පැරණි ක්‍රමයට හෝ පළාත් සභා තියන්න... විපක්ෂයේ පක්ෂ එකඟතාවක!
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ එම මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් අද (26) කොළඹදී පැවැත්විණි.
නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාමාර්ගය සංවිධානයේ මූලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරුන්, පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් එක්ව සිටියහ.
එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම, එය දිගින් දිගටම කල් යාමට හේතු වූ කරුණු සහ කඩිනමින් මැතිවරණය පැවැත්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
සාකච්ඡාවට එක්වූ විපක්ෂ දේශපාලන පක්ෂ සහ නිරීක්ෂණ සංවිධාන 42 අතරින් එක් පක්ෂයක් හැර අනෙකුත් සියලු පාර්ශව එක් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා ඇති අතර, එම ප්‍රකාශය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහ ආණ්ඩු පක්ෂයට යොමු කිරීමට ද තීරණය වී ඇත.
ඒකාබද්ධ ප්‍රකාශයට අනුව, 2017 අංක 17 දරණ පනතට පෙර පැවති මැතිවරණ ක්‍රමය යටතේ දැනට කල් දමා ඇති පළාත් සභා මැතිවරණ පැවැත්වීමට එකඟතාව පළ කර තිබේ.
එමෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් තීරණය ලැබෙන තෙක් එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ද එකඟ වී ඇත.
තවද, ස්වේච්ඡා පදනමක් මත කාන්තා සහ තරුණ නියෝජනය සියයට 25ක් දක්වා සහතික කිරීමට ද පක්ෂ එකඟතාව පළ කර තිබේ.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ, සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් පා.ම රංජිත් මද්දුම බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පා.ම සාගර කාරියවසම්, ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.
එමෙන්ම එම්. ඒ. සුමන්තිරන් නියෝජනය කරන ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂයේ නියෝජිතයින්, මනෝ ගනේෂන්, සී වී විග්නේෂ්වරන්, මහින්ද දේශප්‍රිය ඇතුළු පිරිසක්ද ඊට සහභාගී වූහ.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට ජාතික ජනබලවේගයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සහභාගී වූ අතර පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනාම මීට සහභාගීව සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි