News Category
From Date
To Date
Maximum Number of Result

නිදහසින් පසු ගෙවී ගිය කාලයෙන් 60%ක්ම ශ්‍රී ලංකාව ගත කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් යටතේ... රට මූල්‍ය අරමුදලේ ගොදුරු බිමක් වෙලා.. - විමල් වීරවංශ

Feb 3, 2026 at 07:38 PM
|

ශ්‍රී ලංකාව මේ වන විට ඉතිහාසයේ නොවූ විරූ මට්ටමේ භයානක සහ තර්ජනාත්මක දේශපාලන හා ආර්ථික අගාධයකට ඇද වැටී ඇති බවත්, වර්තමාන පාලකයින් විසින් රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගොදුරු බිමක් බවට පත් කර ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය පෙබරවාරි 02 වනදා බත්තරමුල්ලේ පිහිටි පක්ෂ කාර්යාලයේදී, දිස්ත්‍රික්ක හතක් සඳහා ජාතික නිදහස් පෙරමුණේ නව දිස්ත්‍රික් සංවිධායකවරුන් පත් කිරීමේ උත්සව අවස්ථාවට පක්ෂ නායකයා ලෙස සහභාගී වෙමිනි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා කියා සිටියේ, මීට වසර 10කට පෙර තමන් අනතුරු ඇඟවූ ආකාරයටම රටේ ආර්ථිකය අද වන විට බංකොලොත් වී ඇති බවයි. නිදහසින් පසු ගෙවී ගිය කාලයෙන් 60%ක්ම ශ්‍රී ලංකාව ගත කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් යටතේ බව ඉන්දියානු ආර්ථික විශේෂඥයින් පවා පෙන්වා දී ඇති බව ඔහු සිහිපත් කළේය.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල අනාවරණයක් කරමින් ඒ මහතා කියා සිටියේ, උතුරේ ජාතික ආරක්ෂාව තහවුරු කරන ප්‍රධාන මර්මස්ථානය වන යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය ගලවා ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවයි. ඩයස්පෝරාවේ උවමනාව මත සිදුකරන මෙම පාවාදීම හරහා ජාතික ආරක්ෂාව බිල්ලට දෙමින් පවතින බවත්, මෙය රටේ ස්වෛරීභාවයට දැඩි තර්ජනයක් බවත් ඔහු අවධාරණය කළේය.

එසේම වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සංස්කෘතික මූලයන්ගෙන් ගැලවුණු "යාන්ත්‍රික නරුම පරපුරක්" නිර්මාණය කිරීමට උත්සාහ කරන බවටද ඔහු චෝදනා කළේය. හය වසර පෙළපොත් මොඩියුල සඳහා අසභ්‍ය වෙබ් අඩවි සබැඳි ඇතුළත් කිරීම සහ ඉතිහාස විෂය අවතක්සේරු කිරීම පිළිබඳව ඔහු දැඩි විවේචනයක් එල්ල කළේය.

මෙම විනාශකාරී ගමන නතර කළ හැක්කේ ජාතික නිදහස් පෙරමුණ වැනි නිවැරදි දැක්මක් සහිත දේශපාලන ව්‍යාපාරයකට පමණක් බවත්, ඒ සඳහා ග්‍රාම සේවා වසම් මට්ටම දක්වා පක්ෂය ශක්තිමත් කිරීමට කැපවිය යුතු බවත් වීරවංශ මහතා නව සංවිධායකවරුන් අමතා පැවසීය. මෙම අවස්ථාවට පක්ෂයේ ප්‍රධාන ලේකම් විජිත සිරි, ජාතික සංවිධායක ජයන්ත සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවේදී විමල් වීරවංශ පැවැත්වූ 

දේශනයේ සම්පූර්ණ පිටපත මෙසේය...

මේ අවස්ථාවට සහභාගී වී සිටින ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් විජිත සිරි සහෝදරයා, ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය ජයන්ත සමරවීර සහෝදරයා ඇතුළු මේ අවස්ථාවට සහභාගී වී සිටින අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සියලුම සාමාජික සහෝදරවරුනි, ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ දිස්ත්‍රික් නායකත්ව ධජය තමන් අතට ගැනීම සඳහා ඉදිරිගාමීව ඒ වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම භාර ගැනීම සඳහා මේ අවස්ථාවට සහභාගී වී සිටින සියලුම අපේ දිස්ත්‍රික් නායක, ඒ දිස්ත්‍රික් නායක පත්වීම් ලබපු සියලුම සහෝදරවරුනි, මේ අවස්ථාවට සහභාගී වී සිටින හිතවතුනි, ඔබ සියලු දෙනාගෙන් අවසරයි. 

අද අපි සැලකිය යුතු කාලයක් මේ දිස්ත්‍රික් පත්වීම් ලබපු සහෝදරවරුන් සමඟ දේශපාලන වශයෙන් කටයුතු කරලා ඒ ලබාගත්තු අවබෝධය මත අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළා දිස්ත්‍රික් හතක් වෙනුවෙන් - (එක සහෝදරයෙකුට අද එන්න බැරිවෙලා තියෙනවා විශේෂ හේතුවක් මත) - දිස්ත්‍රික් හතක් වෙනුවෙන් මේ දිස්ත්‍රික් නායක පත්වීම් ලබා දෙන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා දිස්ත්‍රික් කීපයක් අපට තිබෙනවා දිස්ත්‍රික් නායකයන් නිල වශයෙන් පත් කිරීම සඳහා, ඒ කටයුතුත් බොහොම කෙටි කාලයක් ඇතුළත අංග සම්පූර්ණව ඉටු කරන්න.

