News Category
From Date
To Date
Maximum Number of Result

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාට සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරීනියට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ සහ විකෘති කළ පුවත් පළ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ.

හංගේරියානු ලේඛක ලාස්ලෝ ක්‍රස්තගෝකරායි වෙත 2025 සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරිනමන ලද බව නිවේදනය කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය තහවුරු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බවට යෝජනා කරමින් විපක්ෂය විසින් ගෙන එන ලද සභාව කල්තැබීමේ යෝජනාව අද (10 දා) සවස 3.30 සිට 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ පස්වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්ය මණ්ඩලය මට්ටමේ එකඟතාවකට එළඹි අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම පස්වන සමාලෝචනය අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 347 ක පමණ මූල්‍ය පහසුමක් ලබා ගැනීමට ප්‍රවේශය ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (09) ප්‍රකාශ කළේය.

දැනට පවතින රාජ්‍ය පාලනය ගැන නිසි අවබෝධයක් නොමැති වීම නිසා ජනතා ආකර්ෂණය යම් ප්‍රමාණයකට අඩුවෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පෙන්වා දෙයි.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කිරීමට නියමිත බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද යෝජනාවක් ජයග්‍රහණය කරන ලද්දේ 2010 වසරේ පමණක් බව විදේශ ඇමති විජිත හේරත් මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සාවද්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව පොලීසිය පවසයි.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කෙරුනු අතර, ඒ පිළිබඳව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා වෙත කරුණු දක්වමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා කනස්සල්ල පළකර තිබේ.


ප්‍රධාන පුවත්

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.

සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර

පාස්කු වින්දිතයන්ට පාස්කු ප්‍රහාරයේ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවට සිරිල් ගාමිණී පියතුමා පැවසූ බවත්, එය පිළිගන්නා නමුත් එම සත්‍ය වන්නේ මාලිමා රජයට අවශ්‍ය සත්‍ය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අවශ්‍ය සත්‍ය නොව ඇත්තම සත්‍ය බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.