ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය අපරාධය ගල් අඟුරු වංචාවයි.. - පාඨලී චම්පික
ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ බරපතළම සහ දැවැන්තම මූල්‍ය වංචාව මෙරටට බාල ගල්අඟුරු ආනයනය කිරීම බවත්, ඒ හරහා රටට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 18කට ආසන්න බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ පසුගිය ඔක්තෝබර් 07 වන දින පාර්ලිමේන්තුවේ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ කාරක සභාවට අදාළ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද නිල වාර්තාවක් මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි.
බාල ගල්අඟුරු ගෙන ඒම නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මුලදී එය පිළිනොගත් නමුත්, දැන් අමාත්‍යාංශ වාර්තාවෙන්ම ඒ බව තහවුරු කර ඇති බව රණවක මහතා සඳහන් කළේය.
ඒ අනුව ගුණාත්මක භාවයෙන් අඩු ගල්අඟුරු විශාල ප්‍රමාණයක් දහනය කිරීමට සිදුවීම නිසා පමණක් රුපියල් බිලියන 7ක පමණ පාඩුවක් සිදුව තිබේ. එමෙන්ම අළු ඉවත් කිරීමේ ගැටලු නිසා රුපියල් මිලියන 80ක පමණ පාඩුවක් සහ නඩත්තු කටයුතු වෙනුවෙන් තවත් රුපියල් මිලියන 13ක් වැය වී ඇත.
මීට අමතරව, බලශක්ති උත්පාදනය අඩාල වීම හේතුවෙන් විදුලි සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට වෙනත් බාහිර ප්‍රභවයන්ගෙන් විදුලිය ලබා ගැනීමට සිදුවීම නිසා වැය වූ මුදල රුපියල් බිලියන 8,572ක් වන අතර, එම පාඩුව පමණක් රුපියල් බිලියන 15.7ක් වේ. තවද, ගල්අඟුරු නැව් පැමිණීම ප්‍රමාද වීම නිසා තවත් රුපියල් බිලියන 2.284ක පාඩුවක් වාර්තා වී ඇත.
මෙම සමස්ත ක්‍රියාවලිය හේතුවෙන් සිදුව ඇති සමස්ත මූල්‍ය පාඩුව රුපියල් බිලියන 17,965ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් බිලියන 18ක් පමණ වන බවත්, ලංකා ඉතිහාසයේ ලියැවෙන බරපතළම හා අතිශය නින්දිත වංචාව ලෙස ඉතිහාසයට එක්වන බවත් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..