අනුරගේ ඉන්දියානු ගැති රූකඩ පාලනය ඉන්දියාවත් එක්ක එකතුවී හදන ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ක්‍රියාවලියෙන් රටට වෙන දේ විමල් හෙළිකරයි..
අනුර දිසානායකගේ ඉන්දියානු ගැති රූකඩ පාලනය විසින් ඉන්දියාව මැදිහත් කරගෙන මෙරට ජනතාවට ලබා දෙන්නට සැරැසෙන ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත මෙරට සියලු ජනතාව වර්ජනය කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.
ඉන්දියාව මැදිහත් වන මෙම ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ක්‍රියාවලියෙන් රටට සිදුවන ප්‍රශ්න පිළිබඳව තමා සමඟ විවාදයකට එන ලෙස ආණ්ඩුවේ ප්‍රධානීන්ට අභියෝග කරන බවද විමල් වීරවංශ පැවැසීය. කොළඹ ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මහතා මේ බව පැවැසූ අතර ඔහු එහිදී මෙසේද කීය.
ඩිජිටල් අයිඩින්ටිය සෑදීමට මූලිකත්වය ගන්නේ යහපාලන ආණ්ඩුව සමයේයි. මොහන්දන් කනගසූරියම් කියල කෙනෙක් තමයි එදා අයි.සී.ටී. එකේ සභාපතිවරයා ලෙස සිටියේ. ඔහු හරහා මේ ක්‍රියාවලිය පණගැන්වුණා. රවි කරුණානායක එවක අමාත්‍යවරයා. මේ පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් පවා මීට අදාළව ගෙනාවා. මා ගාව ඒ සියලු ලිපි ලේඛන තිබෙනවා.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දුර්වල පාලකයෙක් කියලයි හඳුන්වන්නේ. නමුත් ඔහු මේ කැබිනට් පත්‍රිකාව පිළිබඳව ටිකක් ප්‍රමාද කරල ක්‍රියාත්මක කරමු කියලා කිව්වා. මෛත්‍රිපාල මහත්මයා දුර්වල පාලකයෙක් කියලා කිව්වත් මේ කැබිනට් පත්‍රිකාව පැත්තකට කළා.
ඊළඟට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අස්සන් කළ ගිවිසුමකදීත් මේ පිළිබඳ වගන්තියක් තිබ්බා. නමුත් ප්‍රායෝගිකව ඒක ක්‍රියාත්මක කළේ නැහැ. ඒ නිසා තමයි ඒක කාලවල රුපියල් බිලියන 5කට එහා ගිය මුදලක් මේ ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත හදන්නට වෙන් කරලා තිබෙන්නේ. ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත සෑදීමට හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව මීට අවශ්‍ය තාක්ෂණය නිර්මාණය කරගෙන අවසන්. එසේ තිබියදී තමයි මේ ආණ්ඩුව මේක මේ කරන්න හදන්නේ. නමුත් එදා අනුර දිසානායක මේ දේවල්වලට විරුද්ධවයි කතා කළේ. ඔහු දත්තවල වැදගත්කම කියනවා එදා. නමුත් ඒ අනුර දිසානායක දැන් අනිච්චාවත සංඛාරා වෙලා. දැන් ඉන්නේ වෙන භූතයෙක්.
හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව නෙවේ මේකට සම්පූර්ණ බලය දෙන්නේ කියල කියනවා. ඒක වැරැදියි. මේ ටෙන්ඩර් පත්‍රිකාවේ තිබෙනවා අවුරුදු තුනහමාරක් වෙනකම් සම්පූර්ණ එම පද්ධතියේ පාලනය ඉන්දියානු සමාගම සතුයි කියලා. ඊට පස්සේ තමයි හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවට මෙහි පාලනය දෙන්නේ.
ඊළඟට කියනවා මේ දත්ත තුන් වැනි පාර්ශ්වයකට අත්වුණොත් එහි වගකීම අදාළ සමාගමට එන්නේ සියයට දහයයි කියලා මේ ටෙන්ඩර් පත්‍රිකාවේ තිබෙනවා. එදා මට පාස්පෝට් පිළිබඳව යහපාලන ආණ්ඩු කාලේ නඩුවක් දැම්මා. මම ඒකෙන් මීගමුව උසාවියෙන් නිදොස් කොට නිදහස් කළා. මට මගේ දත්ත පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මෙතැන තියෙන්නේ රටේ මිනිසුන්ගේ දත්ත පිළිබඳ ප්‍රශ්නයක්. දැන් මේ ගැන මේ ආණ්ඩුවේ දොස්තර කැත හිතට නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපට ඒක ප්‍රශ්නයක්. දොස්තර කැත හිත තමන්ගේ නායකයා
කලින් කරපු කතාව ඇහුව නම් හරි. දැන් නම් ඒ නායකයා වෙනුවට භූතාත්මයක් ඉන්නේ. භූතාත්මයක් වෙන්න පෙර අනුර දිසානායක තෙමේ පාර්ලිමේන්තුවේ කළ කතාව අහන්න දොස්තර කැත හිත. ඒකයි අපි කියන්නේ. මෙරට දත්ත ඉන්දියාවට දීමට විරුද්ධව තමයි එදා අනුර කුමාර තෙමේ කතා කළේ. අවුරුදු තුනහමාරක් යනකම් මේ රටේ දත්ත පාලනය කරන්නේ ඉන්දියාව විසින්. අවුරුදු තුනහමාරකට පස්සෙත් හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවට මේකෙ භාරකාරත්වය දුන්නත් ඉන්දියාවට මෙහි පස්ස දොරකින් ඇතුල් වෙලා අවශ්‍ය නම් ඒ දත්ත පද්ධතියට ඇතුළත් වෙන්න පුළුවන්. එහෙම බෑ කියලා කවුරු හරි හිතනවා නම් ඔහු ගොන් මැට්ටෙක්.
