මුදල් විශූද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ පනත් සංශෝධනය කිරීම දෙමළ ඩයස්පෝරාවේ උවමනාව මත සිදුකිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. පසුගිය (7) වැනිදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව පැවසීය. ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා පැවසුවේ දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය මේ සංශෝධනයට ආණ්ඩුව පය තැබුවොත් එය මර උගුලකට පය තැබීමක් බවයි. තව දුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා මෙසේද පැවසීය.
2025 ජනවාරි 2 වැනි දා රෑ 9:36 ට ඉන්දියාවේ ගෞතම් අදානිගේ NDTV වෙබ් අඩවියේ මහ භයානක, ඇඟ හරිවැටෙන ප්‍රවෘත්තියක් පළවුණා. නිකිල් පාණ්ඩේ කියන ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති සංස්කරකයා ලියපු ඒ ප්‍රවෘත්තියෙන් කියැවුණේ කෝවිඩ් වසංගතයෙන් අවුරුදු පහකට පස්සේ පුපුරලා ගිය අලුත් වයිරසයකින් චීනයේ රෝහල් පිරී ඉතිරී ගොස් ඇති බවක් සහ ආදාහනාගාර කාර්යබහුල වී ඇති බවක්. ඊට පහුව දා (ජනවාරි 3 වැනි දා) ඉඳලා මේ භයානක ප්‍රවෘත්තිය අපේ සිරිලංකාවේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය එක විදිහට පළ කරන්න පටන්ගත්තා. අපේ ගෙවල්වල මිනිස්සු, යාළුවෝ කලබල වෙලා මට කතා කළා.
2024 /25 මාස් කන්නයේ වී සඳහා සාධරණ සහතික මිලක් පිළිබඳ ගොවිජන යෝජනාවලිය මෙම මස 10 වෙනිදා කෘෂිකර්ම ඇමතිවරයාට බාරදෙන බව ජාතික ගොවිජන එකමුතුු පවසයි. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ වී වගා කරන සියලු මහා වාරිමාර්ග හා මහවැලි කලාප ගොවිජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් වී ඇතුළු කෘෂි නිෂ්පාදන මිල නියාමන කමිටුව මගින් මෙකී යෝජනාවලිය සකස් කරනු ලබන බවයි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
1988/1989 සමයේදී මේ රටේ 60000කගේ ජීවිත පරිත්‍යාග නොකරන්නට රට බෙදී වෙන්වී අවුරුදු 30කට වැඩි බව ආචාර්ය අතුල සුමතිපාල මහතා පවසයි. මෙයට වසර 5කට පමණ පෙර අන්තර්ජාල නාලිකාවක් හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් මගින් ඔහු මෙම කරුණු අනාවරණය කර ඇති අතර ඔහුගේ කාලීන වැදගත්කම සලකා එය පළ කිරීමට තීරණය කළෙමු.
ශ්‍රී ලංකාව ‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ අඛණ්ඩව අනුගමනය කිරීමට අදාළව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ප්‍රධාන පුවත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)