News Category
From Date
To Date
Maximum Number of Result

දිවයින පුරා පසුගිය ඉරිදා (09) වැනිදා විදුලි බිඳ වැටීමට පැලවත්තේ පිහිට පද්දති පාලන මධ්‍යස්තානයේ සිටි ඉංජිනේරුවන් 03දෙනා එම අවස්ථාවේ සේවයේ නොසිටීම හේතුවෙන් බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (13දා) විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පැමිණිල්ලක් ඉදිරිපත් කර ති​​බේ.

අමෙරිකානු ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පත්වීමත් සමග USAID සංවිධානය සම්බන්ධයෙන් කථිකාවක් ආරම්භ වී ඇති බවත් මෙම සංවිධානයේ මුදල් වලින් රටවල් රැසක ආණ්ඩු පෙරළිම සදහා සහ ආණ්ඩු පත්කිරීම සදහා කටයුතු කර ඇති බවත් ලංකාවේද එම සංවිධානයෙන් මුදල් යොදාවා ඇති බවත් එහි මුදල් ලබාගත් නාමලේඛනවල රාජයේ උසස් තැනැත්තන් සිටින බැවින් ජනාධිපතිවරයා ‍ වහාම මැදිහත්වී මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් දෙවන පරපුරේ නායක උවිදු විජේවීර මහතා ප්‍රකාශ කරයි.

ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර ඇති බව වාර්තා වේ.

ජාතික සංවිධාන එකමුතුව විසින් ගරු විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාට ලිපියක් යොමු කරමින් USAID සංවිධානයේ රහසිගත මෙහෙයුම් හෙළිදරව් කරන ලෙස ඉල්ලා ඇත.

පසුගිය ගෝඨාභය ආණ්ඩුව මෙන්ම වර්තමාන මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා මහන්සි වූ නම සඳහන් කිරීමට අකමැති නීතිඥ මහතෙකු සඳහන් කරන්නේ ගෝඨාභය කාලයේදී සීනි හා පොල්තෙල් ආනයන බදු වංචාවලින් රුපියල් බිලියන 37ක් රටට අහිමි කළ ජාවාරම්කාර ආනයන සමාගම් විසින් එදා විපක්ෂයේ කට වැසූ ආකාරයට මෙදා ද එවැනිම ආකාරයට බහාලුම් මගඩිය පිළිබඳව විපක්ෂයේ කට වසා ඇති බවය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය තුළ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුව පළමු අවස්ථාව සඳහා සත්කාරක රටක් ලෙස සෞදි අරාබිය විය හැකි බවට නම් කර තිබේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා ලිඛිතව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන් ආර් කනසල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිවු දෙනෙකුට එරෙහිව පැමිණිල්ල අගෝස්තු 07 වැනි දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (13) නියම කළාය.

ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත්වීමට Adani Green Energy Ltd තීරණය කර තිබෙනවා. ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් මේ වන විට ලබාගෙන තිබියදීත් මෙතෙක් විසඳීමට නොහැකි වූ පාරිසරික නිෂ්කාෂණයන් සහ දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් උපුටා දක්වමින් මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ.


ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතා සතු ජාතික ආරක්ෂාවට අදාළ අතිශය රහසිගත බුද්ධි තොරතුරු සහ පරිගණක මුරපද (Passwords) ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටින බවත්, එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් බලධාරීන්ට ලබාදීම රට පාවාදුන් “මිලේනියම් සිටි” පාවාදීමටත් වඩා භයානක අපරාධයක් හා විනාශයක් රටට අත්පත්කර දීමක් බවත් ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි අක්කර 108ක ඉඩමක් කර්මාන්ත සහ බහාලුම් (container) ව්‍යාපෘතියක් සඳහා වසර 50කට බදු දීමට සහ ඒ සඳහා ආයෝජකයින් කැඳවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා රඳවා සිටියදී නිරුවත් කර පරීක්ෂාවකට ලක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිගත් බව සූරේෂ් සලේ මහතාගේ බිරිඳ, මනෝරි සලේ මහත්මිය පවසන්නීය.

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් ආයතනය 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම (Asia’s Greatest Brands 2026) අතරට තේරී පත්ව ඇති අතර, එහි නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයන් (Asia’s Greatest Leaders 2026) අතරට නම් කර ගෞරවයට පාත්‍ර කර ඇත.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..

හිටපු බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රහස් පොලිසිය (CID) මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් 2026 ජූනි 24 වන අඟහරුවාද පස්වරු 3.00 ට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරෙන ද්විපාර්ශ්වික වෙළඳ කටයුතුවලදී ඇමෙරිකානු ඩොලරය මත යැපීම අවම කර, දෙරටේ දේශීය මුදල් ඒකක වන රුපියල් භාවිතයෙන් සෘජුවම ගනුදෙනු පියවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව

උතුරු පළාතේ සිංහල ජනාවාසවල අවසන් සීමාව සනිටුහන් කරන පදවි ගොවි ජනපදයේ බෝගස්වැව ඇතුළු ගම්මාන රැසක බෞද්ධ ජනතාව ඉලක්ක කරගනිමින් ඉතා සූක්ෂම බෞද්ධහරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

වසවිලාන් හමුදා රෝහලේ ඉදිකිරීම් වහාම නවත්වනු! - වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභා සභාපති යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලියයි

යාපනයේ වාසවිලාන් ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නව යුද හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙස වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.