ඒ විතරක් නෙවෙයි, එතනින් නොනැවතී සෑම දිස්ත්‍රික්කයකම පාහේ ආසන සංවිධායකයන්, ග්‍රාම සේවා වසමේ සංවිධායකයා දක්වා දීප ව්‍යාප්තව පත් කිරීමේ අරමුණින් සහ ඒ යාන්ත්‍රණය බලගැන්වීමේ අරමුණින් තමයි ජාතික නිදහස් පෙරමුණ මේ වන විට ඉතා ඕනෑකමින් ක්‍රියාත්මක වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ වසර ඇතුළත, මේ වසරේ මැද භාගය වන විට එහි සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගන්න ඔබ සියලු දෙනාගේම ශක්තිය හා දායකත්වය මගින්. 

ඇයි අපි ජාතික නිදහස් පෙරමුණ බලගැන්විය යුතු වන්නේ? ඇයි අපි ජාතික නිදහස් පෙරමුණ කියන පක්ෂය ඉහළට එසවිය යුතු වන්නේ? මේ රටේ ඕනෑතරම් දේශපාලන පක්ෂ තිබෙනවා. ඕනෑතරම් බලය හොබවපු දේශපාලන පක්ෂ තිබෙනවා. බලය හොබවන දේශපාලන පක්ෂ තිබෙනවා. එසේ තිබියේදී ජාතික නිදහස් පෙරමුණ බලගැන්වීම, එය දීප ව්‍යාප්තව ජාලගත කිරීම, සංවිධානාත්මක බලවේගයක් බවට, ඉතා බලවත් බලවේගයක් බවට පත් කිරීම ඇයි අපට ඓතිහාසිකව ඕන වෙලා තියෙන්නේ? 

ඒ කාරණය පළමුව තේරුම් ගත්තොත් මම හිතන්නේ අපට පුළුවන් අපේ කාර්යභාරය හරියට නිශ්චිතව වටහා ගන්න, අවබෝධ කරගන්න. ඔබ කවුරුත් දන්නවා අද අපේ රට තියෙන්නේ ඉතාම තීරණාත්මක තත්ත්වයකට ගොදුරු වෙලා.

ඒක මෙතෙක් ඉතිහාසයේ තිබුණු තත්ත්වයන් සියල්ලටම වඩා භයානක සහ තර්ජනාත්මක තත්ත්වයක්. මොන අවදානමක මේ රට තිබුණත් දේශපාලන වශයෙන්, ආර්ථික වශයෙන් මෙබඳු අවදානමකට ගොදුරු වෙලා තිබුණේ නැහැ. රටේ ණය ගෙවාගත නොහැකි බංකොලොත්භාවයකට ප්‍රකාශයට පත්වෙච්ච, ඒ නිසාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගොදුරු බිමක් බවට බොහෝ දෙනෙක්ගේ ආශිර්වාදය ඇතුව පත් කරගෙන තිබෙන, ඒ ඇද වැටී තිබෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ එනු වෙනුවට තවදුරටත් එහිම වැළලී මියයන මට්ටමට ඇදගෙන යන ගමන වර්තමාන පාලක පැලැන්තිය විසින්ද කරගහගෙන යන, ඒ වගේම ඒ නිසා සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන්, සංස්කෘතික වශයෙන් අපේ සමාජය, අපේ රටේ ජාතිය අහිමි කෙරෙමින් තිබෙන අභියෝගාත්මක සහ අඳුරු අනාගතයක් පාමුලයි අද අපි මේ ජීවත් වෙන්නේ. 

ඒ අනාගතය ස්පර්ශ කරනුයි අපි අද මේ කල් ගෙවන්නේ. මොකක්ද අපි මේ කියන කාරණය? ඔබ කවුරුත් දන්නවා මේ ආර්ථික අර්බුදය පත් වුණේ මීට බොහෝ කලින් අපි පෙන්වා දුන් පරිදි, ඉවක් බවක් නැතිව ඵලදායී නොවන ණය, විදේශ ණය ලබා ගැනීමේ ක්‍රියාවලියකට ලොල් වෙච්ච ගමනක්, ඊට වහල් වෙච්ච ගමනක්, ඒ පිළිබඳ විචාරාත්මක කියවීමකින් තොරව යන ගමනක් කරගහගෙන යාමේ ප්‍රතිඵලය.

මේක අපි මේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත්වෙන්න අවුරුදු 10කට පමණ පෙරදිත් මේ අනතුර මේ රටට කිව්වා. මේක අපි කිව්වේ කුඩු ගහන මිනිහෙක් කුඩු වලට ඇබ්බැහි වුණා වගේ, කොයි වෙලේ හරි කුඩු බොන්න සල්ලි නැති වෙච්ච ගමන් ඒ මිනිහා මහා විපතකට ලක් වෙනවා. ඒ වගේ තමයි මේ රටේ ආර්ථිකයට වෙන්නෙත් කියන එක තමයි අපි එදා පැහැදිලි කළේ. 

