ඩොලර් ලක්‍ෂ තුනක් ගැන ඇමති කියන කතාව බොරු..- යුපුන් අබේකෝන් ප්‍රතිචාර දක්වයි..
තමන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා රජයෙන් අමෙරිකානු ඩොලර් 300,000ක මුදලක් කොන්දේසියක් ලෙස ඉල්ලා සිටි බවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කළ ප්‍රකාශය ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් තරයේ ප්‍රතික්ෂේප කරයි.
බී.බී.සී සිංහල සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, අදාළ මුදල තමන්ට සහ තම සහායක කණ්ඩායමට 2021 වසරේ සිට ලැබිය යුතුව තිබූ හිඟ මුදල් සහ පෙර පැවති රජයන් විසින් ලබා දීමට පොරොන්දු වූ ගෙවීම්වල එකතුවක් බවයි.
"මම දිගටම තරඟ කිරීම සඳහා ඩොලර් 300,000ක් කොන්දේසියක් විදිහට ඉල්ලුවේ නැහැ. ඒ ඉල්ලීම කළේ කලින් හිටපු අමාත්‍යවරුන් ලබා දුන් පොරොන්දු සහ වසර හතරකට වැඩි කාලයක් තිස්සේ පවතින නොවිසඳුණු හිඟ මුදල් පදනම් කරගෙනයි. ඒ හැමදේකටම අදාළ ලේඛන මා සතුව තිබෙනවා. මම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ වසර හතරක් තිස්සේ ඇදී යන මෙම ගැටලුව විසඳා දෙන ලෙස පමණයි," යැයි යුපුන් පවසා සිටියේය.
අමාත්‍යවරයාගේ ප්‍රකාශය හේතුවෙන් තමන් දැඩි කලකිරීමට පත්ව ඇති බව පවසන යුපුන්, එමගින් තමන් මුදලට පමණක් රට වෙනුවෙන් දුවන ක්‍රීඩකයෙකු ලෙස සමාජයට වැරදි චිත්‍රයක් මවා ඇති බව පෙන්වා දෙයි.
"ඒ ප්‍රකාශය මාව අනවශ්‍ය ලෙස දේශපාලනයට ගැබ් කරනවා. ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමට ඕනෑතරම් අවස්ථා තිබියදීත්, මම ශ්‍රී ලංකා ධජය ජාත්‍යන්තරයට රැගෙන ගියේ දැඩි දේශප්‍රේමයකින්. එවැනි ක්‍රීඩකයෙකු දේශද්‍රෝහියෙකු ලෙස හැඟවෙන පරිදි ප්‍රකාශ නිකුත් කිරීම කණගාටුදායකයි," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
වීඩියෝ සාකච්ඡාවේදී යුපුන් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පද්ධතිය තුළ පවතින අස්ථාවරභාවය තමන්ගේ සමුගැනීමට ප්‍රධාන හේතුවක් වූ බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්