News Category
From Date
To Date
Maximum Number of Result

මඩකලපුව ප්‍රදේශයේ පුරාවිද්‍යා නාම පුවරු ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි.

කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ පසුගිය දා බ්‍රැම්ප්ටන් නගරයේ නගරාධිපති පැටි්‍රක් බ්‍රවුන් විසින් දෙමළ ඊළාම් ධජය ඔසවමින් එල්.ටී.ටී.ඊ සංකේත ප්‍රදර්ශනය කිරීම හෙළා දකිමින් යාපනය සිවිල් සමාජ මධ්‍යස්ථානයේ සභාපති අරුන් සිද්ධාර්ථන් මහතා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩාවේ මහ කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා බ්‍රිතාන්‍යයේ සිදු කරන සංචාරයක් අතරතුරදී ලන්ඩනයේදී එල්.ටී.ටී.ඊ. (LTTE) හිතවාදීන් පිරිසකගේ විරෝධතාවලට මුහුණ දී තිබේ.

2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාවක් විමර්ශනය කරමින් සිටින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි නෛතික ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.

කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ පසුගිය නොවැම්බර් 21 වැනිදා දෙමළ ඊළාම් ජාතික ධජ දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණි. එය කැනඩාවේ සහ උතුරු ඇමෙරිකාවේ එවැනි පිළිගැනීමක් සිදු කළ පළමු මහ නගර සභාව වේ. බ්‍රැම්ප්ටන් නගරයේ නගරාධිපති පැටි්‍රක් බ්‍රවුන් මෙම දිනය විස්තර කර තිබුණේ “ඊළාම් දෙමළ ජාතියේ සාමූහික අනන්‍යතාව සහ ජන සංහාරයට එරෙහි අඛණ්ඩ ප්‍රතිරෝධය සංකේතවත් කරන” දිනයක් ලෙසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදනයකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අසෝබන අයුරින් කතා කර ඇතැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී අද (23) පැවසීය.

තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීම සඳහා කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නන්දන ගුණතිලක මහතා චෝදනා කරයි.

මාලිමා ආණ්ඩුව ජාවාරම්කාරයන් මුලිනුපුටා දමන බවට වහසි බස් දෙඩුව ද රුපියල් ට්‍රිලිනයකට අධික බදු පොලු තැබූ සියලු ජාවාරම්කාරයන් වර්තමාන ජනාධිපති යටතේ ඉතාම සුරක්ෂිත බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජිනීවාවල රඟදැක්වූ නාට්‍යයේ පටපත ලියූ අය සතුටු කිරීම සඳහා ආණ්ඩුව සෑම උත්සාහයක්ම දරන බවත්, ඩයස්පෝරාවේ අපේක්ෂා ඉටු නොකරන්නේ නම් ඊළඟ මැතිවරණය දිනාගත නොහැකි බවට ප්‍රකාශයක් අධිකරණ අමාත්‍යවරයා ඉකුත් දා රූපවාහිනී නාලිකාවක දී පැවසූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.