News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියානු සමාගමකින් මිලදීගත් ඖෂධ ප්‍රමාණයක ගුණාත්මක තත්ත්වයෙන් බිඳවැටීම පිළිබඳව පැන නැගී ඇති සංවාදය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ඉන්දියාවෙන් ගෙනා බෙහෙතක් විස වීමෙන් රෝගීන් පිරිසක් පිරිසක් මියයෑමෙන් පසු ව ඒ බෙහෙත ඇතුළුව එකම සමාගමක් ආනයනය කරන බෙහෙත් සමූහයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පසුගිය දා නියෝග කරන ලදී.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පසුගිය 19 වනදා ඔහුගේ වසර අවසාන මාධ්‍ය හමුවේදී අනාගත පරම්පරාවන් සඳහා වන වැදගත් පණිවිඩයක් නිකුත් කළේය.

බරපතළ නාය යෑමට ලක් වූ ප්‍රදේශ අවට ඉරි තැළීම් හා පැල්මට ලක්ව ඇති කඳු බෑවුම් නිරීක්ෂණයට මේ වන විට විදේශ විශේෂඥ භූ-විද්‍යාඥයන් කණ්ඩායම් තුනක් පැමිණ ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.

අයහපත් කාලගුණයෙන් වගා බිම් රැසක් විනාශ වීම හේතුවෙන් එළවළු මිල ශීඝ්‍ර ලෙස ඉහළ යෑමෙන් ජනතාව අපහසුතාවයට පත්ව සිටිති.

මතභේදාත්මක එන්නත් සිද්ධිය හේතුවෙන් හෙළිකරන්න බැරි බව කී ඉන්දියානු ගිවිසුම් මේ වන විට එළියට පැමිණ ඇති බවත්, තාවකාලිකව බලයට පත්වූ ආණ්ඩුවක් මෙබඳු ගිවිසුම් අත්සන් කරන්නේ කෙසේදැයි හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රශ්න කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ලබන සඳුදා (22) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.

වත්මන් පුනරුද ආණ්ඩුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාව සමග එක්ව රටට සඟවා අත්සන් කරන ලද ගිවිසුම් නිසා වසර අවුරුදු 76ක් මේ රටේ ආරක්ෂා වූ ඖෂධ ප්‍රමිතිය බිඳ වැටී, තත්ත්වයෙන් බාල ඉතාමත් පහත් ප්‍රමිතියේ ඉන්දීය ඖෂධවර්ග මේ රට තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැරිසරන්නට පටන් පටන් ගෙන ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි. මේ නිසා රෝහල්වල අහින්සක ජනතාව බාල බෙහෙත් භාවිතය නිසා මිය යන්නට පටන්ගෙන ඇතැයිද වීරවංශ මහතා පෙන්වා දෙයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමත්‍යතුමිය සමග සිදු කරන සකච්ඡාවල විසදුමක් නොපදහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ලංකා ගුරු සේව සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිස් මහතා පැවසීය.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.