සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ එක් රැවටීමක් - සරත් වීරසේකර කියයි..
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ තවත් එක් රැවටීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී ඔහු පැවසුවේ, මෙම ක්‍රියාව කාදිනල්තුමන්, කතෝලික සභාව සහ ප්‍රහාරයට ලක්වූ වින්දිතයන් රැවටීමට මේ ආණ්ඩුව ගත් පියවරක් ලෙස තමා සලකන බවයි.
ජනතාවගේ අවධානය වෙනස් තැනකට යොමු කිරීමට මෙවැනි රැවටීමක් සිදු කළ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එසේම පොලිස් මාධ්‍ය ද විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් හේතුව නොදන්නා බව පවසන බවයි ඔහු සඳහන් කළේ.
එහිදී ඔහු මෙසේද පැවසුවේය,
'' එක හේතුවක් තියෙනවා. ඒක තමයි පිල්ලෙයාන්ගේ මාධ්‍ය ලේකම් අසාද් මවුලානා කියන පුද්ගලයා චැනල් ෆෝ කියන එකට කියලා තියෙනවා 2018දී සලේ සහරාන්ව හම්බුනා පුද්ගලිකව. හම්බවෙලා එයත් හිටියා එතන. ඉතින් එතනදී කිව්වා මේ රට අනාරක්ෂිත රටක් බවට පත් කළොත් තමයි ගෝඨාභයට ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි දන්නවා චැනල් ෆෝ කියන්නේ මොකක්ද කියලා. සම්පූර්ණයෙන්ම හමුදාවට විරුද්ධ අසත්‍ය ප්‍රකාශ කරන චැනල් එකක්. ඒක නිසා වෙන්න පුළුවන් සලේව අත්අඩංගුවට ගත්තේ.
සුරේෂ් සලේ කියන ඒ බුද්ධි නිලධාරියා 2016 දෙසැම්බර් ඉදන් 2018 දෙසැම්බර් වෙනකන් හිටියේ මැලේසියාවේ මහ කොමසාරිස් කාර්යාලයේ තමයි සේවය කළේ. 2019 ජනවාරි තුන්වෙනිදා ඉදන් 2019 දෙසැම්බර් වෙනකන් හිටියේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක පීඨයේ තමයි හිටියේ. ඒ කියන්නේ ලංකාවේ හිටියෙම නෑ. එතකොට ලංකාවේ හිටියේ නැත්තං කොහොමද සලේ මේ සහරාන් හම්බවෙන්න ලංකාවට ආවේ කියන එක තමයි ප්‍රශ්නේ. කවුරුහරි හිතනවා නම් බෝට්ටුවකින් ඇවිල්ලා හොරෙන් ඇවිල්ලා ගියයි කියලා ඉතින් ඒක හින්දා ඒ වගේ බුද්ධි මට්ටමක් තියෙන ජනතාව මං හිතන්නේ නෑ ලංකාවේ ඉඳියි කියලා.
ඒ වගේම තමයි එතකොට පිල්ලෙයාන් ඉතා පැහැදිලිව කියනවා මෙයා රටින් පැනලා ගියේ දේශපාලන රැකවරණය සොයන්න. ඒ වගේම තමයි සහරාන්ගේ මල්ලි, රිල්වාන් අපි දන්නවා පෙරහුරුවක් කරන්න ගිහිල්ලා මේ පාස්කු ප්‍රහාරයට ඉස්සෙල්ලා බෝම්බය පිපිරිලා, තුවාල වුණාට පස්සේ, ඩොක්ටර් සෆ්රාස් කියන එක්කෙනෙක් තමයි ජාතික රෝහලේ මෙයාට ප්‍රතිකාර කළේ. එතකොට සෆ්රාස්ගේ හොඳම මිතුරා, තමයි මේ අසාද් මවුලාන් කියලා පිල්ලෙයාන් කියනවා. ඒක නිසා තමයි අද දෙන්නම මේ රටෙන් පැනලා ඉන්නේ.''
- hirunews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..