මුලතිව් මුත්තියාන්කට්ටු වැවෙහි තිබී හමු වූ පුද්ගල මළ සිරුර ගැන විශේෂ විමර්ශනයක්..
මුලතිව් මුත්තියාන්කට්ටු වැවෙහි තිබී පුද්ගල මළ සිරුරක් හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිසිය පැවසුවේ මුත්තියාන්කට්ටු ශිවනගර් යුද හමුදා කඳවුරට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් පළවා හැරීමේදී එක් අයෙක් මෙලෙස වැවෙහි ගිලී මියගොස් ඇති බවය.
මුලතිව් ඔඩ්ඩුසාන් මුත්තියාන්කට්ටු වැවෙහි පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබුණේ පසුගිය 09 වැනිදායි.
ඒ ප්‍රදේශවාසීන් පිරිසක් විසිනි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය වෙත ඊයේ නිවේදනයක් නිකුත්කර තිබුණි.
එහි සඳහන් වන්නේ මුත්තියාන්කට්ටු ශිවනගර්හි පිහිටි, යුද හමුදා 12වන සිංහ රෙජිමේන්තු කඳවුරට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් පළවාහැරිමට එම නිලධාරීන් කටයුතු කර ඇති අතර එහිදී පලාගිය එක් අයෙක් වැවෙහි ගිලී මියගොස් ඇති බවය.
එම යුද හමුදා කඳවුර ඉවත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බවත් එහිදී කඳවුරෙන් ඉවත් කෙරෙන යකඩ සහ වෙනත් දෑ රැගෙනයාමට පසුගිය 07වැනිදා රාත්‍රියේ පුද්ගලයින් පස් දෙනෙකු එම කඳවුරට ඇතුළුවී ඇති බවත් එහි සඳහන් වේ.
එහිදී කඳවුරේ නිලධාරීන් ඔවුන්ව දැක තිබූ අතර එම නිලධාරීන් පිරිස පලවාහැරීමට කටයුතු කර ඇති බව නිවේදනයේ සඳහන් වේ.
පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී සැකපිට සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
එහිදී එක් සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ කඳවුරට ඇතුළු වූ පිරිසට පහරදීමක් සිදුව ඇති බවට අනාවරණ වීමත් සමගය.
අනෙකුත් සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ එම පිරිසට කඳවුරට ඇතුළුවීමට සහ සොරකමට අනුබලදීමේ චෝදනා මත බව පොලිසිය සඳහන් කළේය.
එම සෙබළුන් තිදෙනා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු මෙම මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මුත්තියාර්කට්ටු වැවේ ගිලීගොස් මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහලේදී සිදුකළ අතර එහිදී ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..