ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර ලේක්හවුස් ජනමාධ්‍යවේදියෙක්ට ‘සාම පාගමනේදී’ පහරදීලා..
ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර ලේක්හවුස් සමාගමට අයත් සන්ඩේ ඔබ්සර්වර් ජනමාධ්‍යවේදී මාධ්‍යවේදී බුවනෙක එස්. පෙරේරාට ශාරීරිකව පහරදීමේ සහ බියවද්දා පළවාහැරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අවිහිංසාවාදය මුල්කරගත් ‘එහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමනේ ජනමාධ්‍ය ආවරණය සිදුකරමින් සිටියදී ලේක්හවුස් ආයතනයේ ජනමාධ්‍යවේදීන් දෙදෙනකු වෙත පැමිණි චන්දන සූරියබණ්ඩාර මෙම පාගමන වාර්තා කිරීම සඳහා ඔවුන්ට බලයක් නොමැති බවත්, වහාම එම ස්ථානයෙන් ඉවත්වන ලෙසත් පැවසූ බව බුවනෙක එස්. පෙරේරා පවසයි.
තමන් රජයට අයත් ලේක්හවුස් ආයතනයේ ජනමාධ්‍යවේදියෙකු බවත්, ඒ මොහොතේ ගෙළෙහි පැළඳ සිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් ජනමාධ්‍ය හැදුනුම්පතද චන්දන සූරියබණ්ඩාරට පෙන්වූවද, ඔහු එයද නොතකා තමන්ව තල්ලුකර දමා පාගමනේ සිටි පිරිස ඉදිරියේම මහ හඩින් බැනවැදුණු බව ජනමාධ්‍යවේදී බුවනෙක සදහන් කරයි.
කෙසේවෙතත් මෙම හැසිරීමට තමන් විරෝධය පළකළත් අවස්ථා කිහිපයකදීම ඔහුට මෙය වාර්තා කිරීමට අවසර නැති බව පවසමින් ඉතා පහත් අන්දමින් චන්දන සූරියබණ්ඩාර තමන්ට බැනවැදුණු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියි.
එසේම බුවනෙක එස්. පෙරේරා සදහන් කර ඇත්තේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් තම ආයතනය හා රජයේ පාර්ශවයේ කිහිපදෙනකුම දැනුවත් කළ බවත් ඉන් අනතුරුව මහනුවර පොලීසියේ මීට අදාළව පැමිණීල්ලක් ඉදිරිපත් කළ බවත්ය.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මෙම සිදුවීමට දැඩිව විරෝධය පළකර තිබේ.
ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් ඔවුන් සදහන් කරන්නේ, ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර විසින් සිදුකළ ඔවුන්ට ශාරීරිකව පහරදීමේ සහ බියවද්දා පළවා හැරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බලවත් පිළිකුලෙන් යුතුව හෙළාදකින බවයි.
(උපුටාගැනීම – News 19)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි