ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවර්යා ලෙස තේරී පත්වී යුක්රේන ගැටුම අවසන් කිරීමට ඉතා උනන්දුවෙන් උත්සාහ කළහොත් ඔහුට අවසානයේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ ඉරණම අත්විය හැකි බව හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් ප්‍රකාශ කරයි. හෙට(05) පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත්වුවද වොෂින්ටනය සහ මොස්කව් අතර සබඳතා වල මේවන විට තිබෙන ආතතිමය ස්වභාවය එලෙසම පවතිනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය .
රුසියාව "යුක්රේනයට එරෙහිව යුද්ධ කිරීමේදී සිය අවි පද්ධති සඳහා" භාවිතා කරනවා යැයි පැවසෙන භාණ්ඩ සහ සංරචක සැපයීම හේතුවෙන් ඉන්දියානු ආයතන සහ පුද්ගලයන් 19 දෙනෙකුට සම්බාධක පැනවූ බව එක්සත් ජනපදය නිවේදනය කරයි. ඉන්දියානු සමාගම් මෙන්ම වෙනත් රටවල සමාගම් සිය ගණනක් ද සම්බාධක පැනවීම සඳහා ඉලක්ක කර ඇත. පසුගිය ඔක්තෝබර් 30 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියේ රුසියාවට ගුවන් යානා සංරචක සැපයීම හේතුවෙන් ඉන්දියාව පදනම් කරගත් Ascend Aviation සහ Mask Trans යන ආයතන වලට සම්බාධක පනවන බවයි. Ascend Aviation ආයතනය "එක්සත් ජනපදයේ නිෂ්පාදිත" සමහර සංරචක විකුණා ඇතැයිද කියනු ලැබේ. සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂවරුන් ද සම්බාධක වලට යටත් කරන ලද්දේය.
ලෙබනන් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සමඟ යුදෙව් රාජ්‍යයේ ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් සාම ප්‍රයත්නයන්ට රුසියාවේ සහභාගීත්වය ඊශ්‍රායලයට අවශ්‍ය බව,කලාපයේ සාමය සම්බන්ධ සාකච්ඡාවලට දායකත්වය දක්වන නිලධාරීන් උපුටා දක්වමින් ඊශ්‍රායල Ynet ප්‍රවෘත්ති සේවය සහ තවත් ප්‍රාදේශීය ප්‍රවෘත්ති ආයතන කිහිපයක් වාර්තා කළහ. වාර්තා වලට අනුව, බටහිර ජෙරුසලම අපේක්ෂා කරන්නේ මොස්කව්හි මැදිහත්වීම ඇතිකරගන්නා එකඟතාවයන්වල අනාගත ස්ථාවරත්වය එක් කළ හැකි බවත් එක්සත් ජනපදය මත යැපීම අඩු කළ හැකි බවත්ය. “ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී සහ තවදුරටත් ගැටුම් උත්සන්න වීම වැළැක්වීම සඳහා රුසියානුවන්ට විශේෂ කාර්යභාරයක් ලැබෙනු ඇත.” ප්‍රවෘත්ති මූලාශ්‍රයක් Ynet පුවත් සේවය වෙත පවසා ඇත. පුවත් වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඊශ්‍රායලයේ හිටපු නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ඔර්නා මිස්රාහි නිව්ස්වීක් වෙත පැවසුවේ ඊශ්‍රායලය “ඇමරිකානුවන්ට වැඩි කැමැත්තක් දක්වන අතර” ඉරානය සමඟ රුසියාවේ “යහපත් සබඳතා” ලෙබනනය සම්බන්ධයෙන් ඇති කර ගත් ඕනෑම එකඟතාවයක අනාගත ස්ථාවරත්වයට දායක විය හැකි බව ඊශ්‍රායලය වටහා ගන්නා බවයි.

ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්