News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකානු ආධිපත්‍ය ලෝකය පුරා පැතිරවීම සඳහා මුල් යුගයේදී CIA සංවිධානය යොදාගත් නමුත් වඩා දියුණු ලෙස ලෝක ප්‍රජාව ගොනාට අන්දමින් එම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාම සඳහා 1961 දී USAID සංවිධානය පිහිටු වූ බවත් ඉන්පසු එම ක්‍රියාවලිය වඩා ඉලක්ක සහගතව කිරීම සඳහා 1983 NED නැමති සංවිධානය සහ ඊට අනුබද්ධ සංවිධාන ජාලය පිහිට වූ බව ජාතික සංවිධානය එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ. ඒ, ඊයේ (21) රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේදී පොලීසිය සතු ගිනිඅවියක් උදුරා වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගිය අවස්ථාවේදීය. සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා තිබේ.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මාධ්‍යවල මන්ත්‍රී නිල නිවාසයක් වෙනුවෙන් මාසිකව තවම අය කෙරෙන්නේ රුපියල් දෙදහසක මුදලක් පමණක් බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

රට තුළ පවතින පාතාල කල්ලි ගැටුම් පාලනය පිළිබඳ සහ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙයි.

ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විය.

අද දහවල් කාලයේ මීගමුව ප්‍රදේශයේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමක් ව්‍යාර්ථ වී ඇත.

අය වැය මගින් යෝජිත වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අලුතින්ම මිලදී ගන්නා ත්‍රීරෝද රථයක මිල රුපියල් 1,995,000.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා කියා පතනව බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


ප්‍රධාන පුවත්

ලෝකයේ ලොකුම ජාවාරම දත්ත ජාවරම බව කී ජනාධිපතිත් මේ ජාවාරමට හවුල් වෙලාද ඉන්නේ? – පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ඉලක්ක කරමින් දැඩි ප්‍රශ්න කිරීමක් සිදු කර තිබේ.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුනත් අපට තාම එන්නේ වැඩි මිලට ඕඩර් කළ ඒවා.. ඒ නිසා ඉන්ධන මිල අඩුකරන්න බැහැ - මුදල් නියෝජ්‍ය ඇමති

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබුණද, ශ්‍රී ලංකාව තවමත් පරිභෝජනය කරනු ලබන්නේ වැඩි මිලට මිලදී ගත් ඉන්ධන තොග බැවින් දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල වහාම අඩු කිරීමට රජයට දැනට හැකියාවක් නොමැති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතා සතු ජාතික ආරක්ෂාවට අදාළ අතිශය රහසිගත බුද්ධි තොරතුරු සහ පරිගණක මුරපද (Passwords) ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටින බවත්, එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් බලධාරීන්ට ලබාදීම රට පාවාදුන් “මිලේනියම් සිටි” පාවාදීමටත් වඩා භයානක අපරාධයක් හා විනාශයක් රටට අත්පත්කර දීමක් බවත් ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි අක්කර 108ක ඉඩමක් කර්මාන්ත සහ බහාලුම් (container) ව්‍යාපෘතියක් සඳහා වසර 50කට බදු දීමට සහ ඒ සඳහා ආයෝජකයින් කැඳවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා රඳවා සිටියදී නිරුවත් කර පරීක්ෂාවකට ලක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිගත් බව සූරේෂ් සලේ මහතාගේ බිරිඳ, මනෝරි සලේ මහත්මිය පවසන්නීය.

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් ආයතනය 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම (Asia’s Greatest Brands 2026) අතරට තේරී පත්ව ඇති අතර, එහි නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයන් (Asia’s Greatest Leaders 2026) අතරට නම් කර ගෞරවයට පාත්‍ර කර ඇත.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..

හිටපු බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රහස් පොලිසිය (CID) මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් 2026 ජූනි 24 වන අඟහරුවාද පස්වරු 3.00 ට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරෙන ද්විපාර්ශ්වික වෙළඳ කටයුතුවලදී ඇමෙරිකානු ඩොලරය මත යැපීම අවම කර, දෙරටේ දේශීය මුදල් ඒකක වන රුපියල් භාවිතයෙන් සෘජුවම ගනුදෙනු පියවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.