අසෝක රන්වල කතානායකතුමා යැවූ පාරේම වෛද්‍ය ජගත් වික්‍රමරත්න කතානායකතුමාත් යවන්න වෙයි.. - උදය ගම්මන්පිල
පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
මේ රටේ තුන්වන පුරවැසියා වගේම පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කතානායකතුමා පාර්ලිමේන්තුවට බොරු කියලා නොමග යවලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න ඉන්න පුද්ගලයාම පාර්ලිමේන්තුවේ ගෞරවය කෙලසලා තිබෙනවා. මේ බරපතල සිදුවීම වෙන්නේ විශ්වාස භංග යෝජනාවක් පදනම් කරගෙන.
විපක්ෂයෙන් අරුණ ජයසේකර නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමාට එරෙහිව භාර දුන් විශ්වාස භංග යෝජනාව විවාදයට නොගෙනම ප්‍රතික්ෂේප කලා. නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනා පළමු වතාව මෙන්ම විශ්වාස භංග යෝජනාවක් විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කළ පළමු අවස්ථාව ලෙසයි මෙම සිදුවීම පාර්ලිමේන්තු ඉතිහාසයට එකතු වෙන්නේ. මෙම යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම ගැන තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරමින් කතානායකතුමා ප්‍රකාශ දෙකක් කලා. සැප්තැම්බර් 10 වන දා කළ පළමු ප්‍රකාශයෙන් කිව්වේ නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගැන නීතියේ හෝ සම්ප්‍රදායේ නැති නිසා ප්‍රතික්ෂේප කරනවා කියලා. එතකොට සම්ප්‍රදායේ නැතිව ඒ අමිර්තලිංගම් විපක්ෂ නායකතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවේ කොහොමද කියලා විපක්ෂය ප්‍රශ්න කලා. වැඩේ වැරදුනා කියලා තේරුණු කතානායකතුමා සැප්තැම්බර් 25 වන දා තවත් ප්‍රකාශයක් කලා. ඒ ප්‍රකාශයෙන් කිව්වේ නියෝජ්‍ය ඇමතිවරුන්ට වගකීමක් පවරලා නැති නිසා විශ්වාස භංග යෝජනාවක් ගේන්න බෑ කියලා. ඇමතිවරයා විදේශගත වන විට නියෝජ්‍ය ඇමතිවරුන්ට වගකීම් පවරන නිසාත් ජනාධිපතිතුමා විදෙස් ගත වන සෑම අවස්ථාවකම වැඩ බලන ආරක්ෂක ඇමති ලෙස අරුණ ජයසේකර නියෝජ්‍ය ඇමතිතුමා පත් කරන නිසාත් මේ ප්‍රකාශයට පදනමක් නෑ කියලා විපක්ෂය කිව්වා. මේ අවස්ථාවේ කතානායක කිව්වේ තමන්ගේ ප්‍රකාශ වලට පදනම් කර ගත්තේ නීතිපති මතය සහ පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලයේ මතය කියලා. එහෙම නම් ඒ අය දුන්නු වාර්තා සභාගත කරන්න කියලා ගයන්ත කරුණාතිලක මන්ත්‍රිතුමා දිගින් දිගටම පීඩනයක් එල්ල කලා.
විපක්ෂයේ පීඩනය දරා ගන්න බැරි වුණාම මේ වාර්තා සභාගත කලා. අපිත් ඒවා ගෙන්නා ගෙන අධ්‍යනය කලා. ඒ වාර්තා වල මොකද තිබෙන්නේ? නීතිපතිතුමාගෙන් විමසා තිබුණේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පවතින නඩු හේතුවෙන් පාර්ලිමේන්තුවට මේ විශ්වාස භංග යෝජනාව විවාද කරන්න පුළුවන් ද කියලා. ඒත් නීතිපතිතුමා දැනුම් දුන්නේ පවතින නඩු වලින් මේ විවාදයට කිසිම බාධාවක් නෑ කියලා. ඒ අත්තේ එල්ලෙන්න බෑ කියලා තේරුණාම ඊට පස්සේ කතානායකතුමා ලේකම් මණ්ඩලයේ මතය විමසලා තිබුණා. ලේකම් මණ්ඩලය කියන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම් සහ සහකාර මහ ලේකම් ඒකාබද්ධව කටයුතු කරන එකයි. ලේකම් මණ්ඩලය වාර්තා දෙකක් දීලා තිබුණා. ඒ අය කියලා තිබුණේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව විශ්වාස භංග යෝජනාව වෙනුවට censure motion නැතිනම් බරපතල ලෙස හෙලා දැකීමේ යෝජනාවක් ගේන්න පුළුවන්. මීට පෙර නියෝජ්‍ය ඇමතිවරයෙකුට විශ්වාස භංග යෝජනාවක් ගෙනැවිත් නැතත් ඔහු තනතුරු දරන්නෙකු නිසා ලංකාවේ සම්ප්‍රදාය අනුව ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්න පුළුවන්. දෙකෙන් එකක් ඔබතුමා තෝරා ගන්න කියලා. මේ කිසිම වාර්තාවක නියෝජ්‍ය ඇමතිවරයෙකුට විශ්වාස භංග යෝජනාවක් ගේන්න බෑ කියලා නෑ.
