ඉන්දියාවේ ‘කැරපොතු’ අරගලය ලංකාවේ එක වගේම වෙයි.. අරගලයට ඉන්දියාවෙන්ම ගලන ආහාර ගඟක්..
ඉන්දියාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ සිදුවන දූෂණ සහ තරඟකාරී විභාගවල ප්‍රශ්න පත්‍ර දිගින් දිගටම පිටවීමට එරෙහිව නව දිල්ලියේ ආරම්භ වූ 'කැරපොතු' අරගලය (Cockroach Protest) මේ වන විට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එල්ල වූ ප්රබලතම සහ නිර්මාණාත්මකම තරුණ අභියෝගය බවට පත්ව තිබේ.
විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාග සහ රජයේ රැකියා සඳහා පැවැත්වෙන ඉහළ මට්ටමේ තරඟකාරී විභාගවල ප්‍රශ්න පත්‍ර දිගින් දිගටම පිටවීම හේතුවෙන් අනාගතය අඳුරු වූ තරුණයින් කිහිපදෙනෙකුම සියදිවි හානිකර ගැනීමේ තත්ත්වයන් හමුවේ මෙම විරෝධතාව හටගෙන ඇත.
මෙම අසාධාරණයට වගකීම භාරගනිමින් ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට විරෝධතාකරුවෝ බලකර සිටිති.
නව දිල්ලියේ ජන්තර් මන්තර් විරෝධතා භූමිය වෙත සෘජුවම පැමිණීමට නොහැකි, නමුත් අරගලයට සහය දක්වන සමස්ත ඉන්දියාවේම ජනතාව මේ වන විට අමුතුම ආකාරයේ සහයෝගයක් ලබා දෙමින් සිටිති.
ඒ අනුව, ජංගම ආහාර බෙදාහැරීමේ යෙදුම් (Food Delivery Apps) ඔස්සේ විරෝධතා භූමියේ සිටින ඕනෑම අයෙකු සඳහා බර්ගර්, පීසා, කෙටි ආහාර සහ පානීය ජල බෝතල් ඇණවුම් කිරීමට රට පුරා සිටින ජනතාව පෙළඹී සිටිති. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම මිනිත්තු කිහිපයකට වරක්ම ආහාර බෙදාහරින්නන් යතුරුපැදිවලින් පැමිණ විරෝධතාකරුවන්ට ආහාර පාන සපයන අතර, ඇතැම් අවස්ථාවල පැමිණ සිටින පිරිසටත් වඩා වැඩි ආහාර ප්‍රමාණයක් ලැබෙන බව ස්වේච්ඡා සේවකයෝ පවසති.
පසුගිය සඳුදා පොලිසිය විසින් කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට උත්සාහ කළද, විරෝධතාකරුවෝ සිය ස්ථාවරය වෙනස් නොකර අරගලයේ නිරත වෙති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..