78 වන නිදහස් දිනය “කළු දිනයක්” ලෙස ප්‍රකාශයට පත් කිරීමට දරන උත්සාහය හෙළා දකිනවා - අරුන් සිද්ධාර්ථ්
සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක සහ ප්‍රමුඛ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අරුන් සිද්ධාර්ථ් මහතා ප්‍රකාශ කළේ, 2026 පෙබරවාරි 04 වන දිනට යෙදෙන ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය “කළු දිනයක්” ලෙස ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කරමින් විශ්වවිද්‍යාල සිසුන් ලෙස පෙනී සිටින ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් තමන් දැඩි ලෙස හෙළා දකින බවයි.
අරුන් සිද්ධාර්ථ්, අද (2026.02.03) යාපනයේ පිහිටි ඔහුගේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.
අරුන් සිද්ධාර්ථ් තවදුරටත් පවසා සිටියේ:
“සිංහල, දෙමළ හෝ මුස්ලිම් භේදයකින් තොරව, යාපනය විශ්ව විද්‍යාලය ක්‍රියාත්මක වන්නේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ බදු මුදල් මත ය. එවැනි ආයතනයක අධ්‍යාපනය ලබමින් ශ්‍රී ලංකා රජය විසින් සපයනු ලබන නිදහස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම භුක්ති විඳින අතරතුර, මෙම පුද්ගලයින් මෙම ඊනියා ‘කළු දින’ නාට්‍යය රඟ දක්වන්නේ හුදෙක් විදෙස් රටවල සිට ක්‍රියාත්මක වන එල්ටීටීඊයට සම්බන්ධ ආවරණ සංවිධාන විසින් එවන ලද මුදල් ලබාගැනීම සඳහා ය.
ඔවුන්ට සැබවින්ම එවැනි විශ්වාසයක් තිබේ නම්, ඔවුන් පළමුව රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් ඉවත් වී මේ රට විසින් ලබා දී ඇති සියලුම වරප්‍රසාද අත්හැර, පසුව ඔවුන්ගේ විරෝධතාවල නිරත විය යුතුය. එවැන්නක් නොකර, ඔවුන් විදේශ මුදල් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටින පුද්ගලයින්ගේ සැබෑ මුහුණුවර ජනතාව තේරුම් ගත යුතුව ඇත.
1974 දී, එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය යාපනය විශ්ව විද්‍යාලය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ , මේ හා සමාන ආකාරයකින් කළු කොඩි ඔසවා, යාපනයේ විශ්ව විද්‍යාලයක් ස්ථාපිත නොකළ යුතු බවට ඉල්ලා සිටිමින් දින දෙකක හර්තාලයක් සංවිධානය කරන ලදී. එවැනි විරුද්ධත්වයන් මැද පවා මෙම අවස්ථාවාදීන් පුද්ගලයින්ගේ චෝදනාවලට නිරතුරුව බඳුන්වූ ‘සිංහල ආණ්ඩු’ අප වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලය ස්ථාපිත කරන ලදී.
ශ්‍රී ලංකා රජය විසින් ලබා දෙන නිදහස් අධ්‍යාපනය භුක්ති විඳීන අතරතුරම, ‘විශ්ව විද්‍යාල සිසුන්’ ලෙස පෙනී සිටින අවස්ථාවාදීන් අතලොස්සක් විසින්, කිසිදු ලැජ්ජාවකින් තොරව, නිදහස් දින දා කළු කොඩි ඔසවන්නට ඉදිරිපත් වී සිටිති.
"උතුරේ දෙමළ ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙම දාමරිකකම් සහ අකටයුතුකම්වලට යටත් නොවී, ඔවුන්ගේ නිවෙස්වල, කාර්යාලවල සහ ව්‍යාපාරික ආයතනවල ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඔසවමින් නිදහස් දිනය සමරන ලෙසයි.”
ඔහු තවදුරටත් මෙසේ ද පැවසීය:
“යම් අයෙකු ව්‍යාපාර හිමියන්ට තර්ජනය කිරීමෙන් හෝ බලහත්කාරයෙන් ඔවුන්ගේ වෙළඳසැල් වසා දැමීමට හෝ බිය ගැන්වීමට උත්සාහ කරන්නේ නම්, වහාම අප දැනුම්වත් කරන ලෙස ඉල්ලා සිටිමු. එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සහ ඔවුන් නීතියේ රැහැනට හසුකිරීම සහතික කිරීමට අවශ්‍ය සහාය අපි ලබා දෙන්නෙමු.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..