කොයි වෙලේ හරි මේ රෝලය කරගහගෙන යන්න බැරි වෙලාවක් එනවා. ඒ වෙලාව තමයි අපේ උගුරු දණ්ඩ මිරිකන්න සියලු බාහිර බලවේග ක්‍රියාත්මක වෙන වෙලාව කියලා අපි මීට අවුරුදු 10කට 12කට කලින් මේ රටට අනතුරු ඇඟෙව්වා. ඒ අනතුරු ඇඟවීම් ප්‍රතිඵලදායක වුණේ නැහැ. ඒ නිසාම තමයි මේ අද වර්තමාන ප්‍රපාතය කරා ආර්ථික හා සමාජීය වශයෙන්, හැම අතින්ම සංස්කෘතික වශයෙන්, දේශපාලන වශයෙන් හැම අතින්ම අද අපේ රට ගොදුරු වෙමින් තියෙන්නේ. ඔබ කවුරුත් දන්නවා මීට කලින් අපි මුහුණ දුන්නා දේශපාලන අභියෝග වලට. 

1972 වෙනකොට අපිට තිබුණා ජනරජ ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමේ අභියෝගය. හෙට තමයි නිදහස් දිනය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිල වශයෙන් නිදහස ලබපු දිනය. නමුත් ඒ නිදහස අංග සම්පූර්ණ වෙච්ච නිදහසක් වුණේ නැහැ. ඒ නිදහස 1972 ජනරජ ව්‍යවස්ථාව ගෙන ඒමෙන් පසුව තමයි එක්තරා ආකාරයක දේශපාලන වශයෙන් අංග සම්පූර්ණ නිදහසක් බවට පත් වුණේ. 

අද මේ රට ජනරජ දිනය සමරන දිනයක් නෙවෙයි. අපේ කැලැන්ඩරයේ කොහෙවත් ජනරජ දිනය නිවාඩු දිනයක් බවට පත්වෙලා නැහැ. අපේ කැලැන්ඩරයේ කොහෙවත් ජනරජ දිනය වෙනුවෙන් කරන උත්සවයක් ගැන සඳහන් වෙලා නැහැ. රාජ්‍යය ඒ ජනරජයක් බවට පත්වෙච්ච දිනයේ අභිමානයෙන් සමරන බවක් අපි දැකලා නැහැ. නමුත් අසල්වැසි ඉන්දියාව ගත්තොත් ඔවුන්ගේ නිදහස් දිනයට වඩා උත්කර්ෂවත් අයුරින්, අභිමානවත් අයුරින් ඔවුන් සමරන්නේ ඔවුන්ගේ ජනරජ දිනය. මේ මෑතකදීත් ඔවුන් ජනරජ දිනය ඉතාමත්ම උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබුවා. 

තමන් සතුව තිබෙන ණයට ගත් හෝ නොගත් සියලුම අවි ආයුධ බලය, තමන් සතුව තියෙන හමුදාමය ශක්තිය, තමන් සතුව තියෙන මිලිටරිමය බලය, මේ හැම අංශයක්ම විදහා දක්වමින් ඔවුන්ගේ ජනරජ දිනය ජීවත් වෙන පරම්පරාවන්ට අභිමානය කැඳවන දිනයක් බවට පත් කරමින් සමරනු ලැබුවා. අපි ජනරජ දිනය අමතක කරපු ජාතියක්. ජනරජ දිනය විතරක් නෙවෙයි, දැන් නිදහස් දිනයත් ක්‍රමානුකූලව අමතක කරවන ජාතියක්. නිදහස් දිනයත් ඒකට හිමි සම්පූර්ණ වටිනාකම තොරවෙන ආකාරයට දියකර හරිමින් තිබෙන ජාතියක්.


ඔබ දන්නවා හෙට නිදහස් දිනයේ වර්තමාන ආණ්ඩුව මේ නිදහස් දිනය සමරන්නේ වෙනදා නිදහස් දිනයට ගිය අපේ හමුදා කණ්ඩායම් වල තූර්ය වාදක පෙළපාලි 140කට වඩා කප්පාදු කරලා. සල්ලි පිරිමහන්නද? 140කට වඩා කප්පාදු කරලා. ඒ විතරක් නෙවෙයි, හැමදාම නිදහස් දිනයේ පෙළපාලියේ ඉස්සරහින්ම අරගෙන ගිය දැවැන්ත සිංහයාගේ අනුරුව පිලිකන්නට විසි කරලා දාලා, පැත්ත පළාතකට වද්ද ගන්නේ නැති තත්ත්වයකට දාලා. එපමණක් නෙවෙයි, අඩුම තරමකට සහභාගී වෙන ආරක්ෂක හමුදා සාමාජිකයන්ටවත් අභිමානය උත්පාදනය කරන සංසිද්ධියක් බවට පත් නොවෙන ආකාරයට තමයි ඔවුන් මේක කරන්නේ. 

