ඡන්දෙට කළින් 'රණවිරුවා'.. ඡන්දෙන් පසු 'වීරෝදාර සොල්දාදුවා' වූ හැටි.. (වීඩියෝ)
මැතිවරණයට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යුද්ධයේ දී දිවිපිදූ රණවිරුවන්, ආබාධිත වූ රණවිරුවන්, අතුරුදන් වූ රණවිරුවන් ලෙසින් රණවිරුවන්ට ගෞරවය ලබාදෙමින් සිදුකළ කතාවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
එහෙත් ජාතික රණවිරු සැමරුමේ දී ජනාධිපතිවරයා රණවිරුවන් යැයි යෙදුම වෙනුවට සොල්දාදුවන් යැයි ඔවුන් ආමන්ත්‍රණය කරන අයුරු දැකගත හැකිවූ අතර, මේ සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනක දී අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ රටවෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්ට වීරෝධාර සොල්දාදුවා ලෙස ආමන්ත්‍රණය කරන බවයි.
මේ අතර සියලු දෙනා විරුවන් කර විකුණං කන දේශපාලන ව්‍යාපෘතිය කරන පිරිස කලබල වී ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි පවසයි.
ඔහු පවසන්නේ “මේගොල්ලන්ගේ තියෙනවා හැම කෙනාම විරුවා කරන දේශපාලනයක්. රණ විරුවා. සුව විරුවා. රට විරුවා. මේ ඒගොල්ලන්ගේ විකුණං කන ප්‍රොජෙක්ට් එක. විරුවා විකුණලා දේශපාලන කරන මේ ප්‍රොජෙක්ට් එක ඇතුළේ කලබල වෙන එක බොහොම සාධාරණයි.
එක සීටීබී රියදුරු මහත්තයෙක් බස් එකේ බ්‍රේක් නැතිව ගිහින් කන්දේ හප්පලා එයාගේ ජීවිතේ නැති වුණා. නමුත් ජනතාවගේ ජීවිත බේර ගත්තා. දැන් මොකද කියන්නේ. මොකක්ද දාන විරුවා. ඔහුත් වීරෝදා වෘත්තිකයෙක්. රියදුරු මහත්තයෙක්.” යනුවෙනි.
කෙසේ වෙතත් එහිදී ඉල්මහ විරුවන් කියන්නේ කවුද ඒත් විකුණං කෑමක්දැයි සෙසු පාර්ශවයන් ඇසූ ප‍්‍රශ්ණයට මන්ත‍්‍රීවරයා උත්තර නොදී නෑසුනා සේ සිටිනු අයුරුද දැකගත හැකි විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..