මේ සිදුවීමෙන් අපට මොකක්ද පේන්නේ? අපි දන්නේ නැති වුණාට අරුණ ජයසේකර ඇමතිතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීම ආණ්ඩුව ලොකු අර්බූදයකට තල්ලු වෙන දෙයක් වෙනවා. ආණ්ඩුවට මන්ත්‍රිවරු 159ක් සිටින නිසා මේ විශ්වාස භංග යෝජනාව ලෙහෙසියෙන්ම පරදන්න පුළුවන්නෙ. එහෙම නම් ආණ්ඩුව බය වෙලා තිබෙන්නේ විවාදයේ දී මතු වෙන්න ඉඩ තිබෙන ආන්දෝලනාත්මක තොරතුරකටයි. ඒ නිසා මේ යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කරන්න කියලා පැලවත්තෙන් හරි ජනාධිපතිගෙන් හරි වෙනත් යම් කෙනෙකුගෙන් හරි කතානායකතුමාට නියෝගයක් ලැබිලා තිබෙන්න ඕනි. නැතිනම් පාර්ලිමේන්තුව නොමග යවලා මේ විවාදය මග හරින්න කතානායක පෙළෙඹෙන්නේ ඇයි? මුලින්ම නීතිපතිගේ ඇඟේ එල්ලිලා යෝජනාව ප්‍රතික්ෂේප කරන්න නීතිපතිගේ මතය විමසුවා. නමුත් නීතිපති විවාදය කරන්න නඩු වලින් බාධාවක් නෑ කිව්වා. ඒ පාර ලේකම් මණ්ඩලයේ එල්ලෙන්න බැලුවා. ඒ අයත් විවාදය කරන්න පුළුවන් කිව්වා. කරන්න දෙයක් නැති වුණාම ඒ අයගේ වාර්තා අනුව කියමින් යෝජනාව ප්‍රතික්ෂේප කරලා පාර්ලිමේන්තුව නොමග යැව්වා.
ජනාධිපති, ශ්‍රේෂ්ඨාධිකරණය සහ නීතිපති වගේම ලේකම් මණ්ඩලයත් සිය මතය දැනුම් දෙන්නේ කතානායකට. මේ අය එවන සංදේශ ගැනත් කතානායක බොරු කියලා පාර්ලිමේන්තුව නොමග යවන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මේ කතානායක පුටුවේ වාඩි කරගෙන තව දුරටත් පාර්ලිමේන්තුවට පවතින්න බෑ. කතානායකතුමා වහාම ඉල්ලා අස්විය යුතුයි. දුරාචාර්ය අසෝක රන්වල කතානායකතුමා යැවූ පාරේම වෛද්‍ය ජගත් වික්‍රමරත්නත් මහතාත් ගෙදර යවන්න ඕනි. මේ නොමග යැවීම පදනම් කරගෙන විපක්ෂය අනිවාර්රයෙන්ම කතානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්න ඕනි. විශ්වාස භංග යෝජනාව පරාජයට පත් කළත් කතානායක සැබෑ ස්වරූපය හෙලිදරව් කරන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නොවේ, මාසයක් විතර කතානායකට තනතුරේ කටයුතු කරන්න බැරි වෙනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කතානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් භාර දුන්නු දවසේ සිට ඡන්දය විමසන දවස දක්වා ඔහුට කතානායක ධූරයේ කටයුතු කරන්න බෑ. මේ කළ කැත වැඩේට ඒකත් හොඳ දඩුවමක්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්