රුපියල බාල්දුවීමෙන් විදෙස් ණය ගෙවීමට අමතරව රුපියල් බිලියන 48ක් වැයවෙලා.. - මුදල් කාරක සභාවේදී අනාවරණය වෙයි..
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමානය වීම හේතුවෙන් පසුගිය වසරේ විදෙස් ණයගෙවීම සඳහා අමතරව රුපියල් බිලියන 48ක මුදලක් වැයවී ඇති බව රාජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණව වී තිබේ.
එම කාරක සභාව හමුවට මුදල් අමාත්‍යංශයේ නිලධාරින් කැද වූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
රුපියල අවප්‍රමානය වීම හේතුවෙන් පසුගිය වසරේ විදෙස් ණයගෙවීම සඳහා අමතරව කොපමන මුදලක් අයවී ඇද්ද යන්න පිළිබඳව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
ඊට මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂ්‍ය ජනරාල් උදේනී තිලකරන මහතා පිළිතුරු ලබාදෙමින් පැවසුවේ,
"රුපියල් බිලියන 48ක් විතර. ඒක හැදෙන්නේ අපි ගෙවලා තියෙනවා 2400ක් පමණ ඩොලර් වලින්. විනිමය අනුපාතිකයේ වෙනස එනවා රුපියල් 20ක්. එතකොට 2400 වැඩි කිරීම 20 ගත්තොත් රුපියල් බිලියන 48ක්. එතකොට රුපියල් වලින් අපිට බිලියන 48ක් වැඩිපුර වියදම් වෙලා තියෙනවා 2025 අවුරුද්දේ දී." යනුවෙනි.
මේ අතර විදෙස් ණයගෙවීමේදී 2025 වසරේදී ඩෝලර් මිලියන 600ක මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවීම සම්බන්ධයෙන්ද මෙහිදී හර්ෂ ද සිල්වා මහතා විමසීමක් කළේය.
ඊට ජනරාල් උදේනී තිලකරන මහතා වාචිකව පිළිතුරු ලබාදුන් නමුත් සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් කඩිනමින් කමිටුවට ඉදිරිපත්කරන ලෙසටය.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්