වැඩි කල් යන්නට මත්තෙන් ශ්‍රී ලංකාවේ දසවැනි විධායක ජනාධිපතිවරයා එජාපයෙන් බිහිවේවි - වජිරගෙන් ඉඟියක්
ශ්‍රී ලංකාවේ දසවැනි විධායක ජනාධිපතිවරයා වැඩි කල් නොගොස් එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවනු ඇතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය.
“එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ එක ආසනයක් පමණක් හිමි නිසා එය දුර්වලයි කියා බොහෝ දෙනා සිතනවා. පක්ෂයට 2020 දී ද සභාවේ තනි ආසනයක් ඉතිරි වුණ මොහොත මතකයි නේද? එදා මොකදවුණේ . එජාපය තවමත් බලවත්. වැඩි කල් යන්නට මත්තෙන් ශ්‍රී ලංකාවේ දසවැනි විධායක ජනාධිපතිවරයා එජාපයෙන් බිහි වේවි” යැයි සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති නව සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකදී අබේවරධන මහතා පැවසීය.
“මේ වසරේ දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට ඇද වැටෙනු ඇතැයි ” ඔහු මෙහිදී පැවසීය.
“වත්මන් රජය අවුරුදු 77ක පාලනයක් ගැන කතා කරනවා. වසර 77 පුරාවට රට පාලනය කළ අදාළ රජයන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ස්ථාවරව තබා ගැනීමට සමත් වුණා. ලුණු පැකට් එකක් රුපියල් 280යි, පොල් ගෙඩියක් අද රුපියල් 290යි. කෙසේ වෙතත් පසුගිය වසර 77 තුළ මෙම භාණ්ඩවල මිල මේ තරම් ඉහළ මට්ටමක පැවතියේ නැහැ.
විනාඩි කිහිපයක් පමණක් කතා කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකලාපය වසර අවසාන වනවිට දැනගත හැකි වනු ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර