙනුවෙන් ගෙන තිබෙන ස්ථාවරයන් ව්‍යවස්ථාවට හා නීතියට පමණක් නොව සදාචාරයට හා හෘද ශාක්ෂියට ද විරුද්ධ දේශද්‍රෝහී හා දීන බව විදහා දක්වන්නක් බව අවම බුද්ධියක් හෝ ඇති ඕනෑම පුරවැසියෙකුට නිරායාසයෙන්ම ඒත්තු යයි.

ඔබත් මාතෘ භුමියේ ගෞරවය,භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය ගරු කරන නිදහස්, නිවහල්, ස්වාධීන පුරවැසියෙක් වන්නේ නම් අධිකරණ තීන්දුව අභියෝග කිරීම සඳහා පෙළ ගැසෙනු ඇතැයි අපේක්ෂා කර සිටිමු !

අගවිනිසුරුතුමා ඇතුලු සියලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වෙත

 ශ්‍රී ලංකාව යනු ඉන්දියාවේ හෝ වෙනත් කිසිම රටක දේපලක් නොවුවද අද වන විට ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලනියක් බවට පත්කිරීමේ සියලුම පියවර ගෙන අවසන්ය. ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ගිවිසුමකට වෙනත් රටක් සමග නොඑළඹීමට ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ගිවිසුම් ගත වී අතර ඉන්දියාව සමග 2025 අප්‍රේල් 5 වන දින ඇති කරගන්නා ආරක්ෂක ගිවිසුම ඇතුළු ගිවිසුම් 7 ක් රටේ ජනතාවට හෙළි නොකිරීමට ඉන්දියාවේ ඉල්ලීම මත කටයුතු කර ඇත.

අංක SCFR/91/2025 හා අංක SCFR/104/2025 දරන නඩු

ශ්‍රී ලංකාවේ ස්වාධිනත්වය හා භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය රහසිගතව හා ව්‍යවස්ථා විරෝධීව ඉන්දියාවට පාවාදෙන එම ගිවිසුම්, විනිවිද පදනම (SCFR/104/2025) සහ ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු තවත් 6 දෙනෙක් (SCFR/91/2025) විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභයෝග කරන ලදී.  බැලූ බැල්මටම එම නඩුකර මහජන අයිතිය බලගන්වමින් පවරන ලද ජාතික වැදගත් කමකින් යුත් නඩු දෙකක් වුවද අගවිනිසුරු පද්මන් සුරසේන මැතිතුමා විසින් එම නඩුකර දෙක විභාග කිරීමට පත්කරන ලද්දේ අවමය වූ විනිසුරුන් දෙදෙනෙකු පමණකි.

රජය වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල ලේකම් විසින් දිවුරුම් ප්‍රකාශයක් නීතිපති මාර්ගයෙන් ගරු ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලදී.

2025.08.04 දින එම පෙත්සම් දෙක ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් වන අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් සලකා බලන ලදී.

පෙත්සම්කරුවන් වෙනුවෙන් සිදුකරන ලද කරුණු දැක්වීම (මාධ්‍ය වාර්තා අනුව)

එහි දී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහරා ද සිල්වා සහ නීතිඥ කණිෂ්ක විතාරණ විසින් එම ගිවිසුම් මගින් ජනතාවගේ පරමාධිපත්‍ය බලයත්, රටේ ආරක්ෂාවත්, ස්වාධිනත්වයත් උල්ලංඝනය වන බවත්, එසේ හෙයින් එම ගිවිසුම්වලට අත්සන් තැබීමට තීරණය කරන ලද ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් හා එම ගිවිසුම් වලට අත්සන් තබා තිබෙන රාජ්‍ය නිලධාරීන් විසින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටත් කරුණු දක්වන ලදී.

