News Category
From Date
To Date
Maximum Number of Result

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්, පුබුදු ජයගොඩ මහතාගේ පියාණන් අභාවප්‍රාප්ත වී තිබේ.

මේ වසරේ පළමු කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර තිබෙන අතර ඊට පාර්ශ්ව කිහිපයකින්ම එල්ල වන්නේ දැඩි විරෝධයකි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 2758 යෝජනාවට අනුකූලව සමස්ත චීනය නියෝජනය කරන එකම නීත්‍යනුකූල රජය ලෙස මහජන චීන සමූහාණ්ඩුවේ රජය පිළිගන්නා බවත් එක් චීනයක් ප්‍රතිපත්තියට ස්ථිර සහයෝගය දෙන බවත් ශ්‍රී ලංකාව නැවත අවධාරණය කර තිබේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන යටතේ පරිපුර්ණ ලිංගික අධ්‍යාපනය (Comprehensive Sex Educations) සංකල්ප අටක් (08) යටතේ වයස් කාණ්ඩ 04 කට අවුරුදු 5-8, 9-12, 12-15, 15-18 LBGTQ++ප්‍රවර්ධනයට පාසල් විෂය නිර්දේශය යටතේ හදුන්වා දිමට පසුබිම සකස් කොට ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

දරුවන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් අසභ්‍ය සහ සංස්කෘතියට නොගැලපෙන දේ එකතු කිරීමට මෙම රජය දරන උත්සහාහය පිළිබඳව මේ වන විට රටේ ජනතාව සංවේදී වී ඇති බවත්, මෙය මේ වන විට රටේ ඇති වී තිබෙන දරුණු ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් මව්වරුන්ගේ පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ දර්ශනී ලහුඳුපුර මහත්මිය පවසයි.

ඉරානය තුළ මේ වන විට ක්‍රියාත්මක වන රජයට එරෙහි විරෝධතාවලට අමෙරිකානු එක්සත් ජනපදය මැදිහත් වුවහොත්, එය රතු ඉර ඉක්මවා යාමක් ලෙස සලකා පසුතැවීමට සිදුවන ආකාරයේ දැඩි ප්‍රතිචාරයක් ලබා දෙන බව ඉරාන ඉහළ පෙළේ නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉංග්‍රීසි මොඩියුලයේ පමණක් නොව ඉතිහාසය මොඩියලයේද දෝෂ ඇති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

රුහුණු කතරගම මහා දේවාලයට බැතිමතුන් විසින් පූජා කරන ලද රන් භාණ්ඩ තොගයකින් කොටසක් අලෙවි කර, එමගින් ලැබෙන ආදායම ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ (Rebuilding Sri Lanka) අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.


ප්‍රධාන පුවත්

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.