මම අහගෙන හිටියා ආණ්ඩුවේ රාජ්‍ය පරිපාලන ඇමතිවරයා කියනවා ණයට ගත්තු අවි ආයුධ ප්‍රදර්ශනය කරලා අභිමානයක් ඇති වෙන්නේ නැහැ කියලා. තමුන්නාන්සේලා ණයට ගත්තු, අරන් හදාගත්තු ගෙවල් වල ඉන්න එපා, ඒකේ කිසිම අභිමානයක් නැහැ. ලීස් කරලා අරගත්තු වාහනවල යන්න එපා, කිසිම අභිමානයක් නැහැ. ඒ මහත්වරුන්ටත් මම කියනවා ණය අරගෙන ජපානයෙන් ගේන්න හදන ඩබල් කැබ් වල නැගලා යන්න එපා, ඒක හරිම අභිමානයක් නැති වැඩක්. ණයට අරන් හරි ගත්තු අවි ආයුධ වලින් තමයි අපේ රණවිරුවෝ රාජ්‍යය බෙදා වෙන් කිරීමේ තර්ජනයෙන් මේ මව් පොළොව නිදහස් කරගත්තේ.

යාපනයේ අර්ධද්වීපය අනතුරට තර්ජනයට පත්වෙනකොට, එදා අලිමංකඩ පවා අපිට අහිමි වෙනකොට, ඒ අන්තිමට ආපු මල්ටි බැරල් රොකට් ලෝන්චර් ගෙනාපු හින්දා තමයි, ඒ ටික ගෙනල්ලා තමයි ආයෙ ඒ සතුරු ආක්‍රමණය අනිත් පැත්තට පරාජයට පත් කළේ. ණයට ගත්තු ආයුධ වලින් දිනුව හින්දා අපි දැන් එහෙනම් ආයි තිබිච්ච තැනටම යමුද? 

ණයට ගත්තු ආයුධ වලින් අපි දිනලා තියෙන්නේ, ත්‍රස්තවාදය පරදලා තියෙන්නේ. වැඩක් නැහැ, අභිමානයක් නැහැනේ. දැන් එහෙනම් අපි ත්‍රස්තවාදීන්ට ඒ ඉන්නට තියෙන ටික එහෙමම දීලා දැන් ඉතින් ආයි මේක බෙදලා ඉරක් ගහගමු. ඒකද මේ කියන්නේ? මේ වගේ මොළේ මැලේරියා හැදිච්ච මිනිස්සුන්ට පුළුවන්ද රටකට නායකත්වයක් දෙන්න? ජාතියකට ප්‍රවර්ධත්වයක් දෙන්න? සිංහල, දෙමළ, මුස්ලිම්ට තමන්ගේ මාතෘභූමිය ගැන අභිමානයක් දෙන්න? විශ්වාසයක් දෙන්න? රටක අනාගතය ගැන ගැඹුරු හැඟීමක් ඇති කරන්න? කොහෙත්ම බැහැ. කොහෙත්ම බැහැ. 

මේ ඔළුව කුරුවල් වෙච්ච හින්දා අද මේ රටේ ආරක්ෂාව බිළි දෙමින් ඉන්නවා. හෙට නිදහස සමරනවා, දැන් තීරණය කරලා තියෙනවා යාපනයේ තියෙන ආරක්ෂක හමුදා මූලස්ථානය ගලවා ඉවත් කරන්න. අද අපි ජාතියට නිල වශයෙන් අනාවරණය කරනවා - නිදහස් දිනයේ ජාතික කොඩිය ඔසවන්නේ.

ජාතික ගී කියන්නේ යාපනය අර්ධද්වීපයේ තියෙන ආරක්ෂක මර්මස්ථානය, ආරක්ෂක හමුදා මූලස්ථානය ගලවලා මේගොල්ලෝ කියනවා කිලිනොච්චියට ගෙනියනවා කියලා. කිලිනොච්චියට ගෙනිච්චත් වැඩක් නැහැ, මම ඒකේ වෙන ටික, ඉතුරු ටිකත් කියන්නම්. යාපනයේ ආරක්ෂක හමුදා මූලස්ථානය තියෙන නිසා තමයි ඒ අර්ධද්වීපයේ ආරක්ෂාව පිළිබඳ ඉතාම සංවේදී මැදිහත්වීමක් කරන්න පුළුවන් වුණේ. දැන් කියනවා පදිංචි වෙච්ච අයට මේ ඉඩම් ඕනා කියලා. කෝ යාපනයේ සිංහල මහා විද්‍යාලයේ තිබිච්ච භූමිය, ඉඩම් ටික කාටද දුන්නේ? ඒවයේ කවුද දැන් පදිංචි වෙලා ඉන්නේ? ඒවා කවුරුවත් පදිංචි වෙච්ච ඉඩම්ද? මාතර බත්කඩේ තිබුණ යාපනයේ ඒ භූමිය දැන් කවුද භුක්ති විඳින්නේ? 

ඒ නිසා සාධාරණය කරනවා නම් සියලු ජන කොටස් වලට සාධාරණය වෙන්න ඕනා. අද පදිංචි වෙච්ච අයට ඉඩම් කියලා එක එක එක්කෙනා හදාගත්තු, හොරට පදිංචි කරපු අය අරගෙන ඇවිල්ලා, යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය ගලවලා අයින් කරන තීරණය අරගෙන ඉවරයි මේ හිපාටු කොටි ඩයස්පෝරාවෙන් සල්ලි අරගෙන ඡන්ද දිනාගත්තු කාලකන්නි ආණ්ඩුව. මොකක්ද මේගොල්ලන්ගේ සැලස්ම? එතැනින් ගලවනවා කිලිනොච්චියට ගෙනියන්න කියලා. කිලිනොච්චියේ හයි කරන්නෙත් නැහැ, ප්ලෑන් කරලා තියෙන්නේ මොකක්ද?

