බැංකු ගිණුම් කොල්ලකන නවතම ඩිජිටල් ජාවාරමක්..
බැංකු ගිණුම් කොල්ලකන නවතම ඩිජිටල් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ කරගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්ව තිබේ.
මෙහිදී සිදුවන්නේ නාඳුනන අංකයකින් හෝ ඔබේ මිතුරෙකුගේ නමින් වුවද ලැබෙන සැකකටයුතු " ඩොට් apk" නම් අනතුරුදායක ගොනුවක් ඔබ ඩවුන්ලෝඩ් හා විවෘත කළහොත් ඔබේ ජංගම දුරකථනයේ පාලනය හැකර්වරුන් අතට පත්වීමය.
ඒ ඔස්සේ ඔබේ SMS පණිවිඩ , OTP කේත වැනි සංවේදි තොරතුරු හැකර්වරුන්ට නිරාවරණය වීමෙන් බැංකු ගිණුම්වල ඇති මුදල් පවා කොල්ලකෑමට අවස්ථාව පවතියි.
මේ හේතුවෙන් ඔබට ලැබෙන පණිවිඩ විවෘත කිරීමේදී සැලකිලිමත් වන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දී ඇත.
මෙරට ස්මාර්ට් ජංගම දුරකථන පරිශීලකයින්ට ඔවුන් භාවිත කරන WhatsApp සහ Telegram සමාජ මාධ්‍ය යෙදවුම් ඔස්සේ ''ඩොට් apk'' (.apk) ලෙස Files හෙවත් ගොනු ලැබෙන බවට පොලිසිය නිරීක්ෂණය කර තිබේ.
apk ගොනුවක් , එනම් Android Package Kit යනු ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකථන සඳහා Mobile Apps ස්ථාපනය කිරීමට ඇති සැකසුම් ගොනු හෙවත් Setup File වේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට ලැබෙන මංගල ආරාධනා පත්‍ර, විදුලි බිල්පත් හෝ දිනුම් ඇදීම් ලෙස හැඟවෙන නම්වලින් ඔබ වෙත එවන මෙම apk ගොනු , රූපසටහනක් හෝ PDF එකක් යැයි සිතා Click කළ සැණින් ඔබේ ස්මාර්ට් දුරකථනයට Mobile App එකක් ලෙස Install වීම සිදු වේ.
ඉන්පසු හැකර්වරුන්ට ඔබගේ ජංගම දුරකථනයේ අන්තර්ගත දෑ පාලනය කිරීමට අවස්ථාව හිමි වේ.
ඒ ඔස්සේ ඔබට ලැබෙන SMS පණිවිඩ කියවීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන අතර , ඔබේ බැංකු ගිණුම්වලට අදාළ රහසිංගත OTP කේතයන් පවා ඔබ නොදැනුවත්වම හැකර්වරුන්ගේ අතට පත් වේ.
මේ හේතුවෙන් නාඳුනන අංකයකින් හෝ ඔබේ මිතුරෙකුගේ නමින් වුවද ලැබෙන මෙවැනි සැකකටයුතු ".apk" ගොනු කිසිවිටෙකත් Download කිරීම හෝ විවෘත කිරීම සිදු නොකිරීමට සිහියේ තබාගත යුතුය.
ඔබගේ දුරකථනයට අවශ්‍ය Mobile Apps ලබාගැනීමේදී සැමවිටම Google Play Store හෝ Apple App Store පමණක් භාවිතා කළ යුතුය.
එමෙන්ම ජංගම දුරකථන Settings තුළ ඇති "Install Unknown Apps" යන්න අක්‍රිය කර තැබීමටත් වගබලා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වේ.
යම් හෙයකින් ඔබ මෙවැනි වංචාවකට හසු වුවහොත් වහාම ඔබගේ බැංකු ගිණුම් අත්හිටුවා ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දී ඇත.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..