10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්විය. ඒ අද (17) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුවය. නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර සභා නායක බිමල් රත්නායක විසින් විසින් එය ස්ථීර කරනු ලැබීය. 10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත්වූ අශෝක රංවල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කථානායක ධුරය පුරප්පාඩුව තිබුණි. මේ අතර සමගි ජන බලවේගයෙන්ද කථානායකවරයෙකු ඉදිරිපත් කරන බවට එම පක්ෂය ප්‍රකාශ කර තිබුණි. නමුත් අද පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී කථානායකවරයෙකු සඳහා නමක් යෝජනා නොකිරීමට ඔවුන් පියවර ගත්තේය.
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් ඉදිකිරීමටත් ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව විදුලි සම්ප්‍රේෂණ ජාලයන් මගින් සම්බන්ධ කිරීමටත්, දෙරට අතර වන එක්ටා ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමන්ග සාකච්ඡා කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
ඉල්ලා අස්වූ කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රබලයන් අතර මත ගැටුම් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබේ.
ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනයේ කන්කසන්තුරේ (KKS) අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවා ලබන ජනවාරි මාසයේදී නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම සේවාව පසුගිය නොවැම්බර් 7 වැනිදා අත්හිටුවන ලදී.‘සුබම්’ බෝට්ටු සේවයේ ආයෝජක පොන්නුසාමි සුන්දර්රාජ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මගීන්ට විවිධ පහසුකම් සලසමින් මෙම තොටුපළ සතියේ දින හයක් ක්‍රියාත්මක වන බවයි.
අභිනවයෙන් පත්වූ ජනාධිපති හමුවේ දිග හැරෙන බෙදුම්වාදී මාර්ග සිතියම හෙවත් රට මුහුණ දෙන අනතුර හමුවේ කුමක් කළ යුතුද යන වග හෙළිදරව් කරමින් එළි දක්වන මහජන සංදේශය සම්මුතියක් ලෙස අත්සන් තැබීම සියළුම ජාතික සංවිධාන වල සහභාගිත්වයෙන් හෙට(17) පෙරවරු 09:00ට පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේදී සිදු කිරීමට කටයුතු යොදා ඇති බව සංවිධායකයෝ පවසති.
ප්‍රධාන පුවත්
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්