News Category
From Date
To Date
Maximum Number of Result

චීන පකිස්ථාන විදේශ අමාත්‍යවරු බීජිංහිදී හමුවෙති

May 21, 2025 at 12:19 PM
|

"දැඩි සමීප මිතුරෙකු ලෙස, චීනය මෙතෙක් කටයුතු කළ ආකාරයටම ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා පකිස්ථානයට දැඩි ලෙස සහාය ලබා දෙන අතරම පකිස්ථානයේ ජාතික තත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් ගවේෂණය කර ගැනීමේ කටයුත්තටද චීනයේ සහාය පකිස්ථානයට හිමිවෙනවා. ත්‍රස්තවාදයට එරෙහිව අධිෂ්ඨානශීලීව කරන සටනේදී  සහ ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවලදී විශාල කාර්යභාරය ඉටු කිරීමට චීනයේ සහාය පකිස්ථානයට ලැබෙනවා." චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, ඊයේ(20) බීජිංහිදී පකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය මොහොමඩ් ඉෂාක් ඩාර් හමුවූ අවස්ථාවේදී පැවසීය.

මැයි 19 සිට 21 දක්වා සංචාරයක් සඳහා ඉෂාක් ඩාර් මහතා චීනයට පැමිණ සිටී. ඉෂාක් ඩාර්ගේ සංචාරයේ මූලික අරමුණ චීනය සහ පකිස්ථානය අතර පවතින දැඩි සම්බන්ධතාවය යාවත්කාලීන කිරීම මෙන්ම චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝවේ (CPEC) ගුණාත්මක සහ ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම බව චීන විශේෂඥයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළහ. ඉන්දියාව සහ පකිස්ථානය අතර  ආතතීන් තීව්‍ර වී සුළු කලකට පසු පාකිස්තාන විදේශ ඇමතිවරයාගේ සංචාරය යෙදී තිබුණු බැවින්, උද්ගතව තිබෙන තත්ත්වය පිළිබඳව චීන පාර්ශවයට ඩාර් කළ දැනුම්දීම උපායමාර්ගික සන්නිවේදනය තවදුරටත් වැඩිදියුණු කරනු ඇති බව දෙපාර්ශවයම සඳහන් කළහ.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය නිකුත් කරන ලද නිවේදනයකට අනුව, චීනය සහ පකිස්ථානය ඔවුන්ගේ සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කර ගැනීම, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ අභියෝග ඒකාබද්ධව විසඳීම සම්බන්ධයෙන් සමීප උපායමාර්ගික සන්නිවේදනයක් පවත්වා ගෙන යන බව වැන්ග් ප්‍රකාශ කර තිබේ.

පකිස්ථානය සහ චීනය අතර සහෝදර සබඳතා අගය කරන බවත්, එක් චීනයක් යන මූලධර්මය දැඩි ලෙස පිළිපදින බවත්, එහි ජාතික අවශ්‍යතා සහ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා චීනයට සහාය වන බවත් ඩාර් පැවසීය. පකිස්ථානයේ වෙසෙන චීන ජනයා, චීන ව්‍යාපෘති සහ ආයතනවල ආරක්ෂාව සහතික කිරීමට පකිස්ථානය සෑම උත්සාහයක්ම ගන්නා බවත් ඩාර් පැවසීය.

පකිස්ථානය සහ ඉන්දියාව සටන් විරාමයකට එකඟ වීමෙන් පසු නවතම වර්ධනයන් පිළිබඳව ද ඩාර් විස්තර කළ අතර, යුක්තිය ආරක්ෂා කිරීම සහ සටන් විරාමයක් සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා නොනවතින උත්සාහයන් සහ සැලකිය යුතු දායකත්වයක් ලබා දීම වෙනුවෙන් චීන පාර්ශවයට කෘතඥතාව පළ කළේය. ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට පකිස්ථාන පාර්ශවය දැඩි ලෙස කැපවී සිටින අතරම, තත්වය සමනය කිරීම සඳහා ඉන්දීය පාර්ශවය සමඟ සංවාදයක් පවත්වා ගැනීමට ද කැමැත්තෙන් සිටින බවද වාර්තාවේ.

චීනය ඉන්දියාව සහ පකිස්ථානය සංවාදය හරහා ඔවුන්ගේ වෙනස්කම් වලට නිසි ලෙස ආමන්ත්‍රණය කිරීම, පුළුල් හා කල් පවතින සටන් විරාමයක් අත්කර ගැනීම සහ මූලික විසඳුම් සෙවීම සඳහා සහයෝගය දක්වයි. මෙය දෙපාර්ශ්වයේම මූලික හා දිගුකාලීන අවශ්‍යතා සමඟ සමපාත වන අතර කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා ප්‍රයෝජනවත් වන අතර ජාත්‍යන්තර ප්‍රජාව සාමාන්‍යයෙන් අපේක්ෂා කරන්නේ එය බව වැන්ග් යී පැවසීය.

ඊයේ(20) පෙරවරුවේදී, චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලියු ජියැන්චාඕ, ඩාර් හමුවිය. පකිස්ථාන විදේශ අමාත්‍යාංශයේ නිවේදනයට අනුව, පකිස්ථානයේ දේශපාලන පක්ෂ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර සබඳතා ගැඹුරු කිරීමට දෙපාර්ශවයම එකඟ විය. "සියලු තත්වයන්හිදී උපායමාර්ගික සහයෝගීතා සහකරු" සහ "නොසැලෙන මිතුරා" ලෙස, චීනය පකිස්ථානය සමඟ එහි සබඳතාවලට ප්‍රමුඛත්වය දීම දිගටම කරගෙන යන බව ලියු නැවත අවධාරණය කළ බව පකිස්ථාන මාධ්‍ය ආයතනයක් වන "ඩෝන්" වෙබ් අඩවිය වාර්තා කළේය.

චීනය සහ පකිස්ථානය අතර නොසැලෙන සම්බන්ධතාවය යාවත්කාලීන කිරීම ඩාර්ගේ සංචාරයේ මූලික අරමුණ බව සිංහුවා විශ්ව විද්‍යාලයේ ජාතික උපායමාර්ගික ආයතනයේ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්වාන් ෆෙන්ග් ඊයේ(20) ග්ලෝබල් ටයිම්ස් වෙත පැවසීය. ඉන්දියාව සහ පකිස්ථානය අතර උත්සන්න වූ ආතතීන්ගෙන් ටික කලකට පසු සංචාරය යෙදී තිබෙන බැවින්, ඩාර් පකිස්තානයේ වත්මන් තත්ත්වය පිළිබඳව චීන පාර්ශවයට දැනුම් දීමට සහ සාමාන්‍ය උපායමාර්ගික සන්නිවේදනය වැඩි දියුණු කිරීමට ද ඉඩ ඇති බව කියාන් සඳහන් කළේය.

ඉන්දියා-පකිස්තාන ගැටුම අතරතුර සහ ඉන් පසුව, චීනය දෙපාර්ශ්වය සමඟම සමීප සන්නිවේදනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, දෙපාර්ශ්වයම චීනයේ වැදගත් අසල්වැසියන් බවට චීනයේ ස්ථාවරය පිළිබිඹු කරන අතර, ගැටුම් අවම කිරීම කලාපීය සාමය සහ ස්ථාවරත්වයේ හොඳම අවශ්‍යතා සඳහා සේවය කරන බව කියාන් පැවසීය.

ප්‍රධාන සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස CPEC, රටේ සමාජ ආර්ථික සංවර්ධනයට බෙහෙවින් දායක වනු ඇති නමුත් ව්‍යාපෘතිය තවමත් ත්‍රස්තවාදයේ තර්ජනය වැනි විවිධ අවදානම් වලට මුහුණ දෙයි. මෙම තර්ජන තුරන් කිරීම පාකිස්තානයට හදිසි ගැටළුවක් බවට පත්ව ඇත. CPEC සංවර්ධනය සඳහා සහයෝගය ලබා දීමට සහ ස්ථාවර සහ හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට චීනය බලාපොරොත්තු වන බව ෂැංහයි ජාත්‍යන්තර අධ්‍යයන ආයතනවල දකුණු ආසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලියු සොන්ගි ග්ලෝබල් ටයිම්ස් වෙත පැවසීය.

Chinese FM meets with Pakistani deputy PM in Beijing

සම්බන්ධිත පුවත් | Related News

30 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය දක්වන්නේ ද යන්න පිළිබඳ තීරණය අද (29) ගැනීමට නියමිත බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ ප්‍රමාණය හා එහි නඩත්තු වියදම් සම්බන්ධයෙන් විවාදාත්මක අදහසක් පළ කර තිබේ.
යාපනය ප්‍රදේශයේ පසුගියදා පැවති මහවිරු සැමරුම් සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථන් සිය අදහස් පළ කර තිබේ.
අමාත්‍යාංශ නිල නිවාස ලබා නොගන්නා බවට ප්‍රකාශ කළ අමාත්‍යවරුන් දස දෙනෙකු මේ වන විට නිල නිවාස ලබාගෙන සිටින බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.
හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.
ජාතික ජන බලවේග රජය බලයට පත්වූ පසු රාජ්‍ය සේවකයින්ට උද්ධමනයට සාපේක්ෂව වැටුප් ගැලපීමක් සිදුකර නොමැති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.
ඊයේ (නොවැම්බර් 27) දිනට යෙදී තිබූ මහවිරු දිනයට සමගාමීව පැවති සැමරුම් උත්සවයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන අන්දමේ වේදිකා නාට්‍යයක් රඟ දක්වා ඇති අතර, ඊට අදාළ වීඩියෝ කොටස් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.