
මැදින් පුර පසළොස්වක පොහොය අදයි
ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය දෙමව්පියන්ට ගෞරව කිරීම සැලකීම කියා දෙන උතුම් වූ පුන් පොහෝ දිනයකි. බෝසත් චරිතයෙන් සහ බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි දෙමව්පියන්ට සැලකීම.
දෙමව්පියන්ට උපස්ථාන කිරීම, අඹු දරුවන්ට සැලකීම, යහපතෙහි යෙදීම උතුම් මංගල කාරණයක් බව බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දේශනා කර තිබේ.
බුද්ධත්වයට පත්වීමෙන් පසුව සිය පියාට සංග්‍රහ කිරීම සඳහා බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීම සිදු වන්නේ අදවන් මැදින් පුර පසළොස්වක පොහෝ දිනකය.
බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්ම වුණ දවසේ සිට සුද්ධෝදන රජතුමා තමන්ට සිටි එකම පුත්‍ර රත්නය ගිහි ගෙය අතහැර යෑම පිළිබඳව මහත් අසහනයකින් දුකකින් සිටියහ. සිදුහත් කුමාරයා ගිහි ගෙය හැරගිය දවසේ සිට ඔහු පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා. ඉන්පසු බුද්ධත්වයට පත්වීමෙන් පසුව සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට මහත් ආසාවෙන් සිටි නිසා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවාගෙන එන ලෙස පණිවිඩකරුවන් පිටත් කර හැරියා. එහිදී බුදුන් වහන්සේ බැහැ දැක බණ අසා එම පිරිස් ද පැවිදි දිවියට පත්වුණා.
අවසානයේ කාළුදායි ඇමැතිවරයා දහසක් පිරිවර සමග බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරවා ගෙන එන ලෙස සුද්ධෝදන රජතුමන් දැනුම් දුන්නා. එහිදී බුදුන් වහන්සේ බැහැ දැකීමට ගිය කාලුදායි ඇමැතිවරයා ඇතුළු පිරිස ද එහිදී බණ අසා මාර්ගඵල අවබෝධය ලබා පැවිදි දිවියට පත් වුණා. පසුව නිසිකල් පැමිණි පසු බුදුරජාණන් වහන්සේ විසි දහසකට අධික භික්ෂූන් වහන්සේලා පෙරටු කරගනිමින් සිය පියා හමුවීම සඳහා කිඹුල්වත් නුවරට වැඩම කළහ. බුද්ධත්වයට පත්වීමෙන් පසුව සිය පියාට සංග්‍රහ කිරීම සඳහා මෙහිදී කිඹුල්වත් නුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම ද මේ අනුව මැදින් පුර පසළොස්වක පොහෝ දින සිදුවීම ද සුවිශේෂි වේ.
දෙමාපියන්ගේ වටිනාකම දන්නා බුදුරජාණන් වහන්සේ ඒ අනුව සිය පියා හමුවීම සඳහා කිඹුල්වත් නුවරට වැඩම කළහ. එහිදි සුද්ධෝදන රජතුමන් බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වූහ. එහිදී බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි පිරිසට ධර්මය දේශනා සිදු කළහ. මෙහිදී ගිහියකු වූ සුද්ධෝදන රජතුමා බණ ඇසීමෙන් පසුව සකෘදාගාමි මාර්ගඵල අවබෝධයට පත්වනවා. එතැන් සිට සුද්ධෝදන රජතුමා රාජකීය සුඛවිහරණ අත්හැර ඉතා සරල අල්පේච්ඡ දිවියක් ගත කළ බවද ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.
මානය අධික ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ දමා ඔවුන්ට සසරින් එතෙරවීමට මග පෙන්වා දුන් දිනයක් ලෙස ද මැදින් පුර පසළොස්වක පොහෝ දින හැඳින්විය හැකිය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
