ඩොලරය සඳහා නිල නොවන මට්ටමේ උපරිම මිලක් නියම කරලා.. - රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් අනාවරණයක්
දේශීය මුදල් වෙළෙඳපොළ තුළ ඇමරිකානු ඩොලරයේ අගය සීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වෙමින්, ඩොලරය සඳහා නිල නොවන මට්ටමේ උපරිම මිලක් (Capped Price) නියම කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටින්නේ රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මහ බැංකු අධිපතිවරයා විසින් වාණිජ බැංකු ප්‍රධානීන් සහ බලයලත් මුදල් හුවමාරු ආයතන හිමිකරුවන් කැඳවා අවිධිමත් සාකච්ඡා වට දෙකක් පවත්වා ඇති බවයි.
එහිදී ඩොලරයේ අගය රුපියල් 329 ත් 335 ත් අතර සීමාවක පවත්වාගෙන යන ලෙස උපදෙස් දී ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපාදන ද උල්ලංඝණය කරමින් අන්තර් බැංකු හුවමාරුව සඳහා ඩොලරයට රුපියල් 330 ක නිල නොවන පාලන මිලක් පනවා ඇති බව එම නිවේදනයේ සඳහන්.
මීට අමතරව ආනයනකරුවන්ට මුදල් මෙරටට ගෙන ඒමට ලබා දී තිබූ දින 90 ක කාලය දින 30 දක්වා සීමා කිරීමට ද පියවර ගෙන ඇති බවත් එහි දැක්වේ.
මහ බැංකුව වාණිජ බැංකුවලින් ඩොලර් මිලදී ගැනීම සඳහා රුපියල් මවමින් (තාක්ෂණික වශයෙන් මුදල් අච්චු ගසමින්) කටයුතු කිරීම හේතුවෙන් පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම (M2b) විශාල ලෙස ප්‍රසාරණය වී ඇති බවත්, පසුගිය මාස 15 තුළ රුපියල් බිලියන 2,146.1 කින් (ට්‍රිලියන 2.1 කින්) මුදල් සැපයුම ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
2026 වසරේ පළමු මාස තුන තුළ පමණක් (ජනවාරි - මාර්තු) මහ බැංකුව රුපියල් බිලියන 610.7 ක් මවා ඇති අතර, මාර්තු මාසයේදී පමණක් එම අගය රුපියල් බිලියන 309.4 ක් බව එහි සඳහන්.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුත් නව මුදල් නෝට්ටු මේ වන විට වෙළෙඳපොළට විශාල වශයෙන් එකතු වී ඇති බවත්, 2025 ජනවාරි 1 වනදා රු. මිලියන 1,351,312 ක් වූ සංසරණයේ පැවති ව්‍යවහාර මුදල් ප්‍රමාණය, 2026 මැයි 22 වන විට රු. මිලියන 1,655,268 දක්වා රුපියල් මිලියන 303,956 කින් ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
මුදල් සැපයුම ට්‍රිලියන ගණනින් ඉහළ දැමුවද රටේ විදේශ සංචිතවල කැපී පෙනෙන වර්ධනයක් සිදුව නොමැති බවත්, 2025 මාර්තු මාසයේ ඩොලර් මිලියන 6,531 ක් වූ විදේශ සංචිත 2026 අප්‍රේල් අවසානය වන විට වර්ධනය වී ඇත්තේ ඩොලර් මිලියන 6,759 දක්වා සුළු ප්‍රමාණයකින් බවයි ඔහු සඳහන් කරන්නේ.
එමෙන්ම ඉදිරි දිනකදී IMF වෙතින් ලැබීමට නියමිත ඩොලර් මිලියන 700 ක මුදල අයවැය හිඟය පියවා ගැනීමට (භාණ්ඩාගාර කටයුතුවලට) මිස සංචිත ශක්තිමත් කිරීමට යොදාගත නොහැකි බවත් ඔහු එම නිවේදනය මගින් පෙන්වා දෙයි.
මේ අතර, මධ්‍යම රජයේ නොපියවූ ණය ප්‍රමාණය ද 2024 නොවැම්බර් මස පැවති රු. බිලියන 28,240.22 සිට 2025 වසර අවසානය වන විට රු. බිලියන 29,994.69 දක්වා රුපියල් බිලියන 1,754.47 කින් ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
https://drive.google.com/file/d/1rV6v550Frauh1OU7NSzOSgoxSl0ypCe_/view
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..