ඉරානයට අවශ්‍ය මෘදුකාංග, දෘඪාංග සියල්ල දුන්නේ ඉන්දියාව. බලපුවහම ඉන්දියාව ඒ දීල තියෙන්නේ ඊශ්‍රායල් තාක්ෂණය. ඒ නිසා ඊශ්‍රායලය ඉන්දියාව මොනිටර් කළා. ඒ නිසා ඉරානයේ විද්‍යාඥයන් කොහෙද නිදියගන්නේ කියලා ඊශ්‍රායලය දැනගත්තා. ඒ අනුව ඊශ්‍රායලය ඉරානය ඇතුළටම ගිහිල්ලා ප්‍රහාර එල්ල කළා. මේ අපි දොර අරින්නෙත් ඒකට නෙවේද. ඉන්දියාව කියන්නේ විශ්වාස කටයුතු රාජ්‍යයක්ද? මේ කලාපයේ අභ්‍යන්තර ගැටලු විශාල ප්‍රමාණයක් ඇති කරන්න දායක වුණු රටක් ඉන්දියාව කියන්නේ.
ඉන්දියාව නිසා අපේ රටේ කොච්චර අභ්‍යන්තර ප්‍රශ්න ඇති වුණාද? විරුද්ධ පක්ෂෙ අය මේවා ගැන කට අරින්නෙ නැත්තෙ මුන්ගෙන් සල්ලි ගන්න හින්දයි. වතුකරයේ දේශපාලන පක්ෂ සියල්ල හසුරුවන්නේ ඔවුන්ට අවශ්‍ය විදිහටයි. එහෙම රටකට මේ රටේ දත්ත ඔක්කොම පූජා කරන එක දැන් සාධාරණය කළාම හරිද දොස්තර කැත හිත. මම එකඟ නැහැ මගේ ජීව දත්ත පිටරට සමාගමකට ලබා දීමට. ඒ නිසා අපේ රටේ ජනතාව මෙය පිළිගත යුතුයි කියලා. හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව ඒ වැඩේ කරනවා නම් ඒක අවුලක් නැහැ. නමුත් ඉන්දියාවට මේක ලබා දුන්නොත් මේ රටේ ජනතාව මේ ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත ලබා නොගත යුතුයි. ඉන්දියාවට මේ රටේ ජනතාවගේ ජීව දත්ත ලබා නොදිය යුතුයි.
දැන් කියනවා මේකට යන වියදමෙන් ඉන්දියාව අපිට භාගයක් ලබාදෙනවලු. ඒ දෙන්නේ ආදරේටද? දැන් මේකට රුපියල් බිලියන 5ක් වියදම් කරල ඉවරයි. මේකට තව ඕන්නම් එක බිලියනයක් යයි. ඊට වඩා යන්නැහැ. ඉතින් දොස්තර කැත හිත මේක සාධාරණය කරන්න යනවා. අපේ රෝහණ විජේවීර සහෝදරයා හිටියා නම් බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේදී ජීවිතයේ අවසන් හුස්ම හෙළන්නට සිදුවීම පිළිබඳව සතුටු වෙයි.
මේ ආණ්ඩුව ගිවිසුම් 7ක් ඉන්දියාව එක්ක අස්සන් කළා. ඒවා අදත් එළියට දෙන්නැහැ. එදා මෛත්‍රිපාල සිරිසේනට තිබ්බ කොන්දවත් මේ උන්දැලට නැහැ. මේ රටේ තිබුණු කිසිම ආණ්ඩුවක් නොකළ පාවාදීමක් මේ ආණ්ඩුව කරල තිබෙනවා. මේ කාරණයට විරුද්ධව අපි හැමෝම එකතු වෙන්න අවශ්‍යයි. අපේ ජීව දත්ත ඉන්දියානුවන්ට දීමට අපි විරුද්ධයි.
- ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්