බැනියම් හැත්තෑ පන්දහක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කිහිපයක් ඉදිරිපත්ව තිබූ බවත්, මෙහිදී හඬපටයක් ද නිකුත්ව තිබූ බවත් එය CIDයට ද ගොස් තිබූ බවත්, අල්ලස් කොමිසමට ලබාදුන් හඬපටය එසේ CIDයට ගියේ කෙසේ දැයි ගැටලුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පුද්ගලයන් 26 දෙනෙකුගේ කුරිරු ඝාතන වලට සහ පුද්ගලයන් 64 දෙනෙකු සදාකාලික ආබාධිතයින් බවට පත්කිරීමට සෘජුව වගකිවයුතු ආනන්ද සුධාකරන් යනු දේශපාලන සිරකරුවෙකු නොවන අතර ඔහු කුරිරු ත්‍රස්තවාදියෙකු බව සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක සහ ප්‍රමුඛ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන අරුණ් සිද්ධාර්ථ් මහතා පවසයි..
මේ දිනවල පැවැත්වෙන 2025 අ. පො. ස. උසස් පෙළ විභාගයේ “ආර්ථික විද්‍යාව” (Economics) ප්‍රශ්න පත්‍රය සහ ඇතැම් උපකාරක පන්ති ගුරුවරුන් විසින් නිකුත් කරන ලද “අනුමාන ප්‍රශ්න පත්‍ර” අතර බරපතල ලෙස “සැක සහිත සමානකමක් ඇති බවට” චෝදනා කරමින්, ජාතික ගුරු ව්‍යාපාරය විසින් රජයෙන් වහාම විමර්ශනයක් ඉල්ලා සිටී. ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා විසින් බත්තරමුල්ලේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද (22) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මෙම තීරණාත්මක හෙළිදරව්ව සිදු කරන ලදී.
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි