
වැඩ බලන පොලිස්පතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිස් කොමිසමෙන් නිවේදනයක්
වැඩ බලන පොලිස්පතිවරයා විසින් පසුගිය දා (22) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අදහස් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 උ(1) (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව පොලිස්පතිවරයා හැර පොලිස් නිලධාරීන්ගේ පත්කිරීමේ, උසස් කිරීමේ, ස්ථාන මාරු කිරීමේ ඔවුන් විෂයෙහි විනය පාලනය කිරීමේ සහ ඔවුන් සේවයෙන් පහ කිරීමේ බලය ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැවරී ඇති අතර, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය කිරීම හා සේවයෙන් පහ කිරීම පිළිබඳ ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල, පොලිස්පතිවරයා විමසා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුත්තේය යනුවෙනුයි එහි සඳහන් කර ඇත්තේ.
එමෙන්ම එකී බලතල එනම්, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය කිරීම හා සේවයෙන් පහ කිරීම පිළිබඳ ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම සෑමවිටම පොලිස්පතිවරයා විමසා සිදු කරනු ලබන බවයි එහි සඳහන් කර තිබෙන්නේ.
තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 එ (1) ව්‍යවස්ථාවට අනුව යම් කාණ්ඩයකට අයත් පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, ඔවුන් විෂයෙහි විනය පාලනය කිරීම සහ සේවයෙන් පහ කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නිශ්චිතව දක්වනු ලැබිය හැකි කොන්දේසිවලට සහ කාර්යය පටිපාටිවලට යටත්ව පොලිස්පතිවරයා වෙත හෝ පොලිස්පතිවරයා වීමසා යම් පොලිස් නිලධාරියෙකු වෙත ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පවරනු ලැබිය හැක්කේය යනුවෙන් ද එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
