News Category
From Date
To Date
Maximum Number of Result

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පොලිස් නිලධාරියෙකු හා නීතිඥවරයෙකු අතර ඇතිවූ සිද්ධියට සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මහතා පවසන්නේ එම නීතිඥවරයාගේ හැසිරීම මගින් ඔහු නිරුවත් වූවා පමණක් නොව සමස්ත නීතිඥ ප්‍රජාවම නිරුවත් කළ බවයි.

ගල්කිස්ස උසාවිය භූමියේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රශ්නගතව සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මූලස්ථානය පොලිස් ස්ථානයට කැදවා ඇති බව වැඩබලන පොලිස්මාධ්‍ය ප්‍රකාශක මිනුර රශාන්ත සෙනරත් පවසයි.

නීති වෘත්තියේ ආචාරධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ මහනුවර පදිංචි නීතිඥවරයකු සේවයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

නීති වෘත්තියේ ආචාරධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ මහනුවර පදිංචි නීතිඥවරයකු සේවයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

අනුරාධපුර, ගලෙන් බිඳුණුවැව ගොවින් යල කන්නයේ වගා කළ අක්කර දහස් ගණනක ලොකු ලූනු අස්වැන්න නිවෙස්වල ගොඩ ගසා තිබීමෙන් කුණු වී කිලෝ දහස් ගණනක් ඉවත දැමීමට සිදුව ඇතැයි හුරුළුනිකවැව ගොවීහු පවසති.

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ජෝන් කීල්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති කැඩීමට තම ආයතනයේ සේවක මඩුල්ල පොළඹවන බවත් පවසයි.

තමාට ලබාදී තිබූ ආරක්‍ෂකයන් ඉවත් කළ වත්මන් ආණ්ඩුව යළි තමා වෙත ආරක්‍ෂාව ලබාදීමට තීරණය කර තිබෙන්නේ ඇයි දැයි යන්න ගැටලුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පවසා ඇත.

පසුගිය කාලයේ මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදවලින් මිදී ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින නමුත්, එවන් තත්ත්වයක් නැවත ඇතිවීමේ සැලකිය යුතු අවදානමක් පවතින බව ස්වාධීන අධ්‍යයන කණ්ඩායමක් විසින් සකසන ලද වාර්තාවක් මගින් අනතුරු අඟවා ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළ තොරතුරු හෙළිදරව් නොකළ යුතු බවත්, විමර්ශන තවමත් සිදුවෙමින් පවතින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.


ප්‍රධාන පුවත්

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.

සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර

පාස්කු වින්දිතයන්ට පාස්කු ප්‍රහාරයේ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවට සිරිල් ගාමිණී පියතුමා පැවසූ බවත්, එය පිළිගන්නා නමුත් එම සත්‍ය වන්නේ මාලිමා රජයට අවශ්‍ය සත්‍ය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අවශ්‍ය සත්‍ය නොව ඇත්තම සත්‍ය බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.