දැන් කිලිනොච්චියේ හමුදා කඳවුරු ඔක්කොම ගලවලා ඉවරයි. මුලතිව් වල හමුදා කඳවුරු ඔක්කොම ගලවලා ඉවරයි. අර යාපනයේ ආරක්ෂක හමුදා මූලස්ථානය ගලවලා ගේන්න යන කලින් හමුදා කඳවුරු තිබිච්ච, දැන් නැති කිලිනොච්චිය භූමියකට. අන්න එතකොට දෙමළ ඩයස්පෝරාවයි ආණ්ඩුවේ ලොක්කොයි කතා වෙලා තියෙනවා ඒක පටන් ගන්නකොට කිලිනොච්චියේ දෙමළ ජනතාව උසිගන්වලා ඒකට විරුද්ධව මහා ජන කැරැල්ලක් හදන්න. 

ජන විරෝධය නිසා ඊළඟට පල්ලම් බහිනවා තවත් අනුරාධපුරේ පැත්තට. ඔය කිලිනොච්චි කතාවත් බොරු. කිලිනොච්චි කතාව මායාවක්. කිලිනොච්චියට ගෙනාවත් යාපන අර්ධද්වීපය ආරක්ෂාවේ මර්මස්ථානයෙන් ගලවලා ගේන එක නිවැරදි නැහැ. ගොඩබිම පැත්තට මේ තල්ලු කරන්නේ. කිලිනොච්චියට ගෙනල්ලා හරියන්නෙත් නැහැ, හැබැයි කිලිනොච්චියෙත් නතර කරන්නේ නැහැ, එතනින් පල්ලෙහාටත් එනවා, අනුරාධපුර පැත්තට එනවා. මෙහෙම නිදහස් දිනය සමරන්න පුළුවන්ද?

මෙහෙම ආණ්ඩුවකට රටේ ජාතික ආරක්ෂාවේ මර්මස්ථානය, යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය ගලවලා අයින් කරන තීන්දුව කොටි ඩයස්පෝරාවේ ඕනකමට ගන්න හිපාටු ආණ්ඩුවකට පුළුවන්ද ජාතියක නිදහස් දිනය සමරන්න? නිදහස් දිනයට අභිමානයක් දෙන්න? එතකොට ඉතින් හිතනවා අර යුධෝපකරණ ඔක්කොම ප්‍රදර්ශනය නොකර ඉන්න මෙහේ, එතැන කොටි ඩයස්පෝරාවට ඕන කරන විදිහට යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය ඇතුළු සියල්ල ගලවලා ඉවර කරනවා. 


ඒ ටික ගලවලා ඉවර කරාම ආයේ ලොකු ලොකු සටන් කරන්න දෙයක් නැහැ, ඊට පස්සේ තියෙන්නේ බොහොම සරල දේශපාලන සටන් ටිකක් විතරයි. ඒ නිසා මේ පාවාදීම කරමින් ඉන්න, මේ පාවාදීම ඉටු කරමින් ඉන්න රජයක් යටතේ, පාලනයක් යටතේ අද මේ රට හුස්ම ගන්නේ. රාජ්‍යයේ උගුර දණ්ඩ මිරිකන, රාජ්‍යයේ අයිතිකාරයෝ වෙලා භාරකාරයෝ වෙලා ඉන්න උදවිය, ඒ විතරක් නෙවෙයි ඒ ජාතික ආරක්ෂාව පැත්තෙන් විතරක් නෙවෙයි, අද සමාජය වනසන ක්‍රියාමාර්ගයත් කරනවා. අපේ දරුවන් සම්පූර්ණයෙන් අගාධයට ඇදගෙන යන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් කරගහගෙන ඇවිල්ලා තියෙනවා. සංවාදයක් නැහැ, සාකච්ඡාවක් නැහැ, ඒ පිළිබඳ ගැඹුරු කියවීමක් නැහැ, හැදෑරීමක් නැහැ.

ලංකාව ඉතිහාසයේ නෙවෙයි ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට දරුවන්ට උගන්වන හය වසර මොඩියුල් එකකට අසභ්‍ය වෙබ් අඩවියක ලින්ක් එකත් සම්බන්ධ කරලා. වෙන රටක නම් ලැජ්ජ බය තියෙන අධ්‍යාපන ඇමතිවරියක් නම් ඒ තනතුරේ තවදුරටත් ඉන්නේ නැහැ, ඉන්න හම්බවෙන්නේ නැහැ. ඒ තවදුරටත් ඉන්න එක ගැන එතුමිය ලැජ්ජ වෙන්නත් ඕනා, තවදුරටත් ඉන්න දීලා බලන් ඉන්න එක ගැන රටම ලැජ්ජ වෙන්නත් ඕනා. ඒ විතරක් නෙවෙයි, තමුන්නාන්සේලා දන්නවා ඒ සමාජය බිඳවැට්ටවීම සංස්කෘතිකව අද ගහනවා. හයේ වසරේ බුද්ධාගම දරුවන්ට උගන්වන මොඩියුල් එකේ නැහැ අම්මට තාත්තට වදින ගාථාව. 

