News Category
From Date
To Date
Maximum Number of Result

එස්. බී. දිසානායක මහතා රූපවාහිනී සංවාදයකට එක් වෙමින් 'නෑ කියන්නේම නෑ " කියන එක පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ වයිරල් වූ බවත් එය අද ආණ්ඩුවේ තියරිය බවට පත්කර ගෙන ඇති බවත් අද (12) පොදුජන පෙරමුණෙ මාධ්‍ය හමුවකට එක් වෙමින් සංජීව එදිරිමාන්න මහතා පැවසීය.

ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කිරීමට ලෝකයේ සියලු රටවල් එකට එකතු වන ලෙසට තමා ආයාචනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ලෝක රාජ්‍ය සමුළුව ඊයේ (12දා) ආමන්ත්‍රණය කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“ගොවිතැනේ කූඩිත්තෝ සහ අම්බරුවෝ” නමින් සම්මන්ත්‍රණයක් ගොවි ජාතික සමුළුව විසින් අගුණකොළපැලැස්ස, උස්වැව පිහිටි ගැමිදිරිය ශාලාවේදී අද (12) පැවැත්වීමට නියමිතව තිබුණි. එය ආරම්භ කිරීමට පෙර එතැනට කඩා වැදුණු පිරිසක් බලහත්කාරය යොදවා එය කඩාකප්පල් කරනු ලැබීය.

විවිධ හේතූන් මත ශ්‍රී ලංකා වරාය අධිකාරියට ආසන්න වශයෙන් රුපියල් බිලියන 5 ක ආදායමක් අහිමි වී ඇත. අතුරුදන් වූ හෝ සාවද්‍ය වාර්තා හේතුවෙන් බදුකරුවන් සොයාගැනීමට නොහැකි වීම ඇතුළු ගැටළු ඊට හේතුවී ඇතැයි වාර්තා වේ.

අන්තවාදී තර්ජනයන්ට ලක්ව ඇති යාපනය තිස්ස රජ මහා විහාරය ඇතුලු උතුරේ බෞද්ධ උරුමය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහ ඉන් පරිභාහිරව ක්‍රියාත්මකවන අන්තවාදින් සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන නිහඩ පිළිවෙත පිළිබඳ ගැටළුකාරී තත්වයක් මතුව ඇති බව දේශප්‍රේමී දේශප්‍රේමී ජාතික බලවේගයේ නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

ඉදිරිපත් කිරීමට නියමිත අයවැය දී කර්මාන්ත ක්ෂේත්‍රයේ සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා හෝමාගම දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබේ.

විදුලි බල පද්ධතිය සම්බන්ධයෙක් කිසිදු ආණ්ඩුවක් සාධාරණ විසදුමක් ලබාදී නැති බවත්, සියලුම අෘණ්ඩු සිදුකළේ පැවති ආණ්ඩුවල වැරදි කියමින් සිටි බවත් මේ ආණ්ඩුවද සිදුකරන්නේ ඒයම පමණක් බවත් නාමල් රාජපක්ෂ මහතා පවස

රෝහින්‍යා මුස්ලිම් ත්‍රස්තවාදය අතලඟ... එකමුතු නොවුනොත් මියැදෙන සිංහල මහා වෘක්ෂය.. යන මැයෙන් වීඩියෝවක් හෙළ අභිමන් ජාතික පෙරමුණේ නායක ආචාර්ය සුපුන් ජයසිංහ මහතා විසින් සමාජ මාධ්‍යයට යොමුකර ඇත. කාලීන වැදගත්කම සලකා එම වීඩියෝව අප මෙහි පළකරන්නෙමු.


ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතා සතු ජාතික ආරක්ෂාවට අදාළ අතිශය රහසිගත බුද්ධි තොරතුරු සහ පරිගණක මුරපද (Passwords) ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටින බවත්, එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් බලධාරීන්ට ලබාදීම රට පාවාදුන් “මිලේනියම් සිටි” පාවාදීමටත් වඩා භයානක අපරාධයක් හා විනාශයක් රටට අත්පත්කර දීමක් බවත් ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි අක්කර 108ක ඉඩමක් කර්මාන්ත සහ බහාලුම් (container) ව්‍යාපෘතියක් සඳහා වසර 50කට බදු දීමට සහ ඒ සඳහා ආයෝජකයින් කැඳවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා රඳවා සිටියදී නිරුවත් කර පරීක්ෂාවකට ලක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිගත් බව සූරේෂ් සලේ මහතාගේ බිරිඳ, මනෝරි සලේ මහත්මිය පවසන්නීය.

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් ආයතනය 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම (Asia’s Greatest Brands 2026) අතරට තේරී පත්ව ඇති අතර, එහි නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයන් (Asia’s Greatest Leaders 2026) අතරට නම් කර ගෞරවයට පාත්‍ර කර ඇත.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..

හිටපු බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රහස් පොලිසිය (CID) මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් 2026 ජූනි 24 වන අඟහරුවාද පස්වරු 3.00 ට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරෙන ද්විපාර්ශ්වික වෙළඳ කටයුතුවලදී ඇමෙරිකානු ඩොලරය මත යැපීම අවම කර, දෙරටේ දේශීය මුදල් ඒකක වන රුපියල් භාවිතයෙන් සෘජුවම ගනුදෙනු පියවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව

උතුරු පළාතේ සිංහල ජනාවාසවල අවසන් සීමාව සනිටුහන් කරන පදවි ගොවි ජනපදයේ බෝගස්වැව ඇතුළු ගම්මාන රැසක බෞද්ධ ජනතාව ඉලක්ක කරගනිමින් ඉතා සූක්ෂම බෞද්ධහරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

වසවිලාන් හමුදා රෝහලේ ඉදිකිරීම් වහාම නවත්වනු! - වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභා සභාපති යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලියයි

යාපනයේ වාසවිලාන් ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නව යුද හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙස වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.