News Category
From Date
To Date
Maximum Number of Result

ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සුවිශේෂී ම පහතරට වැසි වනාන්තරය වන කොට්ටව – කෝඹල සංරක්ෂිත වනාන්තරයේ ඉඩම් ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු විසින් ගාල්ල දිසා වන නිලධාරී හා පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර යන අයට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රක්ෂිත ඉඩම් බෙදා ගැනීමේ සැලැසුමක් ක්‍රියාත්මක වේ.

වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කිසිදු ගොවියකු මෙතෙක් වී ලබා දී නැතැයි වී ගබඩා පාලකයෝ පවසති.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී එළැඹෙන අප්‍රේල් මාසයේදී මෙරට සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග වාර්තා කරනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක ගිය වසරේදී ඉන්දියාවේදී සිදුකළ සංචාරයේදී ඉන්දීය අගමැතිවරයාට මෙරටට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබුණා. එම ආරාධනාව පිළිගනිමින් එරට ජනාධිපතිවරයා මෙරටට පැමිණෙනු ඇති බවයා ඉන්දියානු පුවත් වාර්තා කර ඇත්තේ.

රටේ තියෙන සංකීර්ණ තත්ත්වයත් සමග කැබිනට් එක අඩුම තිහක්වත් විය යුතු බවත්, එවැනි කැබිනට් එකක් නියෝජනය කරන අයට වරප්‍රසාද දුන්නා දිය යුතු බවත් ඔවුන්ට වරාප්‍රසාද දුන්නා කියා රට කඩා නොවැටෙන බවත් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු මෙම අදහස් පවසා ඇත්තේ ජාතික පුවත පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින්

වත්මන් ආණ්ඩුව විසින් දළදා ප්‍රදර්ශනයක් අප්‍රේල් මස සිදු කිරීමට කටයුතු කර ඇති බවත්, එය ඉතාමත් හොද ක්‍රියාවක් බවත් මහානායක ස්වාමීන් වහන්සේලාද ඊට අනුකූලත්වය දක්වා ඇති බවත් බලංගොඩ කස්සප හිමියන් පවසයි. එහෙත් එය මේ අවස්ථාවේදී සිදුකිරීමට කටයුතු කරනු ලබන්නේ ආණ්ඩුවට ක්‍රමයෙන් අඩුවන ජනතා ප්‍රසාදය නැවත දිනාගෙන එළබෙන පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය අරමුණ සහිතවනම් එය පිළිකුල් සහගත ක්‍රියාවක් බවත් උන් වහන්සේ තම යූටියුබ් නාලිකාවට වීඩියෝපටයක් එක් කරමින් පවසා ඇත.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඇත.

මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාර්ගගත ආරක්ෂණ පනත ඇතුළු දැඩි නීති සංශෝධනය කරන ලෙසත්, උතුර හා නැගෙනහිර ප්‍රදේශවල නිරීක්ෂණ සහ බියගැන්වීම් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම(UNHRC) ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

ජාතික ජන බලවේගය විසින් මැතිවරණයට ඉදිරිපත් කර බහුතර ජනතා අනුමැතියක් ලබාගත් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව ලෙස පිළිගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.


ප්‍රධාන පුවත්

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.