මගෙ යාළුවො ඩොලර් මිලියන 23ක් ලංකාවට නිකං දෙන්න ආවා.. IMF කිවුවා එහෙම කරන්න බෑ කියලා..- සංගීත්
වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු විදේශගතව සිටින සිය මිතුරන් පිරිසක් ඩොලර් මිලියන 23ක මුදලක් මෙරටට ලබාදීමට සූදානමින් සිටියද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින නීති රීති හමුවේ එය සිදු කිරීමට නොහැකි වූ බව ප්‍රකට සංගීත ශිල්පී සංගීත විජේසූරිය මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, රජය ජයග්‍රහණය කළ පසු එක් මිතුරෙකු පමණක් නොව පුද්ගලයින් හතර දෙනෙකුම මෙලෙස මුදල් ලබාදීමට සූදානම්ව සිටි බවයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි දෙදෙනෙකු සහ එක්සත් රාජධානියේ සිටින සිය මිතුරෙකු ඇතුළු පිරිසක් මෙලෙස ඩොලර් මිලියන 23ක් වැනි විශාල මුදලක් මෙරටට රැගෙන ඒම පිළිබඳ සාකච්ඡා කළ බව ඔහු අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ ඒ සම්බන්ධ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත්, එහිදී දැනගන්නට ලැබුණේ පවතින මූල්‍ය රෙගුලාසි අනුව එලෙස මුදල් මෙරටට ගෙන ඒමට නොහැකි බවත්ය.
"එම්.එෆ්. එකෙන් බැහැ, එහෙම ගෙනල්ලා ඩොලර් මෙහෙට දාන්න බැහැ, ඒක තමයි නීතිය" යනුවෙන් තමන්ට දැනුම් දුන් බව විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මුදල් මෙරටට එවීමට ඔවුන් බලාපොරොත්තු වූයේ ලාභ ලබන ආයෝජනයක් ලෙස නොව, රටට දක්වන සහයෝගයක් හා ආධාරයක් ලෙස බව හෙතෙම පැහැදිලි කළේය.
විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් රටට ඇති ආදරය නිසාම මෙරට ඩොලර් සංචිත ඉහළ නැංවීමට මෙවැනි ක්‍රම මගින් උත්සාහ කළද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හමුවේ එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව සංගීත විජේසූරිය මහතා පවසා සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්