News Category
From Date
To Date
Maximum Number of Result

‘අපි ශ්‍රී ලංකා ජාතික සංවිධාන’යේ, කැඳවුම්කරු එච්. එම්. ප්‍රියන්ත හේරත් මහතා විසිනන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරමින් ඉල්ලා ඇත්තේ නොවැම්බර් මස 14 වනදා පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයි තීන්දුවක් ලබාදෙන ලෙසයි. පෙත්සම්කරු විසින් වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා නම් කර ඇත.

රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා තමා වෙත ලැබුනු පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන වාර්තා එළිදැක්වීමත් සමග ඔහුව අත්අඩංගුවට ගන්නා බවට ආණ්ඩුවේ ඇමැතිවරු විසින් තර්ජනය කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

ඉන්දියාව එක්සත් ජනපදයට ඉතා වැදගත් ඛනිජ පිළිබඳ හවුල්කාරිත්ව ගිවිසුමක් යෝජනා කර ඇති අතර, එය දේශීය විද්‍යුත් වාහන (EV) නිෂ්පාදකයින්ට එක්සත් ජනපද වෙළඳපොලේ ප්‍රතිලාභ ලබා ගැනීමට උපකාරී වන පුළුල් නිදහස් වෙළඳ ගිවිසුමකට තුඩු දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඉකොනොමික් ටයිම්ස් පුවත් පත ඊයේ(20) ලිපියක් පල කරමින් පවසා සිටියේය.

වර්තමාන ජනාධිපතිතුමා බලය ලබා ගැනීමට ආසන්නතම වර්ෂ තුනෙහි එනම් 2021, 2022 සහ 2023 සමයේ සිය නිල ෆේස්බුක් ගිණුමෙහි පළකළ සියල්ල බලයට පත්ව මාසයක් ඇතුළත මකා දමා ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ.

පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිය පක්ෂ මූලස්ථානය විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

වසර දෙකකට වැඩි කාලයක් පොටෑෂ් පොහොර ටොන් 55,000ක් සමඟ රීගා බොක්කෙහි නැංගුරම් ලා තිබූ MV Asian Majesty නමැති සමුද්‍ර යාත්‍රාව අවසානයේ ලැට්වියානු මුහුදු සීමාවෙන් පිටත්ව සති 3-4ක් ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඡන්ද ඉලක්ක කරමින් 2024/9/2 දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ අමාත්‍ය මණ්ඩලය මගින් සම්මත කර ගැසට් කරන ලද "උඩරට ප්‍රඥප්තිය" (upcountry charter) ඉතා නරක පූර්වාදර්ශයක් බව ජාතික සංවිධාන චෝදනා කරයි.

දීර්ඝ කාලීනව බෙදුම්වාදී බලවේගවල න්‍යායාචාර්යවරයකු වන ජෙහාන් පෙරේරා මහතා පුවත්පතකට ලිපියක් සපයමින් ජාතික ජන බලවේගය ආණ්ඩුවට සුළුතරයක් ඡන්ද ලැබූ ප්‍රදේශවල ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා උපදෙස් මාලාවක් ලබාදී ඇත.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.