News Category
From Date
To Date
Maximum Number of Result

සියළු අනන්‍ය හර පද්ධතීන්ට එරෙහිව දියත් කළ අමෙරිකානු ගැඹුරු රාජ්‍ය ප්‍රහාරයේ සත්‍ය කථාව කියවා ගන්නට.. "USAID නිරුවත් වානරයාගේ කථා වස්තුව" බුද්ධිමය සම්මන්ත්‍රණය පෙබරවාරි 19 වන බදාදා දින සවස 3:00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අංක 3 ශාලාවේ දී පැවැත්වේ. ප්‍රධාන දේශන: මහාචාර්ය ටියුඩර් වීරසිංහ හා ජා.නි.පෙ නායක විමල් වීරවංශ මෙම අවස්ථාවට සපැමිණෙන ලෙස ඔබවහන්සේට / ඔබතුමාට / ඔබතුමියට ගෞරවයෙන් යුතුව ඇරයුම් කර සිටින්නෙමු. සංවිධානය:ජාතික අධ්‍යයන කේන්ද්‍රය විමසීම්: 0767283370

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.

ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ලෙස මේ වනවිට මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක සේවයේ නිරත පාතාලයට සම්බන්ධ සැකකරුවෙක් පොලිසියේ මාධ්‍ය සාකච්ඡා සහ මෙහෙයුම් ආවරණ කටයුතු සඳහා සම්බන්ධ නොකරන ලෙස පොලිසිය විසින් අදාළ මාධ්‍ය ආයතනයට දැනුම් දී ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

වැටුප් ව්‍යුහය සංශෝධනය කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට රජය යෝජනා කර තිබේ. ඒ අනුව රාජ්‍ය අංශයේ අවම මුලික වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා රු 15,750කින් වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මුලික වැටුපට ඒකාබද්ධ කරන අතර රු 8,250ක ශුද්ධ වැඩිවීමක් මුලික අවම වැටුපට අදාළ සිදුකිරීමට ද යෝජනා කර තිබේ.

2025 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ විය. ඒ ජනපති අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙනි.

ඉරිදා දහවල් සඳහා වඩාත් සුදුසු දිගු කියවීමකි.වැරදි ලෙස වටහා ගත්, වැරදි ලෙස අර්ථකථනය කළ, වැරදි ලෙස විකාශනය වූ සහ විශාල වැරැද්දක් කලාත්මක බලපත්‍රය හිතාමතාම අනිසි ලෙස භාවිතා කිරීම හරහා චරිත ඝාතනය පිළිබඳ පැහැදිලි උදාහරණයක්!

USAID සංවිධානය මගින් මෙරටට ලැබුණු ඩොලර් බිලියන 7.9 ක මුදල් සමරිසි ප්‍රවර්ධනය වෙනුවෙන් යොදා ඇති බවත්. මේ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගේ නමද එම මුදල් ලබාගත් නාම ලේඛනයන්හි පවතින බැවින් ඒ සම්බන්දයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් මෙම චෝදනාව ඉතා බරපතළ බවත් ජාතික කාන්තා ඒකමුතුවේ සභාපති හෂිනි සිල්වා මහත්මිය ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

අදානි සමාගම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීම වාසිදායක ආයෝජනයක් වෙනුවෙන් කරන නාට්‍යයක් බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා පැවසීය. අදානි සමාගම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීම පිළිබඳව ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීම සඳහා ජන අරගල සන්ධානය පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එහි ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා එසේ කීය.

2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


ප්‍රධාන පුවත්

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුනත් අපට තාම එන්නේ වැඩි මිලට ඕඩර් කළ ඒවා.. ඒ නිසා ඉන්ධන මිල අඩුකරන්න බැහැ - මුදල් නියෝජ්‍ය ඇමති

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබුණද, ශ්‍රී ලංකාව තවමත් පරිභෝජනය කරනු ලබන්නේ වැඩි මිලට මිලදී ගත් ඉන්ධන තොග බැවින් දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල වහාම අඩු කිරීමට රජයට දැනට හැකියාවක් නොමැති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතා සතු ජාතික ආරක්ෂාවට අදාළ අතිශය රහසිගත බුද්ධි තොරතුරු සහ පරිගණක මුරපද (Passwords) ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටින බවත්, එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් බලධාරීන්ට ලබාදීම රට පාවාදුන් “මිලේනියම් සිටි” පාවාදීමටත් වඩා භයානක අපරාධයක් හා විනාශයක් රටට අත්පත්කර දීමක් බවත් ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි අක්කර 108ක ඉඩමක් කර්මාන්ත සහ බහාලුම් (container) ව්‍යාපෘතියක් සඳහා වසර 50කට බදු දීමට සහ ඒ සඳහා ආයෝජකයින් කැඳවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා රඳවා සිටියදී නිරුවත් කර පරීක්ෂාවකට ලක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිගත් බව සූරේෂ් සලේ මහතාගේ බිරිඳ, මනෝරි සලේ මහත්මිය පවසන්නීය.

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් ආයතනය 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම (Asia’s Greatest Brands 2026) අතරට තේරී පත්ව ඇති අතර, එහි නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයන් (Asia’s Greatest Leaders 2026) අතරට නම් කර ගෞරවයට පාත්‍ර කර ඇත.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..

හිටපු බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රහස් පොලිසිය (CID) මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් 2026 ජූනි 24 වන අඟහරුවාද පස්වරු 3.00 ට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරෙන ද්විපාර්ශ්වික වෙළඳ කටයුතුවලදී ඇමෙරිකානු ඩොලරය මත යැපීම අවම කර, දෙරටේ දේශීය මුදල් ඒකක වන රුපියල් භාවිතයෙන් සෘජුවම ගනුදෙනු පියවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව

උතුරු පළාතේ සිංහල ජනාවාසවල අවසන් සීමාව සනිටුහන් කරන පදවි ගොවි ජනපදයේ බෝගස්වැව ඇතුළු ගම්මාන රැසක බෞද්ධ ජනතාව ඉලක්ක කරගනිමින් ඉතා සූක්ෂම බෞද්ධහරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.