ජනාධිපතිගේ යාපනය එක උත්සවයකට මිලියන 11ක් වියදම්.. - තිනකුරල් පුවත්පත හෙළිකරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය යාපනය සංචාරය අතරතුර කොක්කුවිල් තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති එක් උත්සවයක් සඳහා පමණක් රුපියල් එක් කෝටි දස ලක්ෂ හැත්තෑ නවදහස් හැත්තෑපහයි ශත පනහක (11,079,075.50$) දැවැන්ත මුදලක් වැය කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ලබාගත් වාර්තා මගින් අනාවරණය වී ඇතැයි 'තිනකුරල්' පුවත්පත වාර්තා කරයි.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ අයදුම්පතකට ලැබුණු පිළිතුරු මගින් මෙම වියදම් විස්තර හෙළි වී තිබේ.
පසුගිය ජනවාරි මාසයේ තායිපොංගල් දිනට පසු දින මෙම උත්සවය පවත්වා ඇත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව වියදම් බෙදී ගොස් ඇත්තේ මෙලෙසිනි.
ප්‍රදර්ශන කුටි සහ මණ්ඩප සැකසීම: උත්සවය සඳහා ඉදිකළ දැවැන්ත මණ්ඩපය වෙනුවෙන් පමණක් රුපියල් 5,237,000 ක මුදලක් වැය කර ඇත.
ආහාර සහ සංග්‍රහ කටයුතු: උත්සවයට සහභාගී වූවන් සඳහා ලබාදුන් කෙටි ආහාර සහ සංග්‍රහ කටයුතු වෙනුවෙන් රුපියල් 3,113,000 ක් වැය වී තිබේ.
ප්‍රවාහන වියදම්: ජනතාව උත්සව භූමියට රැගෙන ඒම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ 75 ක් කුලියට ගෙන ඇති අතර, ඒ සඳහා රුපියල් 2,343,000 ක මුදලක් ගෙවා ඇත.
මීට අමතරව මීසාලෙයි ප්‍රදේශයේ පැවැති නිවාස ආධාර ලබාදීමේ උත්සවයකට ජනතාව කැඳවාගෙන ඒමට පෞද්ගලික බස් රථ 11 ක් වෙනුවෙන් රුපියල් 223,000 ක් වැය කර ඇත.
පෝස්ටර් සහ බැනර්: උත්සවයේ ප්‍රදර්ශනය කළ පුවරු (Banners) වෙනුවෙන් රුපියල් 51,700 ක මුදලක් වැය වී ඇත.
වෙනත් වියදම්: අමුත්තන් පිළිගැනීමේ වියදම් ලෙස රුපියල් 23,375 ක් ද, පානීය ජලය සහ වැසිකිළි පහසුකම් සඳහා රුපියල් 36,000 ක් ද, පූර්ව සූදානම් කටයුතු සඳහා රුපියල් 118,000 ක් ද සහ අනෙකුත් පොදු වියදම් ලෙස රුපියල් 154,000 ක් ද වැය කර ඇත.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම 'මුළු රටම එකට' ජාතික මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන සංවිධානය කර තිබුණි.
ජනාධිපතිවරයා එදිනම මන්නාරම සුළං විදුලි බලාගාරය විවෘත කිරීමේ අවස්ථාවට මෙන්ම වේලනෙයි සහ මානිප්පායි මරුදඩි කෝවිලේ පැවැති පොංගල් උත්සවයන්ට ද සහභාගී වී තිබේ.
- lankacnews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..