
වැඩි කල් යන්නට මත්තෙන් ශ්‍රී ලංකාවේ දසවැනි විධායක ජනාධිපතිවරයා එජාපයෙන් බිහිවේවි - වජිරගෙන් ඉඟියක්
ශ්‍රී ලංකාවේ දසවැනි විධායක ජනාධිපතිවරයා වැඩි කල් නොගොස් එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවනු ඇතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය.
“එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ එක ආසනයක් පමණක් හිමි නිසා එය දුර්වලයි කියා බොහෝ දෙනා සිතනවා. පක්ෂයට 2020 දී ද සභාවේ තනි ආසනයක් ඉතිරි වුණ මොහොත මතකයි නේද? එදා මොකදවුණේ . එජාපය තවමත් බලවත්. වැඩි කල් යන්නට මත්තෙන් ශ්‍රී ලංකාවේ දසවැනි විධායක ජනාධිපතිවරයා එජාපයෙන් බිහි වේවි” යැයි සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති නව සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකදී අබේවරධන මහතා පැවසීය.
“මේ වසරේ දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට ඇද වැටෙනු ඇතැයි ” ඔහු මෙහිදී පැවසීය.
“වත්මන් රජය අවුරුදු 77ක පාලනයක් ගැන කතා කරනවා. වසර 77 පුරාවට රට පාලනය කළ අදාළ රජයන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ස්ථාවරව තබා ගැනීමට සමත් වුණා. ලුණු පැකට් එකක් රුපියල් 280යි, පොල් ගෙඩියක් අද රුපියල් 290යි. කෙසේ වෙතත් පසුගිය වසර 77 තුළ මෙම භාණ්ඩවල මිල මේ තරම් ඉහළ මට්ටමක පැවතියේ නැහැ.
විනාඩි කිහිපයක් පමණක් කතා කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකලාපය වසර අවසාන වනවිට දැනගත හැකි වනු ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