එහි දී ශ්‍රී ලංකාවේ ස්වාධිනත්වය පමණක් නොව රටේ හා ජනතාවගේ අත්ම ගරුත්වය පවා ඉන්දියාව ඉදිරියේ දණ ගස්වා තිබෙන පහත සඳහන් ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් කෙරෙහි පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් විසින් ගරු අධිකරණයේ අවධානය යොමු කරන ලදී. එනම්,

(අ) ගිවිසුම්වලට අදාළ තොරතුරු අනාවරණය නොකරන ලෙස ඉන්දීය රජය ඉල්ලීමක් කර ඇති නිසා අදාළ තොරතුරු හෙළිදරව් කළ නොහැකි බවට රජය ප්‍රකාශ කර ඇති බව

(ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වගකීමට බැඳී සිටින බව

(ඇ) විදේශීය රාජ්‍යයක් සමග ගිවිසුම්වලට එළඹීමේදී ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කර ඊට අනුමැතිය ලබා ගත යුතු බව හා මෙවැනි කටයුතු සම්බන්ධයෙන් තම අභිමතය පරිදි කටයුතු කිරීමේ බලයක් ජනාධිපතිවරයා වෙත පැවරී නොමැති බව

(ඈ) මෙවැනි ක්‍රියා නිසා පකිස්ථානය වැනි අසල් වැසි රාජ්‍යයන් සමග පවතින සබඳතාවලට අහිතකර ලෙස බලපෑ හැකි බව

(ඉ) ගිවිසුම්වල අන්තර්ගත කරුණු ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ජනාධිපතිවරයා ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව

(ඊ) තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම ගිවිසුම්වලට අදාළ තොරතුරු ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කළත් ජනාධිපතිවරයා මෙවැනි ගිවිසුම්වලට අත්සන් කර නැති නිසා එහි පිටපත් නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා දැනුදී තිබෙන බව

(උ) ජනාධිපතිවරයා විසන් විධායකයේ ප්‍රධානයා හා සේනාධිනායකයා ලෙස ඔහු වෙත පැවරී තිබෙනඑම ව්‍යවස්ථාපිත යුතුකම් හා වගකීම පැහැර හැර තිබෙන බව

මාධ්‍ය ඔස්සේ වාර්තා වී  තිබෙන ඉහත දේශණ අනුව මහජනතාව වන අපට තහවුරු වන්නේ ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් ව්‍යවස්ථාවේ මූලික වගන්ති අමු අමුවේ උල්ලංඝනය කර තිබෙන බවයි.

(අ) ජනතාව, පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය

ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ලංකාව නිදහස්, ස්වෛරී ස්වාධීන ජනරජයක් වන අතර  (ආ.ක්‍ර.ව්‍යවස්ථාවේ 1 වන වගන්තිය) ශ්‍රි ලංකාවේ  පරම අධිකාරී බලවතා වන්නේ ජනතාව පමණි. ජනරජයේ පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය විසින් මෙහෙයවන්නේ ජනතාව සතු එකී අධිකාරි බලය නොහොත් පරමාධිපත්‍ය බලය යි. එනම් සමස්ත රාජ්‍ය පාලනය කිරීමේ බලතල ඇත්තේ ජනතාවටයි (3 හා 4 වන වගන්ති). මහජන විශ්වාසය ආරක්ෂා කරමින් රාජ්‍ය බලය ජනතාවගේ යහපතට ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී සිටියි. මහජන විශ්වාසය ආරක්ෂා කිරීමට හා බලගැන්වීමට අධිකරණය බැඳී සිටියි  [4 (ඇ) වගන්තිය]. ඒ අනුව එකී ජනතා විශ්වාසය ආරක්ෂා කරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා රටේ නීතියට යටත්ව අවංකව හා ස්වාධීනව ජනතාවගේ අධිකරණ බලය, ජනතාව පමණක් සතුවන පරමාධිපත්‍ය බලය සහ මුලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කිරීමට,  බලගැන්වීමට සහ යුක්තිය පසඳලීමට, අධිකරණය බැඳී සිටියි [ 4 (ඈ) සහ 105 වගන්ති].

(ආ) නිශ්චිත සීමිත කාලසීමාවකට රාජ්‍ය පාලනයට පත්කරන පාර්ලිමේන්තුවේ සහ විධායක ජනාධිපතිවරයාගේ වගකීම

රජය කෙරෙහි තබා ඇති ජනතා විශ්වාසය ද,  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය ද ආරක්ෂා කරමින් වසර පත්වන සීමිත වසර 5 ක කාලය තුල රාජ්‍ය පාලනය කිරීමට ජනරජයේ විධායක ජනාධිපතිවරයා සහ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීන් නීතියෙන් බැඳී සිටියි [30 (2) ව්‍යවස්ථාව] සහ 62 (2) ව්‍යවස්ථාව]. එහිදී එම සියළුම ආයතන සහ පුද්ගලයන් මෙන් ම මහජන විශ්වාසය හා පිළිගැනීම ආරක්ෂා කිරීමට බැඳී සිටින සියළුම විනිසුරන් ද රටේ මුලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමටත්, මහජන විශ්වාසය රකිමින් තම ධුරයේ කටයුතු කිරීමටත් නීතියෙන් බැඳී සිටියි (ව්‍යවස්ථාව IV උපලේඛණය).

නීතිපතිගේ ස්ථාවරය (මාධ්‍ය වාර්තාවලට අනුව)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එසේ පනවා තිබුන ද නීතිපතිගේ ස්ථාවරය ඊට පටහැනි බවට ජනාවට නිරීක්ෂණය වී තිබේ. එහි දී  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසන ලද්දේ;

(අ) සාමාන්‍යයෙන් මෙවැනි ගිවිසුම්වලට එළඹීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සාමාන්‍ය පටිපාටිය. අමාත්‍ය මණ්ඩලයේ සිටින්නේ ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ය. ඔවුන් මෙම ගිවිසුම් පිළිබඳව දැනුවත් වීමක් සිදුවී ඇත. එම නිසා මෙම ගිවිසුම් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැති බවට පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු පදනම් විරහිතය.

(ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වන ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වන්නේ ආයෝජන සම්බන්ධයෙන් විදේශීය රාජ්‍යයන් සමග ඇතිකර ගන්නා ගිවිසුම්, ද්විත්ව බදු ගිවිසුම් ය. මෙවැනි අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.

(ඇ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වගකීමට බැඳී සිටිය ද ජනාධිපතිවරයාට ලැබෙන සියලු තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට නියමයක් නොමැත.

ජනතාවගේ නිරීක්ෂණය

නීතිපති වෙනුවෙන් ගෙන තිබෙන ස්ථාවරයන් ව්‍යවස්ථාවට හා නීතියට පමණක් නොව සදාචාරයට හා හෘද ශාක්ෂියට ද විරුද්ධ දේශද්‍රෝහී හා දීන බව විදහා දක්වන්නක් බව අවම බුද්ධියක් හෝ ඇති ඕනෑම පුරවැසියෙකුට නිරායාසයෙන්ම ඒත්තු යන්නේ ය. ඒ කෙසේ ද යත්,

(අ) ඉන්දීයාවේ ඉල්ලීමට කීකරු වෙමින් ජනතාවට හා රටට, වර්තමානයට මෙන්ම අනාගතයට බලපාන කරුණු ඇතුලත් ජාත්‍යන්තර ගිවිසුම් (රාජ්‍ය ආරක්ෂාවට බලපාන ගිවිසුමක් ද ඇතුලුව) ජනතාවගෙන් වසන් කිරීම සාධාරණ හා නීත්‍යානුකූල බව පැවසීම කොතරම් දීන, දේශද්‍රෝහී හා ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශයක් ද?

(ආ) කැබිනට් මණ්ඩලයේ සිටින්නේත් පාර්ලිමේන්තු මන්ත්‍රින් නිසා කැබිනට් මණ්ඩලය ප්‍රශ්ණගත ගිවිසුම් සම්බන්ධව දැනසිටීම පාර්ලිමේන්තුව ට ඒවා සම්බන්ධයෙන් දැනුම් දීමකට සමාන කිරීමට උත්සාහ කිරීම කෙතරම් අමනෝඥ ද?

(ඇ) ජනතාවට, රටට හා රටේ අනාගතයට, ජාත්‍යන්තර සම්බන්ධතාවලට හා ජනතා පරමාධිපත්‍ය බලයට සෘජුවම බලපාන ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධව ජනතාවට හා පාර්ලිමේන්තුවට දැනුම් දීමට ජනාධිපතිවරයා බැඳී නොසිටීම හා ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීම හා ඒවා ජනතාවගෙන් සඟවා තබා ගැනීමේ ජනාධිපතිගේ ක්‍රියාව සාධාරණීයකරණය කිරීම කොතරම් ජනතා විරෝධී හා සදාචාර විරෝධී වන්නේ ද? එය ජනතා පරමාධිපත්‍ය බලය උදුරා ගැනීමක් හෝ යටපත් කිරීමක් නොවන්නේ කෙසේ ද?

ආණ්ඩුව විසින් ජනතාව දිගින් දිගටම රවටා තිබීම

ඉහත ගිවිසුම් සම්බන්ධව ආණ්ඩුව දිගින් දිගටම ජනතාවගෙන් කරුණු වසන් කිරීමට මුල සිටම උත්සාහ ගෙන තිබේ. ඒ කෙසේ ද යත්,

(අ) අදාල ගිවිසුම් කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද බවට කියා ඇති කිසිදු දිනයක දී ඒවා එසේ ඉදිරිපත් කරන ලද බවට කැබිනට් ප්‍රකාශක විසින් මාධ්‍යට හෙලිදරව් කර නොමැති අතර කැබිනට් මාධ්‍ය නිවේදන වල එම ගිවිසුම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කර නොමැත.

(ආ) අමාත්‍ය විජිත හේරත් විසින් 2025.04.06 දින පාර්ලිමෙන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ තොරතුරු දැනගැනිමේ පනත යටතේ ඉල්ලුම් කර එම ගිවිසුම් පිළිබඳව අනාවරණය කර ගත හැකි බවයි.

(ඇ) එම ගිවිසුම් සම්බන්ධව කැබිනට් ප්‍රකාශකගෙන් 2025.04.08 වන දින කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී විමසා සිටිය දී  ඔහු (අමාත්‍ය නලින්ද ජයතිස්ස) කියා සිටියේ, සමහර කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවයේ (ඉන්දියාවේ ද) එකඟතාවය ඒවා හෙලි කිරීම සඳහා අවශ්‍ය බවත්, එවා සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්ය. එසේම “එතකල් සිටීමට අමාරුනම් තොරතුරු දැනගැනීමේ පනතින් අහන්න පුලුවන්’’ යනුවෙන් ද ප්‍රකාශ කර සිටින ලදී.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසා සිටිය දී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එවන ලද පිළිතුර සම්බන්ධව අධිකරණයේ දී හෙලිදරව් වූ කරුණු ඉහතින් සඳහන් කර ඇත.

විභාගයට නොගැනීම

එහෙත් නීතිපති වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගෙන තිබෙන අතර එම නඩු දෙකම විභාගයට දින නියම නොකරම නිෂ්ප්‍රභා කර ඇත.

අධිකරණය හා නීතිය පිළිබඳ ව්‍යාකූලතාවක් හට ගෙන තිබීම

මෙම තීන්දුවත් සමගම රටේ පවතින නීතියේ ස්වභාවය හා අධිකරණය පිළිබඳ මහත් ව්‍යාකූලත්වයක් හට ගෙන තිබෙන බව අපට හැඟේ. මීට සති කිහිපයකට ඉහත දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ප්‍රසිද්ධ දේශණයක දී කියා සිටියේ මෙසේය.

