අමෙරිකානු ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පත්වීමත් සමග USAID සංවිධානය සම්බන්ධයෙන් කථිකාවක් ආරම්භ වී ඇති බවත් මෙම සංවිධානයේ මුදල් වලින් රටවල් රැසක ආණ්ඩු පෙරළිම සදහා සහ ආණ්ඩු පත්කිරීම සදහා කටයුතු කර ඇති බවත් ලංකාවේද එම සංවිධානයෙන් මුදල් යොදාවා ඇති බවත් එහි මුදල් ලබාගත් නාමලේඛනවල රාජයේ උසස් තැනැත්තන් සිටින බැවින් ජනාධිපතිවරයා වහාම මැදිහත්වී මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් දෙවන පරපුරේ නායක උවිදු විජේවීර මහතා ප්‍රකාශ කරයි.
පසුගිය ගෝඨාභය ආණ්ඩුව මෙන්ම වර්තමාන මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා මහන්සි වූ නම සඳහන් කිරීමට අකමැති නීතිඥ මහතෙකු සඳහන් කරන්නේ ගෝඨාභය කාලයේදී සීනි හා පොල්තෙල් ආනයන බදු වංචාවලින් රුපියල් බිලියන 37ක් රටට අහිමි කළ ජාවාරම්කාර ආනයන සමාගම් විසින් එදා විපක්ෂයේ කට වැසූ ආකාරයට මෙදා ද එවැනිම ආකාරයට බහාලුම් මගඩිය පිළිබඳව විපක්ෂයේ කට වසා ඇති බවය.
අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන් ආර් කනසල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිවු දෙනෙකුට එරෙහිව පැමිණිල්ල අගෝස්තු 07 වැනි දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (13) නියම කළාය.
ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත්වීමට Adani Green Energy Ltd තීරණය කර තිබෙනවා. ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් මේ වන විට ලබාගෙන තිබියදීත් මෙතෙක් විසඳීමට නොහැකි වූ පාරිසරික නිෂ්කාෂණයන් සහ දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් උපුටා දක්වමින් මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර
හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..
සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..
සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..
ධවල මන්දිරයට එල්ල වීමට තිබු ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ..
ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..
උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව
වසවිලාන් හමුදා රෝහලේ ඉදිකිරීම් වහාම නවත්වනු! - වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභා සභාපති යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලියයි