කියුබානු පීඩිත ජනයා වෙත කියුබානු විප්ලවයේ ජයග්‍රාහී අරුනළු රැගෙන විත් වසර 66ක්... ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ සුබ පැතුම්
කියුබාවේ ආඥාදායක බැටිස්ටාගේ පාලනය අවසන් කර කියුබානු පීඩිත ජනයා වෙත කියුබානු විප්ලවයේ ජයග්‍රාහී අරුනළු රැගෙන විත් වසර 66ක් සපිරෙන මේ මොහොතේදී ඊට සුබ පැතුම් එක් කරන බව ශ්‍රී ලංකා බොලිවේරියානු සහයෝගිතාවය පවසයි. බොලිවේරියානු සහයෝගිතාවයේ සම්බන්ධිකරණ ලේකම් ජීවන්ත ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව කියුබානු ජනාධිපති මිගුඑල් ඩයස්-කානෙල් මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔවුන් වැඩි දුරටත් පවසන්නේ. කියුබානු විප්ලවය සමස්ත අධිරාජ්‍ය විරෝධී ලෝක ජනයාගේ උරුමයක් බවත් කියුබානු විප්ලවය ආරක්ෂා කිරීමට පෙරට පැමිණෙන සමස්ත අධිරාජ්‍ය විරෝධී ලෝක ජනයා සමඟ ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ සාමාජිකත්වයද අත්වැල් බැඳ ගන්නා බවයි.
එම ලිපියේ සිංහල පරිවර්ථනය පහතින් බලන්න.
ගරු ජනාධිපති තුමා,
මිගුඑල් ඩයස්-කානෙල් මැතිතුමා,
කියුබානු සමූහාණ්ඩුව,
හවානා,
කියුබාව.
ගරු ජනාධිපති තුමනි,
66 වන කියුබානු නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ සුභ පැතුම්
අදින් වසර 72කට පෙර එනම් 1953 වර්ෂයේ ජූලි 26 වන දින
අමෙරිකානු මුව විටේ පිහිටි ලෝකය එතරම් නොදන්නා කියුබාව නම් පුංචි දූපතේ දේශප්‍රේමි
තරුණයන්ට නායකත්වය දෙමින් ෆිදෙල් කස්ත්‍රෝ නැමැති අසාහය විප්ලවවාදියා අසාර්ථක
සන්නද්ධ අරගලයක නිරත විය.
අසාර්ථකවය තුළ වන
සාර්ථක වීමට අවශ්‍ය අත්දැකීම් පෙරදැරි කරගෙන ෆිදෙල් නැවත වතාවක් සන්නද්ධ අරගලයක
නිරත වෙමින් 1959 ජනවාරි 1 දා කියුබාවේ ආඥාදායක බැටිස්ටාගේ පාලනය අවසන් කර
කියුබානු පීඩිත ජනයා වෙත කියුබානු විප්ලවයේ ජයග්‍රාහී අරුනළු රැගෙන ආවේය.
එතැන් පටන් කියුබානු
විප්ලවය ආපසු හැරවීමට අමෙරිකානු අධිරාජ්‍යවාදියා නොගත් උත්සායක් නැති තරම්ය.
අමෙරිකානු අධිරාජ්‍යවාදියාගේ කියුබානු විප්ලවය ආපසු හැරවීමට ගත් විවිධ උත්සාහයන්
අතර අසාහය කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝගේ
ජීවිතය බිලි ගැනීමට 637 වතාවක්
උත්සහා කළේය. ඒ අනුව ලෝක ඉතිහාසයේ
වැඩිම මර උගුල් සංඛ්‍යාවකින් සිය නායකයා බේරාගත් රට බවට කියුබාව පත් වී ඇතැයි
පැවසීම අවිවාදිතය.
කෙසේ වුවද වත්මන්
කියුබානුවෝ මේ වන විට පෙර කෙදිනක හෝ නොවු විරූ අධිරාජ්‍යවාදී පීඩනයකට ලක්ව
සිටින්නාහ. දින ගණනක් සමස්ථ කියුබාව පුරාම විදුලිය නොමැති තත්වයකට පත් කිරීමට
අමෙරිකානු සම්බාධක සමත් වී තිබුණි.
එහෙත් පසුගියදා
කියුබාවේ අගනුවර වන හවානා නුවරට එක් රැස්වූ මිලියන ගණනක කියුබානුවෝ කියුබානු
විප්ලවය අධිරාජ්‍යවාදීන්ගේ කෙනෙහිලිකම් වලින් ආපසු හැරවිය නොහැකි බව ලෝක ජනයා
හමුවේ තහවුරු කළෝය.
වසර 66ක් වයසැති සමාජවාදී කියුබාව සමස්ත කියුබානු වැසියන් එක
සිතින් පිළිගෙන ඇති බව පෙන්වන එම සාක්ෂිය අපගේද ධෛර්ය වඩවන බව අවධාරණය කරමු.
ඒ අනුව ගරු ජනාධිපති තුමනි, කියුබානු විප්ලවය සමස්ත අධිරාජ්‍ය විරෝධී ලෝක ජනයාගේ උරුමයක් බව අපි අවධාරණය කරමු. එලෙසම කියුබානු විප්ලවය ආරක්ෂා කිරීමට පෙරට පැමිණෙන සමස්ත අධිරාජ්‍ය විරෝධී ලෝක ජනයා සමඟ ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ සාමාජිකත්වයද අත්වැල් බැඳ ගන්නා බව අවධාරණය කරමු.
කියුබානු විප්ලවය දිනේවා.
ස්තුතියි,
ජීවන්ත ජයතිස්ස,
සම්බන්ධීකරණ ලේකම්,
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..