(අ) ලිඛිත නීතිය මගින් පාර්ලිමේන්තුව විසින් පරිපාලන නිලධාරින් වෙත වගකීම් හා වගවීම් පවරා තිබේ.

(ආ) එම වගකිම් ඉටු කිරීමට අවශ්‍ය බලතල ද නීතියෙන් ම ලබා දී තිබේ.

(ඇ) එහෙත් ඒවා ක්‍රියාත්මක කල යුතු ආකාරය ලිඛිත නීතියේ සඳහන් නොවේ. ඒවා සඳහන් වන්නේ නඩු තීන්දු වල වේ. පරිපාලන නීතිය විනිශ්චයකාරවරුන් විසින් විකාශණය කරන්න ක් වේ.

(ඈ) එම වගකීම් ස්වභාවික යුක්ති ධර්මයේ මූලධර්ම අනුව සත්බාවයෙන් හා මහජන සුභසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කල යුතු වේ.

(ඉ) පරිපාලන ක්‍රියාවක් කුමන තත්වයන් යටතේ කවර ආකාරයට සිදු කල යුතු ද යන්න පැහැදිලි විය යුතු වේ (මෙය ජනාධිපති සමාව සම්බන්ධයෙන් ගත් තීරණයට අදාලව පවසන ලදී)

එසේ තිබිය දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේන් ජනාධිපති පාර්ලිමේන්තුවට (හා ජනතාවට) වගකීමට බැඳී සිටිය ද, එම වගකීම් ඉටු කිරීමට බලතල ජනාධිපති වෙත ව්‍යවස්ථාවෙන් ම ලබා දී තිබුන ද ඒ සියල්ල අමතක කර දමා මහජන පරමාධිපත්‍යට සෘජුවම බලපාන ජාත්‍යන්තර ගිවිසුම් විදේශීය රටක ඉල්ලීම පිට රහසිගතව තබා ගනිමින් බලාත්මක කිරීමට කටයුතු කිරීම කොතරම් දුරට සත්බාවයෙන් යුතුව මහජන සුබසිද්ධිය වෙනුවෙන් කරන ලද ක්‍රියාවක්ද යන බවට සාමාන්‍ය ජනතාවට නම් නොවැටහෙන බව කිව යුතුය. එහි දී එම ගිවිසුම් වලට ඇතුලත් වීම, ඒවායේ අන්තරගතය තීරණය කිරීම, ඒවා හෙලි නොකිරීමට ඉන්දියාව සමග එකඟ වීම යනාදිය කවර තත්වයන් යටතේ කුමන ආකාරයෙන් කුමන හේතුන් මත සිදුකර තිබේ ද යන්න ජනතාවගෙන් වසන් කර ඇත.

තීන්දුවට හේතූන් අනාවරණය කරන ලෙස ඉල්ලා සිටීම

එබැවින් එක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමකු විසින් ජනතාව ඉදිරියේ පැහැදිලි කරන ලද පරිපාලන නීතියේ මූලධර්ම උල්ලංඝනය කරමින් ජනාධිපති විසින් සිදු කරන ලද රහසිගත ක්‍රියාවන් අනුමත කරමින් තවත් විනිසුරු මඩුල්ලක් විසින් සමස්ත රටටම බලපාන කාරණයක් සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවට හේතුන් දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත.

නීතිය, නීතියේ පාලනය හා අධිකරණය සම්බන්ධව ව්‍යාකූත්වයක් නිර්මාණය වීම

ජනතාව විසින් එකී තීරණය නොදැන සිටියෙත් මෙහි සඳහන් ව්‍යාකූලත්වය සමාජය තුල අධිකරණය හා නීතිය කෙරෙහි ඇති විශ්වාසය හා නීතියේ පාලනය බිඳ හෙලීමට හේතු වනු ඇත. නීතිය සැමට හා සෑම විටම ඒකාකාරව හා සාධාරණව ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිථල අති භයානක ය. නීතියේ කඩා වැටීමත් සමග දූෂණය හා ප්‍රචන්ඩත්වය ද වර්ධනය වීම වැලැක්විය නොහැකි ය.

අගවිනිසුරුතුමා ඇතුලු සියලු විනිසුරන්ගෙන් කරනු ලබන ඉල්ලීම

ජනරජයේ පාලන අධිකාරිය වන ජනතාවට වංචාකරමින් සහ කරුණු වසන් කරමින් ඉන්දීය රජයට ලංකාවේ ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවය පාවාදීමට එකඟ වෙමින් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වනු ඇතැයි ඉන්දීය රජය සලකන කිසිම රටක් සමග සබඳතාවට නොපැවැත්වීමට එකඟවෙමින් 2025 අප්‍රේල් 5 වන දින ඉන්දියාව සමග කොළඹදී අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම ඇතුළු ගිවිසුම් 7 ක් ඉන්දියාවේ ඉල්ලීම මත ජනතාවගෙන් වසන් කරන ලද බව නීතිපති අධිකරණය වෙත දැනුම් දී තිබියදී, එහි ඇති බැරෑරුම් තත්වය නොසලකා හැරීමෙන්, හා ඉන්දීය ආරක්ෂක ගිවිසුම ඇතුළු අනෙකුත් ගිවිසුම් සියල්ල සෘජුව හෝ ව්‍යාංගව අනුමත කරමින් මහජන අයිතිය බලගන්වමින් අධිකරණය හමුවේ පවරන ලද නඩු දෙකම විභාගයකින් තොරව 2025 අගෝස්තු මස 04 වන දින ප්‍රතික්ෂේප කිරීම, මෙහි අත්සන් තබන අපගේත් සමස්ත රට වැසියාගේත් දැඩි අවධානයට යොමු ව ඇති බව කියා සිටිමු.

රටට හා ජනතාවට මෙන්ම දේශයේ අනාගතයටත් බලපාන මෙම තීරණය ඉවත් කර මහජන අයිතිය බලගන්වමින් පවරන ලද එම නඩු දෙක පුර්ණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ නැවත විභාගයට ගන්නා ලෙස ගරු අග්‍ර විනිශ්චයකරු වන ඔබ තුමන් ඇතුලු සියලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගෙන් ඉල්ලා සිටිමු.

මෙම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින්නේ සමස්ත ජනතාවගේ ම අභිවෘද්ධිය හා සුබසිද්ධිය වෙනුවෙනි.

නිදහස් නිවහල් පුරවැසියන්ගේ වගකීම

ඔබත් මාතෘ භුමියේ ගෞරවය,භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය ගරු කරන නිදහස්, නිවහල්, ස්වාධීන පුරවැසියෙක් වන්නේ නම්, ඉහත සඳහන් ශ්‍රේෂ්ඨාධිකරණ නිගමණය අභියෝග කිරීම ඔබ පිළිගන්නේ නම්, මෙම පෙත්සම පිළිගෙන එය අනුමත කරන ලෙස ඔබ සැමගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

අද දින (2025.08.10)  සිට ක්‍රියාත්මක වන පරිදි  දින 7 ක් තුල රට මුහුණ දී ඇති මෙම කණගාටුදායක තත්ත්වය සම්බන්ධව අවංකවම කම්පා වන 1000 කට අධික නිදහස්, නිවහල් පුරවැසියන් පිරිසක් මීට අත්සන් තැබීම මගින් එම  අධිකරණ තීන්දුව අභියෝග කිරීම සඳහා පෙළ ගැසෙනු ඇතැයි අපේක්ෂා කර සිටිමු.

අත්සන් තැබීම සඳහා පහළ සබැඳියෙන් පිවිසෙන්න..

https://vinividafoundation.org/lets-cancel-the-fraudulent-agreements-of-anura-modi-who-sold-the-country/

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.