GMOA දීප ව්‍යාප්ත වර්ජනය අත්හිටුවයි..
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ දීප ව්‍යාප්ත වර්ජනයක අත්හිටුවා තිබේ.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර, සිය ඉල්ලීම්වලට අද පෙරවරු 8 ට පෙර විසඳුම් ලබා නොදෙන්නේ නම් මෙය ක්‍රියාත්මක කරන බව පවසා තිබුණි.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව, සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර සලකාබලමින් මෙලෙස දීප ව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවා ඇත.
නිවේදනය පහළින්..
විශේෂ නිවේදනය
▪️රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව, ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා සමග පැවති සාකච්ඡාවේදී එළඹි එකඟතාවයන්ට ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර සලකා බලමින්,
හෙට දින උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව විසින් තීරණය කරන ලදී.
▪️වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ ගැටළුවට අදාළ කරුණු සහ එකඟතාවයන් ක්‍රියාත්මක වීමට අදාල ප්‍රවණතාවයන් සමීපව නිරීක්ෂණය කරමින්, ඉදිරි ක්‍රියාමාර්ග තීරණ කරනු ඇත.
▪️අක්‍රමවත් සහ දෝෂ සහිතව ප්‍රකාශයට පත් කරන ලද, පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුව නිවැරදි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ විය යුතු අතර, නිවැරදි ක්‍රමවේදය මත සකස් කරන ලද පුරප්පාඩු ලැයිස්තුව ප්‍රකාශයට පත් වන තුරු, වෘත්තිය ක්‍රියාමාර්ගයක් ලෙස එම ලැයිස්තුවට අයදුම් කිරීමෙන් සියලු පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් වැළකෙනු ඇත.
ස්තූතියි
මාධ්‍ය කමිටුව
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..