ඒක තිබ්බේ නැහැයි කියලා ඇහුවම මම අහගෙන හිටියා කියනවා ඒක ඉතින් ගෙදර උගන්වන්න පුළුවන්නේ කියලා. එහෙනම් ඉතින් අර අම්මා, තාත්තා, සහෝදරයෝ ඕවත් ගෙදර උගන්වන්න පුළුවන්, ගෙදර සජීවීව තියෙනවනේ, මොකටද පොතට දාන්නේ? ගෙදර ආච්චිත් ඉන්නවා, සීයත් ඉන්නවා, අම්මත් ඉන්නවා, තාත්තත් ඉන්නවා. මේ මොකක්ද කරන්නේ? මේ රටේ සංස්කෘතික මූලයන්ගෙන් ගලවිච්ච දරු පරපුරක් හදන්නේ.

හය වසර ගණිතයත් හය වසර ඉතිහාසයට ගේනවා කාර් වල ඉතිහාසය. මේ රටේ මේ ජාතියේ ඉතිහාසය, අද ලෝකයේ හැම රටක්ම අනිවාර්ය විෂයක් ඉතිහාසය. අපේ දහයෙන් පස්සේ අනිවාර්ය විෂයක් නෙවෙයි, අත්හරින්න පුළුවන් විෂයක්. මේ හදන්න යන්නේ ඉතිහාසයක් ගැන දැකීමක් නැති, සංස්කෘතික මූලයන් ගැන කිසිම හැඟීමක් නැති, වටිනාකමක් නොදන්නා, කිසිම සමාජ අගයක් තකන්නේ නැති රොබෝ පරපුරක්, යාන්ත්‍රික නරුම පරපුරක් තමයි නිර්මාණය කරන්න යන්නේ. 

ඔවුන්ට ඕනේ ඒක, ඒ නරුම ව්‍යාපාරයකට පවතින්න පුළුවන් නරුම සමාජයක් හැදුනොත්. සමාජයේ සියලු වටිනාකම් කෙලෙසුවොත්, මාටින් වික්‍රමසිංහ කවුද කියලා අහන්න පුළුවන් ටියුෂන් ගුරුලා හදලා තව තව බෝ කරන්න පුළුවන්, එතකොට තමයි තමන්ගේ බලය දිගුකාලීනව ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමුන්නාන්සේලා තේරුම් ගන්න ඕනා එක පැත්තකින් ජාතික ආරක්ෂාවට ගහනවා, සමාජයකට ගැහුවම ඒ සමාජයට වෙන විපත ආපසු හැරවීම පහසු වෙන්නේ නැහැ. ඒක දිගුකාලීන අභ්‍යාසයක්. ඒ ගැහිල්ල ගහනවා, අනිත් පැත්තෙන් ආර්ථිකය දවසින් දවස වට්ටනවා.

තමුන්නාන්සේලා දකින්න ඇති ඉන්දියාවේ ඉඳන් ආවා අපේ රටේ මහ බැංකුවට දේශනයක් කරන්න එක්තරා ඉන්දියාවේ විද්වතෙක්. අපේ රටේ විද්වතුන් කියන ජාතිය තමන්ගේ විද්වත්කමට අදාළ වගකීම විතරයිනේ ඉටු නොකරන්නේ, අනිත් ඒවා ඔක්කොම ඉටු කරනවා. ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති දේශනය පවත්වමින් පවසා සිටියා - කවුද ශ්‍රී ලංකාවේ ආර්ථික අස්ථාවරත්වය ගැන ඉන්දියාවේ හිටපු ආර්ථික උපදේශකයෙක් කරපු ප්‍රකාශයක් - ඉන්දියාවටත් වඩා පෙර සර්වජන ඡන්ද බලය හිමි වූ, දීර්ඝ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවට එමඟින් ආර්ථික ස්ථාවරත්වයක් අත් කර ගැනීමට නොහැකි වීම බරපතල බුද්ධිමය ගැටළුවක්. 

ඇත්ත, බුද්ධිමය ගැටළුවක් මේක. හිටපු ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය අරවින්ද් සුබ්‍රමනියම් මහත්මයා කියනවා, ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය පිළිබඳව ඔහු ඉදිරිපත් කළ එක් දත්ත සටහනකින් පෙනී ගියේ මේ රට නිදහසෙන් පසු ගෙවුණු කාලයෙන් 60%ක්ම ගත කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් යටතේ බවයි. මේක තමයි රෝග නිධානය.

