News Category
From Date
To Date
Maximum Number of Result

චීනයේ පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට ශ්‍රී ලංකාව සහභාගී නොවීම රටේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියට හානි කරන බවත්, ආර්ථික ප්‍රතිලාභ අහිමි කරන බවත් සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා ප්‍රකාශ කළේය.

රංගිරි ශ්‍රී ලංකා නින්නාද - අසත්‍යට එරෙහි සත්‍යයේ දෙහෝරාව අද රාත්‍රී 8.30ට විකාශය වේ.

යක්කල පිහිටි පෙරටුගාමී පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ලෙස හඳුන්වන ඉඩම ජනතා විමුක්ති පෙරමුණ විසින් 2005 වසරේදී මිලදී ගත් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අනුටින් චාන්විරකුල් අද (5) තේරීපත්විය.

ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපීය රටවල් ගණනාවක පැතිර ගිය කෘෂිකාර්මික වකුගඩු රෝගයට ග්ලයිපොසේට් රසායනයේ සබඳතාවක් තිබිය හැකි බවට 2014 වසරේ දී මහාචාර්ය චන්න ජයසුමන මහතා පරීක්ෂණය කර හෙළිදරව් කිරීමක් සිදුකරන ලද අතර, එහෙත් එම පරීක්ෂණයේ ප්‍රතිඵල ව්‍යාජ බවට විවිධ විද්වතුන් බව කියාගන්නා පුද්ගලයන් මෙන්ම මාධ්‍යකරුවන්ද දිගින් දිගටම සමාජය තුළ ප්‍රචාරයන් දියත්කරන්නට විය.

ආණ්ඩුව විසින් නුදුරේදීම විදුලි බිල සියයට විස්සකින් වැඩි කිරීමේ යෝජනාවලියක් සකසමින් සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) පිළිගැනීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කරන ඉල්ලීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ඔවුන්ගේ ස්ථාවරය හෙළි කළ යුතු බව විශ්‍රාමික රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා පවසයි.

ඓතිහාසික මහනුවර පූජනීය පුරවරයේ දුරාචාර ප්‍රචලිත කිරීමේ යටි අරමුණු සහිතව ආරම්භ කිරීමට නියමිතව තිබූ "කැන්ඩි බ්‍රීස්" නම් රාත්‍රී වෙළඳ කලාපය සිංහල බෞද්ධ ජනයාගේ දැඩි විරෝධය හමුවේ නවතා දමා ඇති බව ලංකා ලීඩර් වෙත වාර්තා වේ.

ඊයේ(4), කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් බීජිංහිදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී දෙරට අතර සබඳතා ඉහළ මට්ටමකට ගෙන සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.


ප්‍රධාන පුවත්

ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..

පසුගිය වසර 30ක යුද්ධයේදී සන්නද්ධ හමුදාවන් සිය වගකීම 100%ක්ම ඉටු කරමින් රට දෙකකට බෙදීමේ තර්ජනයෙන් මුදාගත් බවත්, එලෙස දිනාගත් යුද ජයග්‍රහණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බෙදුම්වාදී මතවාද පරාජය කිරීමේ වගකීම බාර ගැනීමට විශ්‍රාමික රණවිරුවන් කිසිසේත් පසුබට නොවන බවත් "රණවිරු ජනපවුර" සංවිධානය අවධාරණය කරයි.

ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩගැසීමෙන් යුක්තිය පසිඳලීමේ කටයුතු වලට බාධා මතුව ඇතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්

මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

යුද්ධය අවසන් වූවද බෙම්වාදීන්ගේ මාර්ග සිතියම අවසන් වී නොමැති බවත්, බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම යාමට බිඳවැටුනු ආරක්ෂක හමුදාවක් අවශ්‍ය බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්

යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුමේදී රුසියාව ඊනියා “සාමූහික බටහිර” (Collective West ) කඳවුරට එරෙහිව තනිව සටන් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.

“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ බවට විවිධ විමර්ශන මඟින් හඳුනාගෙන ඇති ෂානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්, මේ වන විට තමන්ට එරෙහිව විමර්ශන මෙහෙයවමින් සිටින බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය නීතිඥවරයා මාර්ගයෙන් පෙරේදා (11) අභියාචනාධිකරණයට දැනුම්දී ඇත.

අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු එෆ්.බී.අයි (FBI) ආයතනය, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් වැනි ලෝක ප්‍රකට විමර්ශන ආයතන සොයාගත් කරුණු වලට අමතරව නව කරුණු මෙරට බලධාරීන් සොයාගෙන තිබේ නම්, වහාම ඒ බව එම ආයතනවලට දැනුම් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්

ජූනි මස 12 වනදාට යෙදී තිබෙන රුසියානු දිනය වෙනුවෙන් කොළඹ රුසියානු තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවයක් පසුගිය 10 වනදා ගාලු මුවදොර පිහිටි රත්නදීප හෝටලයේදී පැවැත්වීය.

ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..

ඊශ්‍රායලයේ සිට මෙරට ශ්‍රමිකයන් එවනු ලබන ඩොලර් අප්‍රේල් මාසයේ සිට එක් ආයතනයක සිරවී ඇති බවත්, වැඩිම විදේශ ප්‍රේෂන ප්‍රමාණයක් මෙරටට එවනු ලබන්නේ ඊශ්‍රායලයේ සිටින මෙරට ශ්‍රමිකයන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පවසයි.

සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ජූලි මස 10 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.