News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විශ්වාසය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය පාවා දුන්නා- ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්

Sep 25, 2025 at 02:31 PM
|

 2024 දී බලයට පත්වීමෙන් පසු ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පැවසුවේ මෙම වසර මුලදී ඉරානය මත පටවන ලද එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය කලාපීය සාමය සඳහා වූ අපේක්ෂාව අඩපණ කරනු ලැබූ “රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ මහා පාවාදීමක්” බවයි.

ඉරානයට එල්ල වූ මෑත කාලීන ප්‍රහාර හුදකලා සිදුවීම් නොවන බවත්, ඒ වෙනුවට ඉරානයේ ස්වෛරීභාවය අඩපණ කිරීම සඳහා නිර්මාණය කර ඇති බටහිර පිටුබලය ලත් ආක්‍රමණ රටාවක කොටසක් බවත් පෙසෙෂ්කියන් ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා "ඊශ්‍රායලය විසින් මරා දමන ලදී" පොත පෙන්වමින් සිවිල්, හමුදා සහ න්‍යෂ්ටික යටිතල පහසුකම්වලට ඊශ්‍රායල ප්‍රහාර අතරතුර ඝාතනය කරන ලද ළමුන්, කාන්තාවන් සහ පිරිමින් 1000 කට අධික සංඛ්‍යාවකගේ නම් අඩංගු පිටු පෙන්වීය.

“මෙම ප්‍රහාර එල්ල කරන ලද්දේ ඉරානය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල නියැලී සිටියදීයි." ඉරානයේ විරුද්ධවාදීන්ගේ කුහකකම හෙළි කරමින් ඔහු පැවසීය. “මෙම නිර්ලජ්ජිත ආක්‍රමණය… ජාත්‍යන්තර විශ්වාසයට දැඩි පහරක් එල්ල කළා.”ඔහු අවධාරණය කළේය.

ඉරානයට එරෙහි නීති විරෝධී ප්‍රහාර ගාසා තීරයේ පවතින අර්බුදයට සම්බන්ධ කරමින් පෙසෙෂ්කියන් ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය පලස්තීන ප්‍රදේශයේ බටහිර සහයෝගය ඇතිව ඊශ්‍රායලය පලස්තීන ජන සංහාරයක් සිදු කරන බවයි.  “පසුගිය වසර දෙක තුළ ගාසා තීරයේ දුර්වල දරුවන් බලහත්කාරයෙන් කුසගින්නේ තැබීම සහ අහිංසක මිනිසුන් 65,000 කට අධික සංඛ්‍යාවක් සමූලඝාතනය කිරීම ලෝක ජනයා අත්විඳ තිබේ.”

යුරෝපය වෙත තම විවේචන යොමු කරමින්, ජනාධිපතිවරයා ජර්මනිය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය ඉරානයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සම්බාධක නීති විරෝධී ලෙස නැවත පණ ගැන්වීමට වොෂින්ටනයේ නියෝග මත ක්‍රියා කරන බවට චෝදන නඇගීය. දශකයක "නරක විශ්වාසය" සහ මිලිටරි ආක්‍රමණයට සහාය දීම තුළින් ඉරානය දණ ගැස්වීමට අපොහොසත් වීමෙන් පසු හොඳ හිත පසෙකට දැමීම, නීතිය මග හැරීම සහ අමූලික අපයෝජනයේ යෙදීම සම්බන්ධයෙන් ඉරාන ජනාධිපතිවරයා ඔවුන්ට චෝදනා කළේය.

“මෙම නීති විරෝධී ක්‍රියාවට.. ජාත්‍යන්තර නීත්‍යානුකූලභාවයක් නොමැති අතර ජාත්‍යන්තර ප්‍රජාව විසින් එය පිළිගනු නොලැබේ,” ඔහු ප්‍රකාශ කළේ, මෙම පියවර ඔවුන් වරක් සැමරූ න්‍යෂ්ටික ගිවිසුම (JCඵ්Oඈ විනාශ කිරීමේ මංමුලා සහගත උත්සාහයක් ලෙස විස්තර කරමිනි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, පෙසෙෂ්කියන් ඉස්ලාමීය විප්ලවයේ නායක අයතුල්ලා සෙයිද් අලි කමේනි විසින් දිනකට පෙර කරන ලද ප්‍රකාශ නැවත අවධාරණය කළේය. “මම නැවත වරක් ප්‍රකාශ කරන්නේ… ඉරානය කිසි විටෙකත් න්‍යෂ්ටික අවි තැනීමට උත්සාහ කර නැති බවත්, කිසි විටෙකත් උත්සාහ නොකරන බවයි.” ඔහු පැවසීය. ආගමික විශ්වාසය සහ නායකයාගේ ෆට්වා යන දෙකෙහිම මෙම ස්ථාවරය පදනම් කර ගනිමින් ඔහු කරුණු දැක්වීය.  "විශාලතම අවි ගබඩා" ඇති න්‍යෂ්ටික සන්නද්ධ රාජ්‍යයන් ඉරානයට චෝදනා කිරීම සම්බන්ධයෙන් ඉරාන ජනාධිපතිවරයා සංසන්දනාත්මකව කරුණු දැක්වීය.

ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ "'මහා ඊශ්‍රායලය' පිළිබඳ මායාකාරී සැලැස්ම" කලාපය සඳහා ඉරානයේ විකල්ප දැක්ම සමඟ සමපාත කළේය. ඔහු ඊශ්‍රායලය ඉදිරිපත් කරන ආක්‍රමණයට සමාන කළ "බලය හරහා සාමය" මත නොව, "සාමය හරහා බලය" මත ගොඩනැගුණු අනාගතයක් පිළිබඳ අදහස ඉදිරිපත් කළේය. මෙම දැක්ම, සාමූහික ආරක්ෂාව, මානව ගරුත්වය, සාධාරණ සම්පත් බෙදා ගැනීම සහ ජාතික ස්වෛරීභාවය සඳහා නොසැලෙන ගෞරවයක් මත පදනම් වී ඇති බව ඉරාන ජනාධිපතිවරයා පැවසීය.

අසර්බයිජානය සහ ආර්මේනියාව අතර ක්‍රියාවලිය ඇතුළුව කලාපීය සාම මුලපිරීම් සඳහා ඉරානයේ සහයෝගය පෙසෙෂ්කියන් ප්‍රකාශ කළ අතර යුක්රේන යුද්ධයේ සාධාරණ අවසානයක් සඳහා බලාපොරොත්තු පළ කළේය. මුස්ලිම් ජාතීන් විසින් මෙහෙයවනු ලබන පුළුල් කලාපීය ආරක්ෂක ක්‍රමවේදයක් සඳහා විභව පදනමක් ලෙස සෞදි අරාබිය සහ පකිස්ථානය අතර මෑතකදී ඇති කරගත් ආරක්ෂක ගිවිසුමක් ඔහු පිළිගත්තේය.

හෘද ශල්‍ය වෛද්‍ය වෘත්ටීයෙන් පසු ජනාධිපතිවරයෙකු වූ ඔහු සිය කතාව අවසන් කළේ සුප්‍රසිද්ධ පර්සියානු කවියෙකු වන සාදිගේ වචන වලින්: "ආදම්ගේ දරුවන් එක් ශරීරයක අවයව වේ... අන් අයගේ දුක් වේදනාවලින් නොසැලෙන ඔබ, ඔබව මිනිසුන් ලෙස හැඳින්වීම සුදුසු නොවේ."

Pezeshkian says US and Israel ‘betrayed’ trust and diplomacy

සම්බන්ධිත පුවත් | Related News

ගුරුවරුන්ගේ ඉල්ලීම් බලන්න වෙන්නේ 2028 දී. එල්ල වන චෝදනා තඹ සතේකටවත් ගණන් ගන්නේ නෑ යයි නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පවසයි.
තමන්ට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙරට අධිකරණ පද්ධතියේ විනිසුරු මඬුලු සැලසුම්සහගතව සකස් කිරීමේ (Bench Fixing) ක්‍රියාවලියක් සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
30 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය දක්වන්නේ ද යන්න පිළිබඳ තීරණය අද (29) ගැනීමට නියමිත බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ ප්‍රමාණය හා එහි නඩත්තු වියදම් සම්බන්ධයෙන් විවාදාත්මක අදහසක් පළ කර තිබේ.
යාපනය ප්‍රදේශයේ පසුගියදා පැවති මහවිරු සැමරුම් සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථන් සිය අදහස් පළ කර තිබේ.
අමාත්‍යාංශ නිල නිවාස ලබා නොගන්නා බවට ප්‍රකාශ කළ අමාත්‍යවරුන් දස දෙනෙකු මේ වන විට නිල නිවාස ලබාගෙන සිටින බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.
හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.