මේ මම නෙවෙයි කියන්නේ, ඉන්දියාවේ ආර්ථික විශේෂඥයෝ. ලංකාව නිදහසෙන් පස්සේ ගත කරපු මුළු කාලයෙන් 60%ක්ම ගත කරලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් යටතේ. ඔහු ඒකම කියනවා මේක නිදන්ගත සාර ආර්ථික පීඩනයක ලක්ෂණයක් බව. මීට ප්‍රතිපක්ෂව ඉන්දියාව 1991 ප්‍රතිසංස්කරණ වලින් පසු පසුගිය වසර 35 පුරාම IMF වැඩසටහනකට යොමු වී නැති බවයි ඔහු පෙන්වා දුන්නේ. යන්න බලන්න ඒ අවුරුදු 35 ඉන්දියාව නැගිටලා තියෙන හැටි, ඉන්දියාව කෙලින් හිටගෙන තියෙන හැටි. අවුරුදු 35 අද ලෝකයේ හතරවෙනි ආර්ථික බලවතා බවට පත්වෙලා තියෙන්නේ, ජපානයත් අභිබවා ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. 

ඒක වෙන්නේ අර මූලෝපායෙන් ගැලවිච්ච හින්දා. අපි අවුරුදු 60ක් ඒක කරගහගෙන ඇවිල්ලා. ඒ විතරක් නෙවෙයි, ඉන්දියාව හෝ චීනයට සාපේක්ෂව ශ්‍රී ලංකාව සිය දළ ජාතික ආදායමෙන් විශාල ප්‍රමාණයක් විදේශ ණය මත පදනම් කරගෙන ඇති බවත් ආචාර්ය සුබ්‍රමනියම් පවසා සිටියා. විදේශ ප්‍රාග්ධනය වර්ධනයට උපකාර වුවද එය ක්ෂණිකව රටෙන් පිටතට ගලා යාමේ අවදානම ඉහළ නංවන බවත් ඔහු පවසා සිටියා.

ඔහු කියනවා ඉන්දියානු සමාජයේ උද්ධමනය 5% සීමාව ඉක්මවා ගියොත් රජය පෙරළෙන බවට දේශපාලන සමාජය තුළ දැඩි මතයක් පවතින බවත්, එමඟින් මහ බැංකුවට සහ රජයට ආර්ථික ස්ථාවරත්වය රැකීමට බලපෑමක් ඇති කරන බවත්. ඉන්දියාවේ අඩු උද්ධමනයක් සහ ආර්ථික ස්ථාවරත්වයක් ඉල්ලා සිටින විට ලංකාවේ එසේ නොවන්නේ ඇයි ද යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කළා. 

මේක තමයි බුද්ධිමය ගැටළුව. මේ බුද්ධිමය ගැටළුවට සෘජුව මුහුණ දෙන්නේ නැතුව, මූල්‍ය අරමුදලත් එක්ක කලින් ගනුදෙනු කරපු පාලකයන්ටත් වඩා හොඳට මූල්‍ය අරමුදලත් එක්ක හුරතල් වෙමින්, මූල්‍ය අරමුදලින් ගන්න චරිත සහතික - "හොඳ ළමයා", "හොඳම ළමයා" කියලා ඒ චරිත සහතික ලබා ගැනීමෙන් සතුටු වෙමින් අර අවුරුදු 60ක් ආපු අගාධයටම නේද මේ තවදුරටත් ගිල්ලවන්න හදන්නේ? වැළලෙන්න හේතුව නේද දැන් ආයේ වැළලීමෙන් ගොඩ එන්න පාර විදියට පාවිච්චි කරන්නේ? එහෙම එළියට එන්න බැහැ.

ඒ නිසා අද බුද්ධිමය ගැටළුවක් මේ රට ඉස්සරහා අපිට තියෙන්නේ. මේ බුද්ධිමය ගැටළුවෙන් එළියට එන්න නම් නිවැරදි දේශපාලන මඟ පෙන්වීමක් ඕනා. සමහරු කියනවා මේ වළෙන් ගොඩ එන්න පුළුවන් ත්‍රිකුණාමලයේ වාණිජ මහා කලාපයක් කරොත් කියලා. ඒක තමයි ඇමෙරිකාවයි ඉන්දියාවයි බලාගෙන ඉන්නේ - ත්‍රිකුණාමලයට රිංගලා එතැන ඔවුන්ගේ සැපයුම් මධ්‍යස්ථානය කරගෙන මිලිටරි හබ් එකක් බවට පත් කරගන්න. 

දැන් මේ වළෙන් ගොඩ එන්න සතුරාගේ උවමනාව මේ ක්‍රමය කියලා ලණු කවනවා මිනිස්සුන්ට. පාලකයින්ට දැක්මක් නැහැ, කියවා ගැනීමක් නැහැ, භූ දේශපාලන යථාර්ථයන් ගැන අවබෝධයක් නැහැ, ජාතික ආරක්ෂාව ගැන වැටහීමක් නැහැ. ඉන්දියාවත් එක්ක ගිවිසුම් හතක් හොර රහසේ අත්සන් කරාම වගේ වගක් නැතිව ඉන්නවා.

දැන් ඉන්දියාව ඊයේ පෙරේදා ඒගොල්ලන්ගේ වෙරළ ආරක්ෂක බලකාය අපේ මුහුදු සීමාව ඇතුළට ඇවිල්ලා අපේ ධීවරයන්ට පහර දීලා ගියා, අරගෙන ගියා. අපේ ධීවරයන්ට පහර දීලා ඔවුන් අද ඉන්දියාවේ රෝහල් ගත කරලා. මේවා කරන්න කොහොමද පුළුවන් වුණේ? නිවටයෝ ඉන්නකොට එළුවත් රැවුල දික් කරනවා. 

