බාල බෙහෙත් එවුවේ ඇයි දැයි ඉන්දියාවෙන් අහයි..
ශ්‍රී ලංකාවේ භාවිත වන ඇතැම් ඉන්දියානු ඖෂධ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මතුව ඇති බරපතල ගැටලු පිළිබඳව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විද්වත් සංසදය විසින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
ඒහි සභාපති රවී කුමුදේශ් මහතාගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපිය මගින් පෙන්වා දෙන්නේ, ඉන්දියාවේ 'Man Pharmaceuticals' ආයතනය නිෂ්පාදනය කළ Ondansetron එන්නත ලබා දීමෙන් පසු රෝගීන්ට ඇති වූ සංකූලතා පිළිබඳව වාර්තා වී ඇති බවයි.
මහනුවර ජාතික රෝහලේ සිදු කරන ලද රසායනාගාර පරීක්ෂණ මගින් අදාළ එන්නත් සාම්පලවල බැක්ටීරියා දූෂණයක් පවතින බව අනාවරණය වී ඇත.
මෙම පරීක්ෂණ වාර්තා පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින් මාධ්‍ය වෙත කරුණු අනාවරණය කර ඇති අතර, ඒ අනුව අදාළ Ondansetron එන්නත භාවිතය වහාම අත්හිටුවා තිබේ.
මීට අමතරව, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) සිදු වූ මරණයකට ද මෙම නිෂ්පාදනය හේතු වී ඇති බවට පවතින සැකය මත, 'Man Pharmaceuticals' ආයතනය නිෂ්පාදනය කළ තවත් එන්නත් වර්ග 09ක් භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඒවායේ විෂබීජවලින් තොර බව (Sterility) සහ ක්ෂුද්‍රජීවී ආරක්ෂාව පිළිබඳ මතුව ඇති ගැටලුයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) හරහා මෙරටට ආනයනය කර ඇති මෙම එන්නත් සඳහා ඉන්දියාවේ OASIS Test House සහ SIPRA Laboratories ආයතන මගින් සම්පූර්ණ විශ්ලේෂණ වාර්තා (Full Analytical Reports) නිකුත් කර තිබූ බව එම ලිපියෙහි සඳහන් වේ. අමෙරිකානු ඖෂධ සංග්‍රහයේ (USP) ප්‍රමිතීන්ට අනුකූල බවට එම වාර්තා මගින් සහතික කර තිබියදීත්, බැක්ටීරියා දූෂණයන් හඳුනා ගැනීම මගින් අදාළ රසායනාගාර වාර්තාවල නිරවද්‍යතාවය සහ විශ්වාසනීයත්වය පිළිබඳව දැඩි ප්‍රශ්නාර්ථයක් මතු වී ඇත.
ශ්‍රී ලංකාවේ භාවිත වන ඖෂධවලින් 60% ක්ම ඉන්දියානු නිෂ්පාදන වන අතර, නව රජය ඉන්දියානු ඖෂධ සංග්‍රහය (Indian Pharmacopoeia) මෙරට ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ මෙම ප්‍රමාණය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම තත්ත්වය තුළ ඉන්දියානු ඖෂධ කෙරෙහි මහජනතාව තුළ අනියත බියක් හෝ අවිශ්වාසයක් ඇතිවීම වැළැක්වීම අතිශය වැදගත් බව විද්වත් කලාපය පෙන්වා දෙයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් ශ්‍රී ලංකා බලධාරීන්ට ලබා දෙන ලෙසත් ඖෂධ සැපයුම් දාමයේ විනිවිදභාවය සහ විශ්වාසනීයත්වය තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත්ය.
මෙම ලිපියේ පිටපත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන් වෙත ද යොමු කර ඇත
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි