News Category
From Date
To Date
Maximum Number of Result

චීනයට යාබද රාජ්‍යයේ පෙරලියක් සිදුව ඇත! එහෙත් බීජිං කනස්සල්ලට පත්විය යුතුද?

Sep 24, 2025 at 02:34 PM
|

අගමැති ෂර්මා ඔලිට ඉල්ලා අස්වීමට බල කළ නේපාලයේ මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන්, නොසන්සුන්තාව පිටුපස දේශීය දුක්ගැනවිලි හෝ බාහිර බලපෑම් තිබේද යන්න පිළිබඳව මේ වන විට විවාදයක් ඇති වී තිබේ. බීජිංහි දිගුකාලීන සගයෙකු වන ඔලි, චීනයේ පැවැති ඉහළ පෙළේ රාජ්‍ය සංචාරයකින් ආපසු පැමිණි විගසම වාගේ කත්මන්දු නුවර වීදි විරෝධතා වලින් පුපුරා ගොස් තිබුණි. නේපාලයේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණය සහ විරැකියාව පිළිබඳ කලකිරීම් මගින් නේපාල යෞවනයන්ගේ ක්ෂණික කෝපය ඇවිස්සී තිබුණි. හිමාලයානු ජනරජය තුළ චීනයේ වර්ධනය වන භූමිකාව දුර්වල කිරීම ද කැරලිවල අරමුණ වූවාද යන්න බොහෝ දෙනෙක් දැන් ප්‍රශ්න කරති.

නේපාලය යනු ගොඩබිම් වටවූ රාජ්‍යයකි.ඒ අනුව නේපාලය යෝධයන් දෙදෙනෙකු වන ඉන්දියාව සහ චීනය අතර අවිනිශ්චිතභාවයේ ගිලී පවතින රාජ්‍යකි. නේපාලය රටක් ලෙස මධ්‍යස්ථ ප්‍රමාණයේ භූමියකට හිමිකම් කීවද  භූ දේශපාලනිකව ඉහළ වැදගත්කමක් උසුලන රටකි. භූගෝලීය පිහිටීම නේපාලයට එහි ජනගහනය හෝ ආර්ථිකය සලකා ලෝක දේශපාලන්යේ අවධානය දිනාගන්නවාට වඩා බොහෝ ඉහළ අගයක උපායමාර්ගික බරක් ලබා දෙනු ලැබේ. හිමාල කඳු පන්තිය මායිමේ නේපාලයේ පිහිටීම හේතුවෙන් නවදිල්ලිය සහ බීජිං පාලන තන්ත්‍රයන් දෙකටම සැලකිය යුතු වටිනාකමක් ඇති අවරෝධක රාජ්‍යයක් බවට පත් කර තිබේ. චීනය සම්බන්ධයෙන් ගත් කළ, නේපාලය චීනයට දකුණු ආසියාවට ප්‍රවේශ වීමට ගොඩබිම් මාර්ගයක් සපයයි. චිනයේ සංවේදී ටිබෙට් ස්වාධීන කලාපය අසල පිහිටා ඇති නේපාලය ජල කළමනාකරණය, ජල විදුලිය සහ සම්බන්ධතාවයේ හවුල්කරුවෙකි. දශක ගණනාවක් තිස්සේ  කත්මන්දු සමඟ සබඳතා ගොඩනඟා ගැනීම සඳහා බීජිනය ස්ථාවරව ආයෝජනය කර ඇත්තේ මන්ද සහ චීනයේ බල කොරිඩෝවල එහි අස්ථාවරත්වය නොසන්සුන් ලෙස සලකන්නේ මන්දැයි මෙම සාධක පැහැදිලි කරයි.

නේපාලය සහ චීනය 1955 දී නිල සබඳතා ආරම්භ කරනු ලැබූවේ 1954 දී චීනය සහ ඉන්දියාව අතර අත්සන් කළ ගිවිසුමක භාවිතා කරන ලද සාමකාමී සහජීවනයේ මූලධර්ම පහ මත පදනම්වය. ඉන් වසර පහකට පසුව, චීනය සමඟ මායිම් ගිවිසුමක් අත්සන් කළ පළමු අසල්වැසි රට බවට නේපාලය පත්විය. සහයෝගීතාවයේ මුල් වසරවල සංයුක්ත ප්‍රතිඵල දක්නට ලැබුණි, විශේෂයෙන් 1960 ගණන්වල අරනිකෝ අධිවේගී මාර්ගය ඉදිකිරීම කැපී පෙනුනු අතර එය කත්මන්දු ටිබෙට් ස්වයං පාලිත කලාපය  සමඟ දේශසීමාවට සම්බන්ධ කළේය.

කාලයත් සමඟ චීනය නේපාල ආර්ථිකයේ සිය භූමිකාව ක්‍රමයෙන් පුළුල් කළේය. මෑත දශක කිහිපය තුළ, ඉන්දියාවෙන් පසු, බීජිනය නේපාලයේ දෙවන විශාලතම වෙළඳ හවුල්කරුවා ලෙස මතු වී තිබේ. චීන වරායන් වෙත නේපාලයට ප්‍රවේශය ලබා දුන් 2016 සංක්‍රමණ ගිවිසුම, විශේෂයෙන් වැදගත් වූයේ එය කත්මණ්ඩුවේ ඉන්දියාව මත යැපීම අඩු කළ බැවිනි. ඊළඟ වසරේදී, නේපාලය චීනයේ තීර්යක් මාවතක් මුල පිරීම (BRI) සමඟ එක් වූයේ, බීජිං හි සම්බන්ධතා ව්‍යාපෘති තුළ අනාගත සංවර්ධනයට අවතීර්ණ වීමේ අභිප්‍රාය පෙන්නුම් කළේය. 2019 දී, දෙරටෙහි සබඳතා උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා ඉහළ නැංවීය. කෝවිඩ් වසංගතය එහි ප්‍රගතිය මන්දගාමී කළද, විශේෂයෙන් ෂර්මා ඔලිගේ නායකත්වය යටතේ, වසර ගණනාවකට පසු එම ගම්‍යතාව නැවත පැමිණියේය.

සබඳතා ගැඹුරු වීම 2024 දෙසැම්බර් මාසයේදී ඔලිගේ චීන රාජ්‍ය සංචාරයේදී අවසන් අදියරට ළඟා විය. පසුව, නේපාල නායකයා ටියැන්ජින් හි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සහභාගී වූ අතර බීජිං හි ජයග්‍රාහී දින හමුදා පෙළපාළිය නැරඹීය. සංචාරය තුළ තිබූ සංකේත සැලකීමේදී සම්බන්ධතාවය කෙතරම් දුරට පැමිණ ඇත්ද යන්න අවධාරණය කරන ලදී. කෙසේ වෙතත්, දින කිහිපයකට පසු, ඔලි නිවසේදීම වටලෑමට ලක් වූ අතර, විරෝධතා කත්මන්දු නගරය පුරා පැතිර ගිය අතර අවසානයේ සැප්තැම්බර් 9 වන දින ඔහුට ඉල්ලා අස්වීමට බල කෙරුනි. මෙම සිද්ධිදාමය අහඹු ලෙස මාඕ සේතුං සමරුව සනිටුහන් කළ දිනය තුළම සිදුවීම විශේෂත්වයකි.

රටවල් දෙකටම ඇති අවදානම තේරුම් ගැනීමට, නේපාලය චීනයෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද සහ බීජිං කත්මන්දුවෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න සොයා බැලීම අවශ්‍ය වේ. නේපාලයේ අවශ්‍යතා පැහැදිලිය. රටේ නායකයින් බොහෝ විට දරිද්‍රතාවය අඩු කිරීම සහ ආර්ථික නවීකරණය සඳහා චීනයේ අසාමාන්‍ය ජයග්‍රහණ අනුකරණය කිරීමට ආදර්ශයක් ලෙස උපුටා දක්වයි. නේපාලය තම සමාජය පරිවර්තනය කිරීම සඳහා චීන තාක්ෂණය, ආයෝජන සහ අත්දැකීම් භාවිතා කිරීමට අපේක්ෂා කරයි. ඒ අනුව යටිතල පහසුකම් ප්‍රමුඛතාවය උසුලයි. මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන්තොටුපළ සහ විදුලි සම්ප්‍රේෂණ මාර්ග ඒ අතර වැදගත් තැනක් ගනී. ප්‍රවාහනයෙන් ඔබ්බට, නේපාලය විදුලි සංදේශ, විශේෂ ආර්ථික කලාප, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ සංචාරක ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව චීනයෙන් අපේක්ෂා කරයි. ප්‍රමුඛතම කාර්යය වන්නේ 2022 දී එකඟ වූ ට්‍රාන්ස්-හිමාලයානු බහු-මාන සම්බන්ධතා ජාලය වන අතර එය 2026 වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන ශක්‍යතා අධ්‍යයනයකි. එය සාක්ෂාත් කර ගන්නේ නම්, එය නේපාලය චීනයේ සංවර්ධන උපාය මාර්ගයට සහ පුළුල් තීරයක් සහ මාවතක් මුල පිරීමේ කොරිඩෝවලට වඩාත් සමීපව සම්බන්ධ කළ හැකිය.

චීනයේ දෘෂ්ටිකෝණයෙන් බැලූ විට නේපාලය ප්‍රායෝගික සහ උපායමාර්ගික ප්‍රතිලාභ දෙකෙන්ම ප්‍රයෝජනවත් බව තක්සේරු කර තිබේ. දේශපාලනිකව, නේපාලය එක්-චීන මූලධර්මයට නිරන්තරයෙන් අනුගත වීම සහ ටිබෙට් ස්වයං පාලිත කලාපය හා සම්බන්ධ බීජිං විරෝධී ක්‍රියාකාරකම් සීමා කිරීමට ඉතා ඉහළ වටිනා කමක් දක්වනු ලබයි. ආර්ථික වශයෙන්, නේපාලයේ ජල විදුලිය සහ ගංගා පද්ධති කලාපීය වශයෙන් විශේෂයෙන් දේශසීමා ජල කළමනාකරණයේ සන්දර්භය තුළ ඉහළ වැදගත්කමක් දරයි. උපායමාර්ගිකව, නේපාලය ඉන්දියාව හෝ බටහිර බලවතුන් දෙසට නැඹුරු වනවාට වඩා ස්ථාවර, මධ්‍යස්ථ සහ නොබැඳි රාජ්‍යයක් ලෙස සිටින නේපාලයකට හෙවත් ස්වාරක්ෂක රාජ්‍යයකට  චීනය කැමැත්ත පවතී. එහෙත් ගැටළු ආරම්භ වන්නේ මෙහිදීය.

නේපාලයේ දේශපාලන අස්ථාවරත්වය දිගුකාලීන ගැටලුවකි. 1990 දශකයේ සිට, නේපාල ඉතිහාසය කැලඹීම් වලින් සලකුණු වී ඇත. 1996 සිට 2006 දක්වා කොමියුනිස්ට් කැරලිකරුවන් සහ රාජකීයයන් අතර පැවැති දස වසරක සිවිල් යුද්ධය නේපාල ඉතිහාසයට ගැඹුරු කැළැල් ඇති කළේය. අවසානයේ රාජාණ්ඩුව අහෝසි කරන ලද නමුත්, නැවත නැවතත් දේශපාලන අර්බුද ඇති විය. ජනවාර්ගික ගැටුම්, 2015 දී විනාශකාරී භූමිකම්පාව සහ අඛණ්ඩ පාලන අසාර්ථකත්වයන් යන සියල්ලම නේපාලයේ බිඳෙනසුලු දේශපාලන පරිසරයකට දායක වී ඇත. නිතිපතා ආණ්ඩු  නැගී ඒමත් වැටීමත් අතර, සභාග දේශපාලනය බොහෝ විට තීරණ ගැනීම අඩාල කරනු ලැබුවේය. බීජිං සඳහා, එවැනි අස්ථාවරත්වය දිගුකාලීන ව්‍යාපෘති සඳහා බාධාවක් පමණක් නොව, නොසන්සුන්තාව දේශසීමා කලාප දක්වා පැතිර ගියහොත් චීනයේ ආරක්ෂවට තර්ජනයක් පවා ඇති විය හැකිය.

පසුගිය දිනවල ඇති වූ විරෝධතා තරුණ පරම්පරාවන් අතර ව්‍යාප්තව තිබෙන පුළුල් අතෘප්තිය මගින් අවුලුවන ලද්දකි. නේපාලයේ "Gen Z කැරැල්ල" දූෂණය, ඥාති සංග්‍රහය, අයුක්තිය සහ ඉහළ විරැකියාව හේතුවෙන් අවුලුවා ලන ලද කෝපය පිට කිරීමකි. නේපාල කොමියුනිස්ට් පක්ෂය (එක්සත් මාක්ස්-ලෙනින්වාදී), නේපාල කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී මධ්‍යස්ථානය) සහ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී නේපාල කොංග්‍රසය යන පක්ෂ තුනක පුද්ගලයින් කිහිප දෙනෙකු අතේ නේපාල දේශපාලන බලය සංකේන්ද්‍රණය වී ඇත. තරුණ නේපාල ජාතිකයින්ට නව නායකත්වයක් හෝ අවස්ථාවන් සඳහා ඇති ඉඩකඩ අඩු බව පෙනෙන්නට තිබෙන අතර, ඔවුන්ගේ කලකිරීම් වීදිවලට ​​ගලා ගියේය. මෙවැනි දුක්ගැනවිලි ප්‍රධාන වශයෙන් දේශීය මුහුණු වරක් ගත්තද, භූ දේශපාලනය අනිවාර්යයෙන්ම කතාව වර්ණවත් කළේය. එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර තානාපති කාර්යාල කිහිපයක් විරෝධතාකරුවන්ට අනුකම්පාව පළ කරමින් ඉක්මනින්ම ප්‍රකාශ නිකුත් කළහ. කත්මණ්ඩු කේන්ද්‍ර කරගත් දේශපාලන විචාරකයින් තර්ක කරන්නේ, අන්තර්ජාතික ජාලවලට බැඳී ඇති දේශීය "කොම්පදොරු ධනේශ්වරයක්" ඇතුළු බාහිර ක්‍රියාකාරීන් නොසන්සුන්තාව දිරිගැන්වීමේදී විශාල භූමිකාවක් ඉටු කළ බවයි.

විරෝධතා සෘජු චීන විරෝධී ව්‍යාපාරයක් ලෙස රාමු කිරීම සරල වනු ඇත. බොහෝ විරෝධතාකරුවන් විරෝධතා දැක්වූයේ ඔලිගේ බීජිං ගැති දිශානතියට එරෙහිව නොව, ඔහු නියෝජනය කළ මුල් බැසගත් දේශපාලන ක්‍රමයට එරෙහිව ය. කෙසේ වෙතත්, බීජිං පරිපාලනය සමඟ ශක්තිමත් සබඳතා නැවත තහවුරු කරගත් නායකයෙකු නොසන්සුන්තා හේතුවෙන් හටගත් කැරැල්ලකින් නෙරපා හැරීම ස්වාභාවිකවම චීනය තුළ සහ එහි යුරේසියානු හවුල්කරුවන් අතර සැකයන් මතු කරයි. මියන්මාරයේ සිවිල් යුද්ධයේ සිට ඉන්දු-පකිස්ථාන ගැටුම, බංග්ලාදේශයේ ආතතීන් සහ ඇෆ්ගනිස්ථානයේ අනපේක්ෂිත බව දක්වා කලාපයේ අස්ථාවරත්වයේ පුළුල් රටාව සැලකිල්ලට ගෙන විග්‍රහ කර ගතහොත්, දේශීය අර්බුද තම උපායමාර්ගික ස්ථානය දුර්වල කිරීම සඳහා කොතරම් පහසුවෙන් උපයෝගී කර ගත හැකිදැයි චීනය හොඳින් දනී.

ඔලිගේ ඉල්ලා අස්වීමෙන් පසු, 2026 මාර්තු මාසයේ හදිසි මැතිවරණයක් දක්වා නේපාලය පාලනය කරන අන්තර්කාලීන අගමැතිනි සුෂිලා කාර්කි පත් කිරීම සම්බන්ධයෙන් බීජිනය ප්‍රවේශමෙන් නමුත් ධනාත්මකව ප්‍රතිචාර දක්වා තිබේ. චීනය කාර්කිට සුබ පැතූ අතර විවිධ ක්ෂේත්‍ර හරහා සහයෝගීතාව දිගටම කරගෙන යාමට සූදානම ප්‍රකාශ කළේය. නායකත්ව වෙනස නේපාල-චීන සබඳතා මූලික වශයෙන් වෙනස් කිරීමට අපහසු බවට කරන නිගමනයට බොහෝ විශ්ලේෂකයින් එකඟ වේ. දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින ආයෝජන සහ ව්‍යාපෘති ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත් දකුණු ආසියාවේ චීනයේ උපායමාර්ගික සැලසුම් සංකීර්ණ කරන නේපාලයේ නිදන්ගත අස්ථාවරත්වය විශාල සැලකිල්ලක් දක්වයි.

බීජිනයට, නේපාලයේ ස්ථාවරත්වය යනු හුදු ආයෝජන ආරක්ෂා කිරීම පමණක් නොවේ. චීනය එහි හිමාලයානු දේශසීමාව ආරක්ෂිතව පවතින බවත් කත්මන්දු  පාලනය බටහිර හෝ ඉන්දියානු බලපෑමට තීරණාත්මක ලෙස නැඹුරු නොවන බවත් සහතික කිරීමකි. සමතුලිතතාවය ආරක්ෂා කිරීම පරිස්සමින් මැදහත් වියයුතු කාරණයකි. භූගෝලීය සමීපත්වය සහ දිගුකාලීන වෙළඳ ගිවිසුම් හේතුවෙන් නේපාලයේ බාහිර වෙළඳාම තවමත් ඉන්දියාව විසින් අතිමහත් ලෙස ආධිපත්‍යය දරනු ලබයි. ඉන්දියාව නේපාලයේ ඉහළම වෙළඳ හවුල්කරුවා සහ ආයෝජන ප්‍රභවය ලෙස තම ස්ථාවරත්වය රැකගෙන සිටියි. ඊට වෙනස්ව, චීනය සමඟ වෙළඳ කොරිඩෝ වේගයෙන් ඉදිරියට යන්නේ වුවද, ඌන සංවර්ධිත බවක් පෙන්වයි. පසුගිය වසරවලදී නේපාලය චීනය සමඟ කරනු ලබන අපනයනය සහ ආනයන ඉහළ ගොස් තිබේ. නව දේශසීමා ස්ථාන සහ සෘජු ගුවන් ගමන් සම්බන්ධතාවය වැඩි දියුණු කර තිබේ. නේපාලයේ ඊනියා "චීන ණය උගුලක්" පිළිබඳව අනතුරු ඇඟවීමක් කරන විචාරකයින්ගේ දත්ත නොසලකා හරිනු ලබති. 2024 වන විට, නේපාලයේ බාහිර ණයවලින් සියයට 2.82 ක් පමණක් චීනයට අත්පත් කරගෙන සිටි අතර නේපාලය ඉන්දියාවට හෝ ජපානයට ගෙවිය යුතු ණය සමඟ සැසඳීමේදී එම අගය කුඩා කොටසකි.

නේපාල-චීන හවුල්කාරිත්වයේ විභවය සැලකිය යුතු ලෙස තවමත් පවතී. එහෙත් අවදානම ඒහා සමානව පවතී. චීනය සඳහා, නේපාලය අවස්ථාව සහ අවදානම යන කාරනා දෙකම නියෝජනය කරනු ලබයි. බීජිංහි සම්බන්ධතාවය සහ සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙන යා හැකි සහයෝගීතාවයෙන් බාහිර මැදිහත්වීම් සඳහා දොරටු විවර කළ හැකි අසල්වැසියෙකි, නමුත් බිඳෙනසුලු බව මුසුව ඇති දේශපාලන දේහය බාහිර මැදිහත්වීම් සඳහා ද දොරටු විවර කළ හැකිය.

කත්මන්දු හි මෑත කාලීන නොසන්සුන්තාව, හිමාල කඳුකර රාජ්‍යයේ දේශීය අතෘප්තිය, භූ දේශපාලනික එදිරිවාදිකම් සහ ඓතිහාසික අස්ථාවරත්වය එකිනෙකට බැඳී ඇති ආකාරය මතක් කරනු ලබන දර්ශකයක් ලෙස සේවය කරයි. දැනට, නේපාලය නොබැඳි පිළිවෙත සඳහා එහි කැපවීම ප්‍රකාශ කරන අතර ඉන්දියාව සහ චීනය සමඟ සබඳතා සමතුලිත කිරීමට උත්සාහ කරමින් සිටියි. තම නොසන්සුන් තරුණයින්ගේ ඉල්ලීම් සපුරාලමින් සහ බාහිර බලපෑම්වලින් වැළකී සිටිමින් මෙම සමතුලිතතාවය පවත්වා ගත හැකිද යන්න එහි අනාගතය පමණක් නොව දකුණු ආසියාවේ ස්ථාවරත්වය ද හැඩගස්වනු ඇත.

There’s been a revolution next door to China. Should Beijing worry?


සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.
ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
විශ්වාසභංග යෝජනාවෙන් අධිකරණ ඇමතිවරයාව බේරා ගැනීමට කටයුතු කළද එයින් කිසිදු යහපත් ප්‍රතිඵලයක් හෝ වැඩක් සිදු නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.
පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් පහක් පසුගිය 2024 වසරේ හිඟ බදු ලෙස රුපියල් මිලියන 2,891ක් ගෙවිය යුතුව ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය. මෙලෙස ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණයෙන් මිලියන 2,723ක් එකතු කළ අගය මත බද්ද (VAT) වන අතර මිලියන 168ක් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.