අද ඉන්දියාව කියනවා අපි ඩොලර් බිලියන හතරක් දෙනවා කියලා, මෙහේ සමහරුත් අප්පුඩි ගහනවා. දෙන්න දෙන්න තමයි අමාරුවේ තවත් වැටෙන්නේ, ගැලවෙන්නම බැරි වෙන්නේ. ණය බර නැමති මහා ජල කඳ යාත්‍රාව ඇතුළට එන එක තව තවත් ලොකු කරන උත්තර තමයි උදව් හැටියට දෙන්නේ. ඒ නිසා රටට හතුරු සියලු බාහිර බලවේග අද මේක ගිලගන්න බලාගෙන ඉන්නවා.

මේ හැම කුමන්ත්‍රණයක්ම පරද්දන දේශපාලන මඟ පෙන්වීමක්, නායකත්වයක් මේ රටට ඕනේ. ආණ්ඩුවක් පරද්දලා 159ක් ගෙදර යවලා වෙනත් පංචායත් කට්ටියක් ගේන වෙනසක් නෙවෙයි, ආණ්ඩුවේ ප්‍රතිපත්තිය, ආණ්ඩුවේ උපාය මාර්ගය රටට අහිතකර මේ ගමන රටට හිතකර ගමනකින් අනිත් පැත්තට හරවන දේශපාලන මඟ පෙන්වීම මේ රටට ඕනේ. ඒකට ඉන්නේ ජාතික නිදහස් පෙරමුණ විතරයි. ජාතික නිදහස් පෙරමුණ තමයි ඒ සඳහා කැපවෙන දේශපාලන ව්‍යාපාරය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරගහගෙන අපි මොකා විරුද්ධ වුණත් අපි කරනවා කියලා ජනාධිපතිවරයා පාරම්බාගෙන එද්දී ජාතික නිදහස් පෙරමුණේ අපි තමයි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට ගිහිල්ලා එතැන සටන් කළේ.

අපි ඔප්පු කරලා පෙන්නලා තියෙනවා උපාය මාර්ගිකව නිවැරදි නම්, ගත යුතු තීන්දුව හරි වෙලාවේදී ගන්න එඩිතරභාවය ශක්තිය තියෙනවා නම්, ආපසු හරවන්න බැරි කිසිවක් නැහැ. ඒ හැකියාව අපට තියෙනවා. ඒ නිසා තමුන්නාන්සේලා අපි තේරුම් ගන්න ඕනා අපට මේ අභියෝග ජයගන්න පුළුවන්. "කළ නොහැක්කක් නොමැත" කියන පාඨය අපි ගන්නේ ඒකේ නියමානුකූල අර්ථයෙන්. දේශපාලන ගණිකා වෘත්තියේ යන ගමන් බණ කියනවා, වාම විප්ලවවාදී නායකයන්ගේ පාටත් අරගෙන යනවා. මේ තත්ත්වය කණපිට හරවමු, ඒක ඔබේ අතේ තියෙන්නේ. 

මේ දිස්ත්‍රික් නායකයන් අතේ තමන්ගේ දිස්ත්‍රික්කය බලගන්වන්න, ආසන සංවිධායකයෝ නිර්මාණය කරන්න, ග්‍රාම සේවා වසමටම සංවිධාන යාන්ත්‍රණය බලගන්වන්න අපට ඒ අවකාශය තියෙනවා.

අද මේ රටේ සැලකිය යුතු බහුතරයක් ආණ්ඩුව කෙරෙහි කලකිරිලා, ආණ්ඩුව අතහැරලා, තමන් එකතු වෙන්නේ කොතනටද කියලා තීරණයක් නැතිව බලාගෙන ඉන්නවා. ඒ අය අතරට යන්න, ඒ අයත් එක්ක දේශපාලන සංවාදයේ නිරත වෙන්න. මේ රටත්, ජාතියත්, අපේ ඓතිහාසික සභ්‍යත්ව උරුමයත් රැක ගැනීමෙන් ජයග්‍රාහී මාවතට ගෙන ඒම වෙනුවෙන් අපට පැවරී තිබෙන ඓතිහාසික භූමිකාව ඉටු කිරීමට අපි හැමෝම අද මේ ලබපු දිස්ත්‍රික් නායක පත්වීම යොදා ගනිමු. 

ජාතික නිදහස් පෙරමුණේ පරමාර්ථ සහ ප්‍රතිපත්ති වෙනුවෙන් උපරිම කැපවෙමු. නොපිරිහී ඒ වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කරමු. මේ වසරේ මැද භාගය වන විට ඉතාම ශක්තිමත් තත්ත්වයකට මේ සෑම දිස්ත්‍රික්කයක්ම පරිවර්තනය කරන්න අපි සියලු දෙනාම කැපවෙමු.

ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින්, ජයග්‍රහණය ජාතියට සහ ලක් මාතාවට රැගෙන එමු කියන ආරාධනාව කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. සියලු දෙනාටම ජය වේවා!







සම්බන්ධිත පුවත් | Related News

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.
වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.
සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.
චීන ජනාධිපති ෂී ජින්පිං එළැඹෙන සතියේ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වන බව දෙරටම අද (5) නිල වශයෙන් නිවේදනය කර ඇත.
දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.